ලොව ජීවත්වීමට සුදුසුම නගරය ලෙස වසර 7 ක් පැළඳි කිරුළ මෙල්බර්න් නුවරට දෙවැනි වරටත් අහිමි වෙයි. (SBS සිංහල/වාර්තා)

most liveable cities

Source: Flickr

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට කිරුළු පැළඳි මෙල්බර්න් නුවර මෙවර දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය වසරේද මෙම දර්ශකයේ මෙලෙස ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් මෙල්බර්න් නුවරට දෙවැනි තැන හිමිවිය.

most liveable cities
Source: SBS

ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර

ලොව පුරා නගර  140 ක් ඇතුළත් ලෝක ප්‍රකට “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට අනුව වාර්ෂිකව මෙම තේරීම සිදු කරයි.

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2018 දී මුල් තැන හිමි කරගත් ඔස්ට්‍රියාවේ අග නුවර වන Vienna නුවර මෙවරද ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස කිරුළු පැළඳීමට සමත් විය.

මෙවර දර්ශකයේ Vienna නුවර සමස්ත ලකුණු 99.1% ක් හිමි කරගෙන තිබේ.

2018 වසර තෙක් නොකඩවා වසර 7 ක් පුරාවට ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස අංක එකේ සිටි මෙල්බර්න් නුවර පසුගිය වසරේ මෙන්ම මෙවරද  දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 0.7% කිනි.

එනම් මෙවර මෙල්බර්න් නුවරට හිමිව ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 98.4% කි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙම දර්ශකයේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 98.1%ක් ලබාගනිමිනි.

ලකුණු 96.6% ක් ලබා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර මෙවර දර්ශකයේ 10 වන ස්ථානයට පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර මෙවර දර්ශකයේ 14 වන ස්ථානයටත් බ්‍රිස්බේන් නුවර 18 වන ස්ථානයටත් පත්ව තිබේ.

most liveable cities
Source: AAP

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10

1. Vienna, Austria

2. Melbourne, Australia

3. Sydney, Australia

4. Osaka, Japan

5. Calgary, Canada

6. Vancouver, Canada

7. Tokyo, Japan

7. Toronto, Canada

9. Copenhagen, Denmark

10. Adelaide, Australia

most liveable cities
Trams near Hauptbahnhof, Vienna, Austria. Source: Getty Images

මිනුම් දඬු

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ඒ ඒ නගර වල ජීවන තත්ත්වය ප්‍රධාන වශයෙන් පිරික්සා තිබේ.

ඒ සඳහා එම නගර වල සෞඛ්‍ය සේවා වල ගුණාත්මකභාවය, අධ්‍යාපනය, යටිතල පහසුකම්, ස්ථාවරත්වය, සංස්කෘතිය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ විමර්ශනය කර ඇත.

ඊට අමතරව තවත් අමතර සාධක 30 ක් පමණ මෙම ශ්‍රේණිගත කිරීමේදී සලකා බලා ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ ප්‍රථම වරට මෙම දර්ශකය සැකසීමේදී 'දේශගුණික විපර්යාසය" සහ එය මැඩලීම යන සාධකද සැලකිල්ලට ගෙන ඇති බව වැඩි දුරටත් අනාවරණය වී තිබේ.

Permanent migration
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now