ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් ඔස්ට්‍රේලියානු පුවත් පිළිබඳ ඇති විශ්වාසවන්තභාවයේ කැපී පෙනෙන අඩුවක්. (SBS සිංහල/ වාර්තා)

Youth

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් ඔස්ට්‍රේලියානු ප්‍රධාන ජන මාධ්‍ය වල පළ කරන පුවත් පිළිබඳ ඇති විශ්වාසවන්තභාවයේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් ඇහුම්කන් දෙනු ලබන්නේ තමන්ට බලපාන පුවත් වලින් 1% ක් වැනි ප්‍රතිශතයකට පමණක් බවද හෙළිවී ඇත.
Youth
Source: Getty Images

පුවත් පිළිබඳ ඇති විශ්වාසවන්තභාවය

The Australian 2019 ඩිජිටල් පුවත් වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් 44% ක් ඔස්ට්‍රේලියානු පුවත් විශ්වාස කරයි.

මේ අතර SBS ගුවන් විදුලිය 2017 වසරේදී සිදුකළ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 8 ත් 16ත් අතර වියෙහි පසුවන තරුණ පිරිසෙන් 23% ක් පමණක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන පිළිබඳ ඉහළ විශ්වාසයක් තබා ඇත.
විශ්වාසය මද බව තරුණ පිරිස් ඔස්ට්‍රේලියානු පුවත් සේවා වලින් ඈත් වීමට ප්‍රධානතම හේතුව බව එම ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් පුවත් අසනවාට වඩා ඒවා බැලීමට දස ගුණයකින් කැමති බවද සඳහන්.
Youth
Source: SBS

ජනමාධ්‍ය ආයතන සහ තරුණ පිරිස්

තරුණ පිරිස් වල ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් හෝ ඇතුළත් කරනුයේ ඔස්ට්‍රේලියානු පුවත් වලින් 11% ක පුවත් සඳහා පමණක් බව SBS ගුවන් විදුලිය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

පුවත් පත් වලට වඩා රූපවාහිනී පුවත් වල තරුණ පිරිස් වල ඡායාරූප දෙගුණයකින් පළ වන බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය, ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් වෙත අදහස් දැක්වීමට ඉඩක් ලබා නොදීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් ලෙස හැඳින්විය හැකිය.
විශේෂයෙන්ම ඔවුන්ට බලපාන සමාජ අර්බුද සහ දේශපාලන තීන්දු වලදී පවා ඔවුන්ට අදහස් දැක්වීමට සැලකිය යුතු ඉඩක් ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ඉඩ ලබා නොදෙන බව මේ අනුව පෙනී යයි.

යම් ආකාරයක තරුණ පිරිස් සම්බන්ධ කරගනිමින් යම් පුවතක් පළ වන්නේ නම් එය බොහෝ දුරට හදිසි අනතුරක් වැනි සිදුවීමක් බවද වාර්තා වේ.
Youth
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service