ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව ජාතික මට්ටමින් 14% ක ප්‍රතිශතයක පවතින බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව පිළිබඳ පළවූ නවතම දත්ත වලට අනුව මේ බව හෙළිවී තිබේ.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව
මීට මාස 6 කට පෙර ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව 14.1% ක මට්ටමේ පැවති බව Workplace Gender Equality නියෝජිත ආයතනය පවසයි.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවක් සතියකට $1484.80 ක වැටුපක් ලබන අතර පිරිමියෙකු $1726.30 ක වැටුපක් ලබන බව අනාවරණය වී තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ වැටුප් විෂමතාව සතියකට $241.50 ක් වන බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාවයේ ජාතික අගය තීරණය කරනු ලබන්නේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ වැටුප් විෂමතාව මතය.

Shot of a businesswoman experiencing stress at work Source: Getty Images
ප්‍රාන්ත හා ටෙරිටරි අනුව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව වැඩිම අගයක් ගනු ලබන්නේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර අඩුම අගයක් ගනු ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේය.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව සතියකට $419.50 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 21.8% කි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව දෙවැනි ඉහළම වැටුප් විෂමතාව ලෙස වාර්තා වෙයි.
එය සතියකට $281.40 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 16.6% කි.
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව අඩුම අගයක් ගනු ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර එය සතියකට $140.90 කි.

Australia's gender pay gap by state. Source: WEGA
ප්‍රතිශතයක් ලෙස එය 9.2% ක් ලෙසද වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තය දෙවැනි අඩුම ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාවක් වාර්තා කරන අතර එය සතියකට $160.00 ක් ලෙස වාර්තා වේ.
ප්‍රතිශතයක් ලෙස එය 9.6% කි.

Source: SBS Sinhala