ඔස්ට්‍රේලියාවෙන් පිටවන විට ඔස්ට්‍රේලියාවේදී මිලට ගත් භාණ්ඩ වල GST බදු ව්‍යාජ ලෙස නැවත ලබාගැනීමෙන් ඩොලර් මිලියන 500 ක දැවැන්ත පාඩුවක්. (SBS සිංහල/වාර්තා)

Tourist Refund Scheme

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් හෝ නැව් තොටුපොළකින් පිටව යනවිට Tourist Refund Scheme හෙවත් TRS වැඩසටහන යටතේ  ඩොලර් මිලියන 500ක් වැනි විශාල මුදලක් ව්‍යාජ ලෙස ඔස්ට්‍රේලියානුවාසීන් විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


TRS සේවාව යටතේ ඔස්ට්‍රේලියාවේදී මිලට ගත් භාණ්ඩ වල GST බදු සහ wine equalisation බද්ද හෙවත් WET බද්ද නැවත ලබා ගත හැකිවේ.

Tourist Refund Scheme
Source: Flickr

ව්‍යාජ ලෙස නැවත ලබාගත් GST බදු සහ WET බදු

TRS සේවාව යටතේ ඔස්ට්‍රේලියාවේදී මිලට ගත් භාණ්ඩ වල GST සහ WET බදු ව්‍යාජ ලෙස නැවත ලබාගැනීම නිසා ඩොලර් මිලියන 500ක් වැනි විශාල මුදලක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අහිමිවී ඇතැයි නවතම විගණන වාර්තාවක් අනාවරණය කරයි.

මේ සඳහා දුර්වල පරිපාලනය වගකිව යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම සේවාව ලබාදීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයත් ප්‍රධාන පාර්ශව ද්විත්වය ලෙස කටයුතු කරයි.

නමුත් එම ආයතන ද්විත්වයම මේ සම්බන්ධ අඩු ප්‍රමුඛත්වයක් ලබා දීම නිසා මෙවැනි අන්දමේ පාඩුවක් ඇතිවී ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් රටක TRS සේවාව ලබාදීමේදී එම රටෙහි පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ඒ හරහා GST සහ WET බදු නැවත ලබාගැනීමට නොහැකිවේ.

නමුත් තම රටේ පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට TRS සේවාව ලබාගැනීමට ඉඩ ලබා දුන් ලොව එකම රට ඔස්ට්‍රේලියාව බවද වාර්තා වේ.

Tourist Refund Scheme
Source: AAP

2017/18 වසරේ GST නැවත ලබාගත් ප්‍රමුඛතම සන්නාම වර්ග සහ ඒවායේ නැවත ලබාගත් බදු මුදල් ප්‍රමාණය

ඇපල් නිෂ්පාදන - ඩොලර් මිලියන 17.2

Louis Vitton - ඩොලර් මිලියන 13.8

Gucci - ඩොලර් මිලියන 10.1

Chanel - ඩොලර් මිලියන 9.1

Hermes - ඩොලර් මිලියන 6.2

Tiffany and Co - ඩොලර් මිලියන 4.3

Tourist Refund Scheme
Tourist Refund Scheme Counters at Melbourne Airport Source: Flickr

TRS සේවාව හරහා GST බදු සහ WET බදු නැවත ලබා ගන්නේ කෙසේද?

ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනට පෙර දින 60 ක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් මිලට ගත් භාණ්ඩ සඳහා මෙලෙස  GST බදු  සහ WET බදු නැවත ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

එම භාණ්ඩ වල මුල් (ඔරිජිනල්) Invoice එක හෙවත් ඉන්වොයිසිය ඔබේ විදේශ ගමන් බලපත්‍රය සහ boarding pass එක සමග TRS කවුළුව වෙත ඉදිරිපත් කළ යුතු වේ.

එවිට එම නිලධාරීන් විසින් අදාළ කටයුතු සිදුකරනු ඇත.

Tourist Refund Scheme
Source: AAP

කොන්දේසි

  • GST බදු  සහ WET බදු නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනට පෙර දින 60 ක් ඇතුළත මිලට ගත් ඒවා වීම.
  • එම භාණ්ඩ වල වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 300 ක් හෝ ඊට වැඩි විය යුතුය.
  • එම ඩොලර් 300 වටිනාකම සහිත භාණ්ඩ එක් වෙළෙඳ සැලකින් ලබා ගත යුතුය.
  • ඊට අදාළ මුල් Invoice එක ඉදිරිපත් කළ යුතු අතර Invoice එකේ ඡායා පිටපත් බාර නොගනී.
  • GST බදු  සහ WET බදු නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ඔබේ අතේ ගෙන යන ගමන් මල්ලෙහි තිබිය යුතුය.
  • එම භාණ්ඩ විශාලත්වයෙන් වැඩි නම් ඒවා Checked Luggage කර එහි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • භාණ්ඩ මිලට ගත් තැනැත්තා විසින්ම මෙය TRS කවුළුව වෙත ඉදිරිපත් කළ යුතුය.
Tourist Refund Scheme
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now