SKIP TO MAIN CONTENT

දේශගුණික විපර්යාසය සහ එහි බලපෑම ගැන ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින් දැක්වූ පුදුම හිතෙන අදහස්. (SBS සිංහල/ වාර්තා)

climate change
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දේශගුණික විපර්යාසය සැබැවින්ම සිදුවන බවත් එයින් මානව ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන බවත් බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරන බව නවතම වාර්තාවක් හෙළි කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

Climate of the Nation වාර්තාව මගින් මේ බව පෙන්වා දී තිබේ.

climate change
Source: Getty Images

දේශගුණික විපර්යාසය පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන් ගේ වදවීම

දේශගුණික විපර්යාසය සහ ඉන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ඔස්ට්‍රේලියානුවාසීන් දැඩිව සැලකිලිමත් වන බව Climate of the Nation වාර්තාව අනාවරණය කරයි.

දරුණු කාලගුණික වෙනස්වීම්, ස්වභාවික අනතුරු, සත්ත්ව සහ ශාක විශේෂ වඳවී යාම, මෙන්ම නගර වල ජල හිඟය ඇතිවීම සහ ආහාර හිඟය යන බරපතල බලපෑම් මෙම දේශගුණික විපර්යාසයේ අන්ත ප්‍රතිඵල ලෙස බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරයි.

දේශගුණික විපර්යාසය සැබවින්ම සිදුවන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් 77% ක් විශ්වාස කරන බවත් එසේ සිදු නොවන බවට 12% ක ප්‍රතිශතයක් විශ්වාස කරන බවත් හෙළිවී තිබේ.

මේ අතර ඉදිරි වසර 20 ඇතුළත ගල් අඟුරු බල සැපයුම ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් තුනෙන් දෙකක් පවසා තිබේ.

climate change
Source: AAP

සමීක්ෂණ ප්‍රතිඵල

දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වශයෙන් නියඟ සහ ගංවතුර ඇතිවන බව 81% ක් විශ්වාස කරයි.

දේශගුණික විපර්යාසය සැබවින්ම සිදුවන බව ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් 77% ක් විශ්වාස කරයි.

වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය "බින්දුවට" අඩු කළ යුතු බව තුනෙන් දෙකකට ආසන්න ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරයි.

දේශගුණික විපර්යාසයට ප්‍රධානතම හේතුව මානව ක්‍රියාකාරකම් බව තුනෙන් දෙකකට ආසන්න ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරයි.

දේශගුණික විපර්යාසය හේතුවෙන් දරුණු කාලගුණික බලපෑම් සහ ආහාර සැපයුම අඩාල වන බව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරයි.

බලශක්ති බිල් පත් වැඩි වීමට හේතුව විදුලිය සමාගම් සහ ඔවුන්ගේ අධික ලාභ ලැබීමේ අපේක්ෂාවන් වගකිව යුතු බව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් චෝදනා කරයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රියම බලශක්ති ප්‍රභවය සූර්ය ශක්තිය බව හෙළිවෙයි.

වියපත් පරපුරට වඩා තරුණ වැඩිහිටියන් දේශගුණික විපර්යාසය පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වන අතරේ කාබන් විමෝචනය පහත හෙලීමට ද සහයෝගය දක්වයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව ගල් අඟුරු පතල් ඉදිකිරීම නැවැත්විය යුතු බවට ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් තුනෙන් දෙකක් පවසා තිබේ.

climate change
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now