වසර 2021 සිට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE සිසුන්ට නව විභාගයක්. (SBS සිංහල/ වාර්තා)

VCE

Source: Getty Images

වසර 2021 සිට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් වල 11 සහ 12 වසර සිසුන්ට සංශෝධනය කරන ලද ඇගයීමේ විභාගයකට මුහුණ දීමට සිදුවේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

භාෂාමය, ලිවීම සහ ගණිතමය හැකියාවන් එහිදී මනිනු ලබන බව වාර්තා වේ.

VCE
Source: Flickr

VCE විභාගයට විකල්පයක්

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් වල අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් Victorian Certificate of Education හෙවත් VCE විභාගයට පෙනී සිටිය යුතුය.

නමුත් ඉතිහාසයේ පළමු වරට ඔවුන්ට VCE විභාගයට විකල්පයක් ලෙස හඳුන්වා දෙන මෙම විභාගයට මුහුණ දීමට වසර 2021 පටන් සිදුවනු ඇත.

මෙම විභාගය වික්ටෝරියානු ප්‍රාන්තයේ කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍ර වල ඉල්ලීමට අනුව සැකසෙනු ඇති බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ද්විතීක පාසල් අධ්‍යාපනය හමාර කර රැකියා වලට පිවිසෙන ඇතැම් සිසුන්ට කියවීමේ සහ ලිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පැවතීම ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබේ.

මෙය "GAT" නමින් හැඳින්වෙන බවත් සඳහන්.

VCE විභාගය සංශෝධනය වන බවට මුල් වරට වාර්තා වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

VCE
Source: AAP

නව ක්‍රමය

වර්තමානයේ ක්‍රියාත්මක සාමාන්‍ය ඇගයීම් පරීක්ෂණය, VCE විභාග වලට බලනොපාන හෙයින් එම ඇගයීම් සඳහා බොහෝ VCE සිසුන් පෙනී නොසිටියි.

ඒ අනුව මෙම සාමාන්‍ය ඇගයීම් පරීක්ෂණය කොටස් දෙකකට බෙදා පැවැත්විය යුතු බව රජය පවසයි.

ඒ අනුව සිසුන්ගේ භාෂාමය සහ ගණිතමය හැකියාවන් වල තත්ත්වය පැහැදිලිවම නිරූපණය වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

වර්තමානය වන විට VCE සිසුන්ට පැය 3 ක සාමාන්‍ය ඇගයීම් පරීක්ෂණයක් පැවැත්වෙයි.

පසුගිය වසරේ මෙම ඇගයීම් පරීක්ෂණයේදී "the only constant element in life is change" යන තේමාව යටතේ රචනාවක් මිනිත්තු 30 ක කාලයක් තුළදී ලිවීමටත් තවත් බහුවරණ ප්‍රශ්න 70 ක් සඳහා පිළිතුරු සැපයීමටත් සිදුවිය.

නමුත් වසර 2021 පටන් මෙම ඇගයීම් පරීක්ෂණය ප්‍රධාන කොටස් දෙකකින් පැවැත්වේ.

පළමු කොටස සඳහා පැය දෙකක් හිමිවන අතර භාෂාමය සහ ලිවීමේ හැකියාව එහිදී මනිනු ලබයි.

දෙවැනි කොටස සඳහා පැය එකහමාරක කාලයක් ලැබෙන අතර එහිදී භාෂාමය සහ ගණිතමය හැකියාව මනිනු ලබයි.

VCE
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now