ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සම්පූර්ණයෙන් සංශෝධනයට ලක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියාවට සරිලනවාද යන්න මත සිට ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු ( skilled migration occupation lists) සියල්ලක්ම නැවත විමර්ශනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

Source: Department of Home Affairs
නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු නැවත විමර්ශනය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාලව ජාතික වශයෙන් මෙන්ම ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් විවිධ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු මේ වන විට ක්‍රියාත්මක වේ.
නමුත් විදෙස් නිපුණතා සේවකයින්ට ඉල්ලුමක් පැවතීම නිරූපණය නොකරන වෘත්තීන් 500 ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වන ප්‍රධාන නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවල පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී Michaelia Cash පසුගිය සතියේ නිවේදනය කළාය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය උදෙසා මෙන්ම ඇතැම් ක්ෂේත්‍ර සඳහා විදෙස් ශ්‍රමිකයින්ව ගෙන්වා ගැනීමේ ඉහළ ඉල්ලුම පිළිබඳ සලකා බලා ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු නැවත විමර්ශනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කරන බව ඇය පැහැදිලි කළාය.
මෙම නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු අවසන් වරට යාවත් කාලීන කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ වන බවද සඳහන්.
මේ වන විට වසර 10ක් පුරාවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කර ඇති යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනට දායක වීමට ප්‍රමාණවත් රැකියාකරන්නන් තහවුරු කිරීමටද මේ හරහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

Employment Minister Michaelia Cash Source: AAP
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ සෞභාග්‍යයට සහ සංවර්ධනයට මෙම නිපුණතා සංක්‍රමණික වැඩසටහන ඉතා ප්‍රබල සාධකයක් බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී Michaelia Cash පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ විවිධ රැකියා ක්ෂේත්‍ර වල පවතින ශ්‍රම හිඟය පිරවීමට මෙම නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා සාර්ථකව හැකිවී ඇති බවද ඇය අවධාරණය කළාය.
පසුගිය වසරේදී නිපුණතා සංක්‍රමණික වීසා 80,000 කට වඩා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පිරිනමා ඇති බවද වාර්තා වේ.
කෙසේනමුත් අවසන් වරට මෙම නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු වල විමර්ශනයක් සිදුවුයේ 2013 වසරේදී බවත් එතැන් පටන් මේ දක්වා ගෙවුණු වසර 6 තුළ රැකියා ක්ෂේත්‍ර වල විශාල වෙනස්කම් සිදුවී ඇති බවත් එම වෙනස්කම් වලට අදාළව මෙම රැකියා ලැයිස්තු යාවත්කාලීන කළ යුතු බවත් ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබද කමිටුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jarrod Ball පැවසුවේය.

Source: AAP
ප්‍රාදේශීය කලාප වලට වැඩි අවධානයක්
නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු නැවත විමර්ශනය කිරීමේ කටයුත්තේදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් රැකියා ලැයිස්තු ත්‍රිත්වය සලකා බැලෙන බව වාර්තා වේ.
- Temporary Skill Shortage List
- Medium and Long-term Strategic Skills List
- Regional Occupation List

Source: SBS Sinhala