කාන්තාවන්ට වඩා පිරිමින් වැඩියෙන් වෙසෙන ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රධාන නගරය මෙන්න. (SBS සිංහල/ වාර්තා)

Australia’s capital cities with the largest ratio of men to women.

Source: AAP

කාන්තාවන්ට වඩා පිරිමින් වැඩියෙන් වෙසෙන ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රධාන නගරය කුමක්ද යන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඔබ දන්නවාද?


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් කාන්තා - පිරිමි අනුපාතය සම්බන්ධ සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබේ.

Australia’s capital cities with the largest ratio of men to women.
Source: Supplied

පිරිමින් වැඩියෙන් වෙසෙන ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රධාන නගරය

කාන්තාවන්ට වඩා පිරිමින් වැඩියෙන් වෙසෙන ඔස්ට්‍රේලියාවේ එකම ප්‍රධාන නගරය ලෙස Northern Territory හි ඩාවින් නුවර වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සමීක්ෂණයට අනුව ඩාවින් නුවර සෑම කාන්තාවන් 100 කටම පිරිමින් 111 ක් සිටින බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර සියල්ලේම පාහේ පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි බවද මෙම සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත.

කාන්තාවන්ට සාපේක්ෂව අඩුම පිරිමින් සංඛ්‍යාවක් වෙසෙන ඔස්ට්‍රේලියානු ප්‍රධාන නගරය ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ඇඩිලේඩ් නුවර වාර්තා වේ.

එහි කාන්තාවන් 100 කට පිරිමින් 97 ක් සිටින බව සඳහන්.

සිඩ්නි, පර්ත් සහ හෝබාර්ට් නුවර වල කාන්තාවන් 100 කට පිරිමින් 99 ක් සිටින අතර මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ කැන්බරා නුවර වල කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව 98 කි.

Australia’s capital cities with the largest ratio of men to women.
Darwin City Source: Flickr

ඔස්ට්‍රේලියාවේ තරුණම නගරය සහ වියපත්ම නගරය

ඔස්ට්‍රේලියාවේ තරුණම නගරය ලෙසද ඩාවින් නුවර වාර්තා වන බව මෙම සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

ඒ ඒ ප්‍රධාන නගර වල වාසය කරන ජනගහනයේ වයස් මධ්‍යන අගය අනුව මෙය තීරණය කර තිබේ.

ඒ අනුව ඩාවින් වාසීන්ගේ වයස් වල මධ්‍යන අගය වයස අවුරුදු 34 ක් බව වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වියපත්ම නගරය ලෙස ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන හෝබාර්ට් නුවර වාර්තා වේ.

හෝබාර්ට් නුවර වාසය කරන පුද්ගලයින්ගේ වයස් වල මධ්‍යන අගය වයස අවුරුදු 40 ක් බව සඳහන්.

Australia’s capital cities with the largest ratio of men to women.
Source: Flickr

ප්‍රාන්ත අතර මාරුවීම්

ඔස්ට්‍රේලියාවේ වාසය කරන බොහෝ පිරිස් තම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තම පදිංචිය මාරු කිරීම සුලබ සිදුවීමකි.

විවිධ හේතු මත මෙම මාරුවීම් සිදුවන අතර එනිසාම ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි වල ජනගහන දත්ත උච්ඡාවචනය වෙයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මෙම නවතම සමීක්ෂණයට අනුව බොහෝ ඔස්ට්‍රේලියානුවාසී තරුණ පිරිස් ඩාවින් නුවරට යාමට වැඩි කැමැත්තක් දක්වයි.

එහි ඇති පහසු ජීවන රටාව සහ තදබදය අඩුවීම ඊට ප්‍රධාන හේතු ලෙස අනුමාන කළ හැකි බව Deakin විශ්ව විද්‍යාලයේ මානව භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය Michele Lobo පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ විශ්‍රමිකයින්ගෙන් බහුතරයක් ද මෙලෙස තම පදිංචිය වෙනත් ප්‍රාන්ත වලට මාරු කරන බව හෙළිවෙයි.

මෙහිදී ඔවුන් බහුතරයක් තෝරාගනු ලබන්නේ බ්‍රිස්බේන්, සිඩ්නි සහ පර්ත් වැනි උණුසුම් කාලගුණයක් සහිත නගර බවද සඳහන්.

Australia’s capital cities with the largest ratio of men to women.
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now