ශල්‍යකර්මයක් නොකර තම උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ට මෙන්ම ස්ත්‍රී - පුරුෂ නොවන පුද්ගලයින්ට දැන් හැකියාව පවතී.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව මෙම නීතිමය අවසරය ලබාදුන් ඔස්ට්‍රේලියාවේ 5 වන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය ඉතිහාසගත වෙයි.

උප්පැන්න සහතික සංශෝධනය
වික්ටෝරියානු ප්‍රාන්තයේ උප්පැන්න සහතික වල ස්ත්‍රී - පුරුෂ භාවය තෝරාගැනීම සම්බන්ධව පවතින ක්‍රමය සංශෝධනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය.
ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ට මෙන්ම ස්ත්‍රී - පුරුෂ නොවන පුද්ගලයින්ට තම උප්පැන්න සහතික වල ස්ත්‍රී - පුරුෂ භාවය තෝරාගැනීමට ශල්‍යකර්මයක් සිදුකරගැනීම අනිවාර්ය සාධකයක් බවට මීට පෙර පත්වී තිබුණි.
ඒ අනුව මෙම ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට පළමුව ඉදිරිපත් කෙරුණු අතර එය පසුගිය අගෝස්තු 15 වන දින පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත විය.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ඡන්දයක් පැවැත්වුණු අතර ඡන්ද 56 ට 27 ක් ලෙස එය වැඩි ඡන්ද 29 කින් සම්මත විය.
ඒ අනුව එම යෝජිත පනත් කෙටුම්පත වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ සෙනට් සභාවට ඉදිරිපත් කෙරුණු අතර එය පසුගිය සතියේදී සෙනට් සභාවේදී ද ඡන්ද 26-14 ක් ලෙස සම්මත කෙරිණි.

වික්ටෝරියා ප්‍රාන්තය ඉතිහාසගත වෙයි
ශල්‍යකර්මයක් නොකර තම උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමට ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ට මෙන්ම ස්ත්‍රී - පුරුෂ නොවන පුද්ගලයින්ට නීතිමය අවසරය ලබාදුන් ඔස්ට්‍රේලියාවේ 5 වන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය ඉතිහාසගත වෙයි.
මීට පෙර එම සංශෝධනය සිදුකර අදාළ ජන ඛාණ්ඩ වලට මෙම අවස්ථාව ලබා දුන්නේ ටස්මේනියාව, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සහ Australian Capital Territory ය.
ඒ අතරින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙම අවස්ථාව නීත්‍යානුකූලව හිමිකර දුන් ප්‍රථම ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය ඉතිහාසගත වෙයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි ද මේ සම්බන්ධව සලකා බලන බවට වාර්තා වේ.

ස්ත්‍රී - පුරුෂ විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරී සංගම් වල ප්‍රශංසාව
වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුව මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමත් සමග ස්ත්‍රී - පුරුෂ විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරී සංගම් දැඩි ලෙස ප්‍රීතියට පත්ව සිය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිය ප්‍රසාදය පළ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ට ද සමානව සැලකීම මූලික කරගනිමින් සිදු කරගෙන යන ව්‍යාපාරයේ මෙය සුවිශේෂී මං සලකුණක් බවද ඔවුන් පවසයි.
ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ගේ වැදගත් ලියවිලි සඳහා ඉතාමත් නිවැරදි තොරතුරු සැපයීමට සහ ආරක්ෂා කිරීමට මෙය මහඟු පියවරක් බව ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රමුඛතම සංවිධානය වන Transgender Victoria (TGV) සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.


