SBS ගුවන් විදුලිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SBS ජාතික භාෂා තරගයේ 2019 තරගය ඊයේ (26/08) දිනයේ ආරම්භ විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
2019 SBS ජාතික භාෂා තරගය අගෝස්තු 26 දින සිට සැප්තැම්බර් 29 දින දක්වා පැවැත්වේ.

Source: SBS
SBS ජාතික භාෂා තරගය යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාව තුළ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවන් ඉගෙනගැනීම සඳහා දිරි ගැන්වීමට SBS ජාතික භාෂා තරගය සංවිධානය කර තිබේ.
මෙමගින් ඔස්ට්‍රේලියාවේ ඇති සංස්කෘතික, භාෂාමය සහ ජන වාර්ගික විවිධත්වය පෙන්නුම් කරයි.
ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින ඉංග්‍රීසි භාෂාව ඇතුළුව වෙනත් භාෂාවක් හෝ භාෂාවන් ඉගෙන ගන්නා හෝ කතා කරන සියලුම වයස් ඛාණ්ඩ වල පිරිස් හට SBS ජාතික භාෂා තරගයට ආරාධනා කරයි.
‘How does learning a language make a world of difference to you?’ යන්න ඔබට දැනෙන අයුරු චිත්‍රයකින් හෝ රචනාවකින් සටහන් කර SBS ගුවන් විදුලියට එවමින් ඔබට මේ සඳහා සහභාගී විය හැකිය.
SBS ජාතික භාෂා තරගය සංවිධානය කිරීමේ අරමුණ
ලොව ක්‍රියාත්මක බහු සංස්කෘතික සහ බහු භාෂා සන්නිවේදන ආයතන අතර SBS ගුවන් විදුලිය ප්‍රමුඛ ස්ථානයක් ගනී.
ඔස්ට්‍රේලියානුවාසියෙකු වීම පිළිබඳ ඇතිවන හැගීම මෙන්ම ඔස්ට්‍රේලියානුවාසියෙකු වීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ව උනන්දු කරවීම මේ හරහා උනන්දු කෙරේ.
සියලු ඔස්ට්‍රේලියානුවාසීන් අතර බහු සංස්කෘතිකත්වය පිළිබඳව පුළු අවබෝධයක් ඇති කරමින් භාෂාමය, සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් සමාජය තුළ ඇති විවිධත්වය සැමරීමක් මේ මගින් සිදුකෙරේ.
පැවැත්වෙන දින වකවානුව
2019 SBS ජාතික භාෂා තරගය ඊයේ (26/08) දිනයේ ආරම්භ වූ අතර එළඹෙන සැප්තැම්බර් 29 වන දින (සිකුරාදා) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට අවසන් වෙයි.

Source: SBS
සහභාගී විය හැක්කේ කා හටද?
ඉංග්‍රීසි භාෂාව ඇතුළුව වෙනත් භාෂාවක් හෝ භාෂාවන් ඉගෙනුම ලබන සියලුම ඔස්ට්‍රේලියානුවාසීන් හට මෙම තරගය විවෘතව පවතී.
ඇතුළ්වන තරගකරුවන් ඛාණ්ඩ 5 කට බෙදා ඇත.
A ඛාණ්ඩය : Junior Primary (වයස අවුරුදු 4 – 7)
B ඛාණ්ඩය : Primary (වයස අවුරුදු 8 – 12)
C ඛාණ්ඩය : Junior High School (වයස අවුරුදු 13 – 15)
D ඛාණ්ඩය : Senior High School (වයස අවුරුදු 16 – 18)
E ඛාණ්ඩය : විවෘත ඛාණ්ඩය (වයස අවුරුදු 18 ට වැඩි)
ඇතුළත් විය හැක්කේ කෙසේද?
මේ සඳහා ඇතුල් වීමට නම් ඇතුළත් වීමේ පෝරමයක් පුරවා යොමු කළ යුතුය.
විශේෂයෙන්ම ළමුන්ගේ ඇතුළත් වීමේ පෝරම යොමු කිරීමේදී ඔවුන්ට දෙමාපියන්, හාරකරුවන් හෝ ගුරුවරුන්ගේ සහය ලබාදෙන ලෙස SBS ගුවන් විදුලිය ඉල්ලයි.
වයස අවුරුදු 18 ට අඩු අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවෙකු කොන්දේසි සටහන කියවූ බවට අදාළ හිස් කොටුවේ “හරි සලකුණ” දමා ඇතුලත්වීමේ පෝරමය සම්පූර්ණ කළ යුතුය.
ඇතුළත් වීම එළඹෙන සැප්තැම්බර් 29 වන දින (සිකුරාදා) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට අවසන් වෙයි.
එක් අයදුම්කරුවෙකුට එක් අතුල්වීමක් පමණයි.
කණ්ඩායම් ලෙස වුවද ඇතුල් විය හැකිය.
ඇතුළත් වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
02. ඔබේ විස්තර සමග එහි ඇති පෝරමය පුරවන්න.
03. වයස අවුරුදු 4 - 7 අතර සහ 8 - 12 අතරේ පසුවන දරුවන් උපරිම වචන 30 ක සීමාවට ඇතුළත්ව සිරස්තලයක් (caption) සමග ඔවුන්ගේ චිත්‍රය upload කළ යුතුය. එම සිරස්තලය රචනා කළ යුත්තේ ඔබ SBS ජාතික භාෂා තරගයට ඇතුළත් වන භාෂාව යටතේය.
එමෙන්ම “How does learning a language make a world of difference to you?” යන ප්‍රශ්නයට ඉංග්‍රීසි භාෂාවෙන් ද ඔබේ පිළිතුර ඇතුළත් කළ යුතු වේ. ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කෙරෙන පිළිතුරේ ඇති වචන සංඛ්‍යාව වචන සීමාවට ඇතුළත් නොවේ.
04. වයස අවුරුදු 13 - 15,16 -18 සහ වයස අවුරුදු 18 ට වැඩි අයදුම්කරුවන් උපරිම වචන 100ක සීමාවට ඇතුළත්ව “How does learning a language make a world of differenceto you?” යන ප්‍රශ්නයට ලිඛිත පිළිතුර ඔබ තරගයට ඇතුළත් වන භාෂාවෙන් යොමු කළ යුතුය.
ඉංග්‍රීසි භාෂාවෙන් ද ඔබේ පිළිතුර ඇතුළත් කළ යුතු වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කෙරෙන පිළිතුරේ ඇති වචන සංඛ්‍යාව වචන සීමාවට ඇතුළත් නොවේ.
05. ඔබේ ඇතුළත් වීම Submit කරන්න.
ඔබ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ප්‍රජා භාෂා පාසලකට ඇතුළත් නම් ඔබේ භාෂා පාසල හරහා ඔබට මෙම තරගයට ඇතුළත් වීමට හැකිය. ඔබේ භාෂා පාසලේ ගුරුවන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර වැඩි විස්තර දැනගත හැකිය.

Source: SBS
Auslan සංඥා භාෂාව ඉගෙන ගන්නා අයටත් සහභාගී විය හැකියි
Auslan සංඥා භාෂාව ඇතුළු කුමන භාෂාවක් ඉගෙන ගන්නා ඕනෑම අයෙකු හට මෙය විවෘත වේ.
Auslan සංඥා භාෂාව හරහා ඔබේ ජීවිතය වෙනස් වන්නේ කෙසේද යන්නට නිර්මාණාත්මක පිළිතුරක් චිත්‍රයක් ලෙසින් හෝ රචනාවක් ලෙසින් ඉදිරිපත් කළ හැකිය.
ජයග්‍රාහකයින් හට හිමිවන්නේ මොනවාද?
සෑම ඛාණ්ඩයකින්ම ජයග්‍රාහකයෙකු බැගින් ජයග්‍රාහකයින් 5 දෙනෙකු තෝරා ගැනෙයි.
ඔවුන් සඳහා අඟල් 12.9 ක 128GB ක මතක ධාරිතාවක් ඇති iPad Pro ($1,757.90 ක වටිනාකමකින් යුක්තය) 5 ක් හිමි වේ.
එමෙන්ම wireless charging case එකක් සමග $320.00 ක් පමණ වටිනා Apple AirPods ද ඔවුන්ට හිමිවේ.
2019 නොවැම්බර් මස සිඩ්නි නුවර පිහිටි SBS මූලස්ථානයේ පැවැත්වෙන 2019 SBS ජාතික භාෂා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයට සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ආරාධනා කෙරේ.
මෙම තරගයෙන් ජයගන්නා කිසියම් ජයග්‍රාහකයෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත වාසය කරයි නම් ඔහුට හෝ ඇයට සහ එක් භාරකරුවෙකුට යාමට සහ ඒමට නොමිලයේ ගුවන් ටිකට් පත් ලබා දේ.
ඒ සඳහා සිඩ්නි නුවර එක් රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය නවාතැන් පහසුකම්ද ඇතුළත් වෙයි.
ඊට අමතරව තරගය පැවැත්වෙන කාලය තුළ සෑම සඳුදා දිනකම දිනුම් ඇදීමක් සිදු කෙරෙන අතර එහිදී $600.00 ක් පමණ වටිනා Apple Watch – Series 4 එකක් දිනාගැනීමට ද අවස්ථාව ලැබේ.
සෑම සතියකම ඉරිදා රාත්‍රී 11:59 තෙක් අයදුම්පත් යොමු කෙරෙන අයදුම්කරුවන් සඳුදා දිනයේ දිනුම් ඇදීමට සුදුසුකම් ලබන අතර ඔබ පළමු සතියේම ඇතුළත් වුවහොත් ඔබට සති 5 ක් පුරාවට පැවැත්වෙන දිනුම් ඇදීම් 5 කට සහභාගී විය හැකිය.

Source: Flickr
වැදගත් කරුණු
ඔබ SBS ජාතික භාෂා තරගයට ඇතුළත් වීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
ඇතුළත් වීමට පෙර ඔබ මෙම භාෂාව ඉගෙනීමට තීරණය කළේ ඇයි දැයි සිතන්න.
ඔබ ඉගෙන ගන්නා භාෂාවට ඔබ ඇලුම් කරන්නේ ඇයි දැයි සිතන්න.
භාෂාවක් ඉගෙනීමෙන් ඔබට නව අවස්ථාවන් සහ අත්දැකීම් වෙත විවෘත වීමක් සිදු වේද?
ඔබේ පිළිතුර නිර්මාණාත්මක කරගැනීම සඳහා හාස්‍යය මුසු කිරීම සහ වෙනස් කෝණයකින් බැලීම වඩා වැදගත්ය.
පෝරමයේ ඇති drop down box එක හරහා ඔබ ඇතුළත් වීමට බලාපොරොත්තුවන භාෂාව තෝරාගන්න.
පරිගණකය, ජංගම දුරකතනය හෝ iPad/tablet යන ඕනෑම මෙවලමක් භාවිතා කරමින් ඔබට මෙම තරගය සඳහා ඇතුළත් විය හැකිය.
ඔබේ සිරස්තලය ඉංග්‍රීසි නොවන භාෂාවකින් ඇත්නම් එහි ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත් කිරීමට අමතක නොකරන්න.
ඔබේ ඉංග්‍රීසි පරිවර්තනය හැකිතාක් නිවැරදිව ඉදිරිපත් කිරීමට වග බලාගන්න.
ඔබේ පෝරමය Submit කිරීමට පෙර පිරවිය යුතු සියලු කොටස් පුරවා ඇත්දැයි පරීක්ෂා කරන්න.

Source: Flickr
SBS ජාතික භාෂා තරගය විනිශ්චය කරන්නේ කෙසේද?
ජයග්‍රාහකයින් තෝරාගන්නේ ඔවුන්ගේ පිළිතුරු වල ඇති අද්විතීයභාවය සහ නිර්මාණාත්මක භාවය මතය.
A සහ B ඛාණ්ඩ වල තරගකරුවන්ගෙන් ජයග්‍රාහකයින් තෝරාගන්නේ ඔවුන්ගේ චිත්‍ර සහ ඒවායේ සිරස්තලය යන දෙකම එකට සලකා බලමිනි.
C, D සහ E ඛාණ්ඩ වල තරගකරුවන්ගෙන් ජයග්‍රාහකයින් තෝරාගන්නේ ඔවුන්ගේ රචනා පිළිබඳ සලකා බලමිනි.
චිත්‍රවල සිරස්තල ඔබේ භාෂාවෙන් ලියා එහි ඉංග්‍රීසි පරිවර්තනය ද ඇතුළත් කළ යුතුවේ.
තරග කොන්දේසි නොපිලිපදිමින් ඉදිරිපත් කරන හෝ යම් අයෙකුට හෝ පාර්ශවයකට අගෞරව කරන අයුරින් ඉදිරිපත් කරන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරේ.
ඒ සඳහා තරග කොන්දේසි පරීක්ෂාවෙන් කියවන්න.
ජයග්‍රාහකයින් නිවේදනය කරන්නේ කවදාද?
2019 SBS ජාතික භාෂා තරගයේ අදාළ ඛාණ්ඩ වල ජයග්‍රාහකයින් ට 2019 ඔක්තෝබර් මාසයේදී දුරකථන හෝ විද්‍යුත් ලිපින මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
ප්‍රධාන ඇමතීම්
සාමාන්‍ය විමසීම් හෝ තාක්ෂණික දෝෂ සඳහා queries.nlc@sbs.com.au වෙත ඊමේල් ලිපියක් යොමු කරන්න.
මාධ්‍ය විමසීම් සඳහා Uma.Sandeep@sbs.com.au වෙත ඊමේල් ලිපියක් යොමු කරන්න.
SBS ජාතික භාෂා තරගයේ ප්‍රධාන දින
2019 SBS ජාතික භාෂා තරගය ඊයේ (26/08) දිනයේ ආරම්භ වූ අතර එළඹෙන සැප්තැම්බර් 29 වන දින (සිකුරාදා) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට අවසන් වෙයි.
2019 SBS ජාතික භාෂා තරගයේ අදාළ ඛාණ්ඩ වල ජයග්‍රාහකයින් ට 2019 ඔක්තෝබර් මාසයේදී දුරකථන හෝ විද්‍යුත් ලිපින මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
2019 නොවැම්බර් මස සිඩ්නි නුවර පිහිටි SBS මූලස්ථානයේ දී 2019 SBS ජාතික භාෂා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.
පාසල් සඳහා සම්පත්
SBS ජාතික භාෂා තරගය සාර්ථක කරගැනීම උදෙසා අපට ඔබගේ නොමද සහය අත්‍යවශය වේ.
මෙම තරගය ව්‍යාප්ත කිරීම සඳහා පහත සඳහන් සම්පත් අප සතුව ඇත.
පෝස්ටර් - පාසලේ දැන්වීම් පුවරුවේ ඇලවීම සඳහා A3 ප්‍රමාණයේ පහසුවෙන් මුද්‍රණය කළ හැකි පෝස්ටර්.
අත් පත්‍රිකා - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් උදෙසා SBS ජාතික භාෂා තරගය පිළිබඳ වැඩි විස්තර A4 ප්‍රමාණයෙන් පැමිණෙන මෙම අත්පත්‍රිකා වල ඇත.
FAQs - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් සඳහා.

Source: SBS Sinhala