ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් ඔස්ට්‍රේලියානු ප්‍රධාන ජන මාධ්‍ය වල පළ කරන පුවත් පිළිබඳ ඇති විශ්වාසවන්තභාවයේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් ඇහුම්කන් දෙනු ලබන්නේ තමන්ට බලපාන පුවත් වලින් 1% ක් වැනි ප්‍රතිශතයකට පමණක් බවද හෙළිවී ඇත.

පුවත් පිළිබඳ ඇති විශ්වාසවන්තභාවය
The Australian 2019 ඩිජිටල් පුවත් වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් 44% ක් ඔස්ට්‍රේලියානු පුවත් විශ්වාස කරයි.
මේ අතර SBS ගුවන් විදුලිය 2017 වසරේදී සිදුකළ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 8 ත් 16ත් අතර වියෙහි පසුවන තරුණ පිරිසෙන් 23% ක් පමණක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන පිළිබඳ ඉහළ විශ්වාසයක් තබා ඇත.
විශ්වාසය මද බව තරුණ පිරිස් ඔස්ට්‍රේලියානු පුවත් සේවා වලින් ඈත් වීමට ප්‍රධානතම හේතුව බව එම ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් පුවත් අසනවාට වඩා ඒවා බැලීමට දස ගුණයකින් කැමති බවද සඳහන්.

ජනමාධ්‍ය ආයතන සහ තරුණ පිරිස්
තරුණ පිරිස් වල ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් හෝ ඇතුළත් කරනුයේ ඔස්ට්‍රේලියානු පුවත් වලින් 11% ක පුවත් සඳහා පමණක් බව SBS ගුවන් විදුලිය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.
පුවත් පත් වලට වඩා රූපවාහිනී පුවත් වල තරුණ පිරිස් වල ඡායාරූප දෙගුණයකින් පළ වන බවද වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය, ඔස්ට්‍රේලියාවේ තරුණ පිරිස් වෙත අදහස් දැක්වීමට ඉඩක් ලබා නොදීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් ලෙස හැඳින්විය හැකිය.
විශේෂයෙන්ම ඔවුන්ට බලපාන සමාජ අර්බුද සහ දේශපාලන තීන්දු වලදී පවා ඔවුන්ට අදහස් දැක්වීමට සැලකිය යුතු ඉඩක් ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ඉඩ ලබා නොදෙන බව මේ අනුව පෙනී යයි.
යම් ආකාරයක තරුණ පිරිස් සම්බන්ධ කරගනිමින් යම් පුවතක් පළ වන්නේ නම් එය බොහෝ දුරට හදිසි අනතුරක් වැනි සිදුවීමක් බවද වාර්තා වේ.


