ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පමණින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවනවාද? (SBS සිංහල/ වාර්තා)

Australian citizenship certificate

Source: AAP

ඔස්ට්‍රේලියාවේ උපත ලැබුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවනවාද?


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කර ඇති නමුත් තවමත් ඒ සම්බන්ධව නඩු විභාගයක් පැවැත්වෙන ශ්‍රී ලාංකික දමිළ පවුලගේ පුවතත් සමග ඉහත ප්‍රශ්නය මේ වන විට බොහෝ සංක්‍රමණිකයින් අතර සාකච්ඡාවට බඳුන් වන ගැටළුවක් බවට පත්වී තිබේ.

Australian citizen
Source: AAP

යම් දරුවෙකු ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පමණින් ඔහුට හෝ ඇයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේද?

ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ඇතැම් රටවල යම් දරුවෙකු උපත ලැබුවහොත් ඔහුට හෝ ඇයට එම රටේ පුරවැසිභාවය ස්වයංක්‍රීයව හිමිවන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ද එම තත්ත්වය අතීතයේදී පැවති බව සඳහන්.

නමුත් යම් දරුවෙකු ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පමණින් ඔහුට හෝ ඇයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ස්වයංක්‍රීයව හිමිවන ක්‍රමය 1986 වසරේ අගෝස්තු 19 වන දින සිට අවසන් වූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එය 2007 ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ පනතේ 12 වන වගන්තියෙන් තහවුරු කර ඇත.

ඒ අනුව 1986 වසරේ අගෝස්තු 20 වන දින සිට මේ දක්වා යම් දරුවෙකු ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ විට ඔහුට හෝ ඇයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ස්වයංක්‍රීයව හිමිවන්නේ පහත සඳහන් කොන්දේසි ද්විත්වයෙන් එකක් හෝ සම්පූර්ණ වී තිබියහොත් පමණි.

01. දරුවාගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.

02. දරුවාගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම.

එම කොන්දේසි වලින් එකක් හෝ සැපිරිය හැකි නම් අදාළ දරුවට ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හිමිකම් කිව හැකිය.

Australian citizen
Australian Passport Source: Getty Images

උපතේදී ස්වයංක්‍රීයව අදාළ දරුවාට පුරවැසිභාවය ලබා දෙන රටවල

  • ඇමෙරිකා එක්සත් ජනපදය
  • කැනඩාව
  • මෙක්සිකෝව
  • ආර්ජන්ටිනාව
  • බ්‍රසීලය
  • චිලී රාජ්‍යය
  • පැරගුවේ

උපතේදී ස්වයංක්‍රීයව අදාළ දරුවාට පුරවැසිභාවය ලබ දීමේදී ඉහත රටවලට වෙන් වෙන්වූ යම් යම් කොන්දේසි ද ඇති බව සඳහන්.

Australian citizen
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now