ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල රැකගන්න මධ්‍යම රජයෙන් ගත්ත අලුත්ම තීරණය මෙන්න. (SBS සිංහල/ වාර්තා)

93 per cent of international students suffering poor mental health due to no on-campus study, survey finds

Source: AAP

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට එල්ල විය හැකි විදේශ බලපෑම් සහ මැදිහත්වීම් වලට එරෙහිව සටන්  කිරීමට නව ශ්‍රම බලකායක් ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ඉතිහාසයේ මෙවැනි ශ්‍රම බලකායක් පිහිටවූ පළමු අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.

Estudiantes universitarios
Source: Getty Images

නව ශ්‍රම බලකාය

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල නියෝජිතවරුන්, ජාතික ආරක්ෂාව හා සම්බන්ධ සංවිධාන මෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම ශ්‍රම බලකායට අඩංගුවේ.

මේ වසර මුල භාගයේදී ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියානු කතෝලික විශ්ව විද්‍යාල වල තොරතුරු බරපතල ආකාරයෙන් පිටතට යාමේ සිදුවීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

මෙම ශ්‍රම බලකාය හරහා ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ සයිබර් ප්‍රහාර වලක්වාගැනීම ද සිදුකරනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසයි.

එමෙන්ම Australian Signals Directorate ආයතනයෙන් මේ වන විටත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල උප කුලපතිවරුන් හට සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් පවත්වා ඇතැයිද වාර්තා වේ.

AUS Government to announce new taskforce to stop foreign interference at unis.
Federal Education Minister Dan Tehan Source: AAP

විදෙස් බලපෑම් වලට එරෙහි වීම

මෙම ශ්‍රම බලකාය අවධානය යොමු කරන තවත් ක්ෂේත්‍රයක් වන්නේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට මේ වන විටත් එල්ලවෙමින් පවතින විදෙස් බලපෑම් මැඩලීම සම්බන්ධවය.

මේ අතර ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වෙමින් පවතින විදෙස් මැදිහත්වීම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් අචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීමට ද ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පසුගිය දා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට එල්ල විය හැකි අනෙකුත් විදේශීය බලපෑම් පිළිබඳ ලිබරල් සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පසුගිය මාසයේ කරුණු අවධාරණය කර සිටියහ.

චීනය සමග ඇතිකරගැනීමට සූදානම් වන උදර්පණ නීතියට විරුද්ධව මේ දිනවල ක්‍රියාත්මක වන හොංකොං විරෝධතා වලට විරෝධය පාමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන චීන ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් විරෝධතා ව්‍යාපාරයක නිරතවීමත් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි අවධානය මේ සඳහා යොමු විය.

මෙම නව අචාර ධර්ම පද්ධතිය යටතේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී කතා කිරීමේ නිදහස, එක් රැස්වීමේ නිදහස වැනි ක්‍රියා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.

AUS Government to announce new taskforce to stop foreign interference at unis.
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now