සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල ගණන් නැවතත් ඉහළට. (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස වෙළෙඳ පොළ ද්විත්වය වන සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මිල ගණන් නැවතත් ඉහළ නගිමින් පවතින බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය කාලය පුරාවට සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළ මිල ගණන් පසුබෑමකට ලක්විය.

Australian Housing Market
Source: AAP

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ

පසුගිය අගෝස්තු මාසයේදී සිඩ්නි නිවාස වල මිල 1.5% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 1.6% ක් බවත් නවතම CoreLogic වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම මෙල්බර්න් නිවාස වල මිල පසුගිය අගෝස්තු මාසයේදී 1.3% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 1.6% ක් බවත් සඳහන්.

මේ අතර Unit මාදිලියේ නිවාස වල මිල ගණන් ද සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී සිඩ්නි Unit මාදිලියේ නිවාස වල මිල 1.8% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 2.5% ක් බවත් නවතම CoreLogic වාර්තාව පෙන්වා දෙයි.

මෙල්බර්න් Unit මාදිලියේ නිවාස වල මිල පසුගිය අගෝස්තු මාසයේදී 1.5% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 2.4% ක් බවත් සඳහන්.

Australian Housing Market
Source: AAP

නිවාස මිල නැවත ඉහළ නැගීමට හේතු

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මිල ගණන් නැවත ඉහළ නැගීමට ප්‍රධානතම හේතු කිහිපයක් ඇති බව CoreLogic ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless, The Age පුවත් පතට පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පසුගිය කාලයේදී නොකඩවා දෙවරක් පොලී අනුපාතික කප්පාදු කිරීම ඊට ප්‍රධානතම හේතුව ලෙස සැලකීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික මට්ටම 1% මට්ටමේ පවතින අතර එය මෑත ඉතිහාසයේ වාර්තාවූ පහළම මට්ටම වේ.

ඊට අමතරව නිවාස ගැණුම්කරුවන්ගේ ඉහළ ඉල්ලුමද මේ සඳහා බලපෑ බව ඔහු සඳහන් කරයි.

එයට සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ පිළිබඳ ගැණුම්කරුවන් තුළ ඇතිවූ විශ්වාසවන්තභාවය ප්‍රබල සාධකයක් වූ බව සඳහන්.

එමෙන්ම මෙවර අය වැයෙන් මොරිසන් රජය ඉදිරිපත් කළ ඒක පුද්ගල ආදායම් බදු කප්පාදුව ද මෙලෙස සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මිල ගණන් නැවත ඉහළ නැගීමට ප්‍රධානතම හේතුවක් වන්නට ඇතැයි CoreLogic ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless අනුමාන කරයි.

Australian Housing Market
Source: Getty Images

සාපේක්ෂව ගත් කළ සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිළ ගණන් වල බැස්මක්

පසුගිය කාර්තුව හැරුණුකොට සාපේක්ෂව ගත් කළ සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිළ ගණන් වල තවමත් බැස්මක් ඇති බවද CoreLogic ආයතනයේ දත්ත පෙන්වා දෙයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට බලන කල සිඩ්නි නිවාස මිල ගණන් 7.7% කින්ද මෙල්බර්න් නිවාස මිල ගණන් 8.7% කින්ද පහත බැස තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිවාස වෙළෙඳ පොළ මිළ ගණන් වල නැවත නැග්මක් පෙන්නුම් කළද බොහෝ දුරට එය මන්දගාමී නැග්මක් වනු ඇතැයි නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාස කරති.

Australian Housing Market
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now