ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව වැඩිම සහ අඩුම ප්‍රාන්ත මෙන්න. (SBS සිංහල/ වාර්තා)

Here are the pay rises, tax offsets, childcare benefits and other benefits that Australians will receive from July 1

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව ජාතික මට්ටමින් 14% ක ප්‍රතිශතයක පවතින බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව පිළිබඳ පළවූ නවතම දත්ත වලට අනුව මේ බව හෙළිවී තිබේ.

gender pay gap
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව

මීට මාස 6 කට පෙර ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව 14.1% ක මට්ටමේ පැවති බව Workplace Gender Equality නියෝජිත ආයතනය පවසයි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවක් සතියකට $1484.80 ක වැටුපක් ලබන අතර පිරිමියෙකු $1726.30 ක වැටුපක් ලබන බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ වැටුප් විෂමතාව සතියකට $241.50 ක් වන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාවයේ ජාතික අගය තීරණය කරනු ලබන්නේ පූර්ණ කාලීනව සේවය කරන කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ වැටුප් විෂමතාව මතය.

gender pay gap
Shot of a businesswoman experiencing stress at work Source: Getty Images

ප්‍රාන්ත හා ටෙරිටරි අනුව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව වැඩිම අගයක් ගනු ලබන්නේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර අඩුම අගයක් ගනු ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේය.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව සතියකට $419.50 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 21.8% කි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව දෙවැනි ඉහළම වැටුප් විෂමතාව ලෙස වාර්තා වෙයි.

එය සතියකට $281.40 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 16.6% කි.

gender pay gap
Australia's gender pay gap by state. Source: WEGA

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව අඩුම අගයක් ගනු ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර එය සතියකට $140.90 කි.

ප්‍රතිශතයක් ලෙස එය 9.2% ක් ලෙසද වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තය දෙවැනි අඩුම ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාවක් වාර්තා කරන අතර එය සතියකට $160.00 ක් ලෙස වාර්තා වේ.

ප්‍රතිශතයක් ලෙස එය 9.6% කි.

gender pay gap
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now