රජය විසින් මුල්‍ය සහය සපයන ඔස්ට්‍රේලියාවේ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමේ අඩුම අනුපාතිකය වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බව පැවසෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ සඳහාවූ ජාතික මධ්‍යස්ථානයේ නවතම දත්ත වලට අනුව මේ බව හෙළිවී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය
වසර 2015 ත් 2017 ත් අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ රජය විසින් මුල්‍ය සහය සපයන TAFE පාඨ මාලාවන් සඳහා ලියාපදිංචි වන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් අවම වශයෙන් දෙදෙනකුම එම පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමට පෙර අස්වන බව වාර්තා වේ.
ඒ අනුව රජය විසින් මුල්‍ය සහය සපයන ඔස්ට්‍රේලියාවේ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමේ අවම ප්‍රතිශතය වාර්තා වන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්වෙන බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
2017 වසරේ දත්ත වලට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කළ පිරිස 29.6% ක් බව සඳහන්.
එමෙන්ම රජය විසින් මුල්‍ය සහය සපයන සහ පාඨ මාලා ගාස්තු ගෙවිය යුතු TAFE පාඨ මාලාවන් ද්විත්වය එකට එක් කොට සැලකු විට එම පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය ද 31.5% ක් වැනි අඩු මට්ටමක ඇති බව වාර්තා වේ.

TAFE පාඨ මාලාවන්
වික්ටෝරියා ප්‍රාන්තයේ පාඨ මාලාවන් සම්පූර්ණ කිරීම දුර්වල මට්ටමක පවතින පාඨ මාලාවන් අතර ප්‍රමුඛත්වයක් ගන්නේ foundation skills courses හෙවත් මූලික නිපුණතා පාඨ මාලාවන් වෙයි.
එහිදී සාහිත්‍ය සහ සමාජ නිපුණතා වැනි පාඨ මාලාවන් ප්‍රධාන බව සඳහන්.
මෙම පාඨ මාලාවන් සඳහා ලියාපදිංචි වන පිරිසෙන් එය සම්පූර්ණ කරනුයේ 12% ක් පමණක් බව හෙළිවී තිබේ.
ඊට අමතරව වික්ටෝරියානු ප්‍රාන්තයේ පහත සඳහන් TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමද දුර්වල මට්ටමක පවතින බව වාර්තා වේ.
- තොරතුරු තාක්ෂණය
- ගෘහ නිර්මාණ ශිල්පය සහ ගොඩනැගිලි ඉදිකිරීම්
- ඉංජිනේරු
- කෘෂිකර්මය
- පාරිසරික අධ්‍යනය
- ආහාර සහ හෝටල් අධ්‍යාපනය

සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය ඉහළ පාඨ මාලාවන්
මේ අතර සම්පූර්ණ කිරීම දුර්වල මට්ටමේ පවතින TAFE පාඨ මාලාවන් අතරේ විද්‍යාව සහ අධ්‍යාපනවේදය සම්බන්ධ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වාර්තා වේ.
එවැනි වූ TAFE පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය 60% කට අධික බවද සඳහන්.

පාඨ මාලාවන් සම්පූර්ණ නොකිරීමට හේතු
බොහෝ TAFE සිසුන් ලියාපදංචිවන්නේ ඉතා කුඩා වටිනාකමක් ඇති පාඨ මාලාවන්ට බව ඔස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන Bruce Mackenzie පවසයි.
Certificate I සහ Certificate II පාඨ මාලාවන් සඳහා ලියාපදිංචි වූ සිසුන් බහුතරයක් එම පාඨ මාලාවන් හැරයන තත්ත්වයක් දක්නට ලැබෙන බව ඔහු පැහැදිලි කරයි.
එවැනි සිසුන්ගේ මූලික අවශ්‍යතාව වන්නේ රැකියාවක් සොයාගැනීමට මාර්ගයක් තනා ගැනීම හෝ තමන්ගේ නිපුණතාවන් වැඩි දියුණු කරගැනීමය.
අවාසනාවකට එම අරමුණු ද්විත්වයම බොහෝ සිසුන් ඉටු නොකරගන්නා බවද ඔහු පැවසුවේය.
එමෙන්ම අදාළ පාඨ මාලාවන් සම්පූර්ණ කිරීමට අදාළ කියවීම, ලිවීම සහ ගණන් සෑදීම පවා බොහෝ සිසුන් අසමත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.


