ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව නීති හේතුවෙන් සංක්‍රමණික ප්‍රජාව ඔස්ට්‍රේලියාව තුළදී මුහුණ දෙන පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය පිළිබඳ පැමිණිලි කිරීමට පසුබට වන තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි නීතිඥයෝ අනතුරු අඟවති.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
යම් සංක්‍රමණිකයෙකු පවුල් හිංසන ඇතුළු අපරාධයක් බවට තහවුරු වන යම් අපරාධයක් සිදුකර ඇත්නම් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව නීති යෝජනා කර තිබේ.

යෝජිත නව නීති
සාහසික අපරාධ, පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය ඇතුළු හිංසන ක්‍රියා, අසභ්‍ය ඡායාරූප බෙදා හැරීම සහ ආරක්ෂක නියෝග කඩ කිරීම වැනි ක්‍රියා මෙම නව නීති යටතේ සලකා බැලෙන බව වාර්තා වේ.
ඉහත අපරාධ ක්‍රියා වලට යම් පුද්ගලයෙකු වැරදිකරුවකු වුවහොත් ඔහුගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කර ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මෙම නව යෝජිත නීති හරහා බලය ලැබේ.
කෙසේ වෙතත්, නීති කටයුතු පිළිබඳ සෙනට් කමිටුව විසින් මෙම යෝජිත නව නීති සියුම් ලෙස පරීක්ෂා කරමින් සිටින බව ද වාර්තා වේ.

බහුතර සංක්‍රමණිකයින් පැමිණිලි කිරීමට පසුබට වෙයි
මෙම නව නීති ක්‍රියාත්මක වුවහොත් ගෘහස්ථ හිංසන පිළිබඳ බහුතර සංක්‍රමණිකයින් පැමිණිලි කිරීමට පසුබට වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ඔස්ට්‍රේලියාවේ නීති සභාවේ Carina Ford පැවසුවාය.
ඔස්ට්‍රේලියානු වීසා අහෝසි වේවි යයි බිය නිසා ඔවුන් මෙලෙස පවුල් හෝ ගෘහස්ථ හිංසන පිළිබඳ පැමිණිලි කිරීමට මැලිවෙතැයි ඇය පැහැදිලි කළාය.
එනිසා මෙම නව යෝජිත නීති වල රැකවරණය සුළුතර සංක්‍රමණිකයින් පිරිසක් විසින් පමණක් පතනු ඇතැයිද ඇය සෙනට් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ අතර ගෘහස්ථ හිංසනයේ ගොදුරු බවට පත්වන කාන්තාවන් එම හිංසන ක්‍රියා සිදුකිරීමට මග පෑදු බවට ඔප්පු වුවහොත් ඔවුන්ද පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.
ඊට අමතරව යම් හිංසන ක්‍රියාවකට ගොදුරුවූ කාන්තාවක් අධිකරණ නියෝග නොතකා තමාට හිංසන සිදුකළ පුද්ගලයාව ඇමතීමට හෝ හමුවීමට යාම යන කරුණු මතද මෙම වීසා අහෝසිවීම් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
මෙම නව නීති ක්‍රියාත්මක වුවහොත් චරිතය පිළිබඳ පරීක්ෂණය අසමත් වන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 50% කින් පමණ ඉහළ යනු ඇතැයි අනුමාන කරන බවද ඔස්ට්‍රේලියාවේ නීති සභාවේ Carina Ford පැවසුවාය.
මේ අතර පසුගිය හය වසර ඇතුළත ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කර ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ පිරිසෙහි විශාල වැඩි වීමක් සිදුවූ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය සතියේදී අනාවරණය කළේය.
යම් යම් අපරාධ නිසා විදෙස් සංක්‍රමණිකයින් 4,700 කගේ පමණ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කළ බව ඔහු වැඩි දුරටත් පැවසීය.


