වෙන්දේසියට පෙර මෙල්බර්න් හා සිඩ්නි කලාප වල නිවාස අලෙවි වීමේ ප්‍රතිශතය ඉහළ යයි. (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

තමන්ගේ නිවාසය වෙන්දේසි කිරීමට නියමිත දිනයට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නුවර බොහෝ පුද්ගලයින් තම නිවාස අලෙවි කරන බවට තොරතුරු වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ හේතුවෙන් මෙල්බර්න් හා සිඩ්නි නිවාස වෙළෙඳ පොළේ යම් පිබිදීමක් හටගෙන ඇති බව සඳහන්.

Australian Housing Market
Source: AAP

වෙන්දේසියට පෙර නිවාස අලෙවිය

පසුගිය අගෝස්තු මාසයේදී සිඩ්නි කලාපයේ වෙන්දේසි කිරීමට නියමිත දිනයට පෙරාතුව අලෙවි කළ නිවාස වල ප්‍රතිශතය 28% ක් ලෙස ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම එම ප්‍රතිශතය මෙල්බර්න් කලාපයේ 14.5% ක් බවද සඳහන්.

මේ ප්‍රතිශත පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවද පෙනී යයි.

2018 වසරේ අගෝස්තු මාසයේ සිඩ්නි කලාපයේ වෙන්දේසි කිරීමට නියමිත දිනයට පෙරාතුව අලෙවි කළ නිවාස වල ප්‍රතිශතය 21% ක් වූ  අතර මෙල්බර්න් කලාපයේ එය 12% ක් විය.

Australian Housing Market
Source: AAP

නිවාස වෙළෙඳ පොළ පිළිබඳ සුබ පෙර නිමිති

පසුගිය වසර අවසානය වන විට වෙන්දේසියට පෙර නිවාස අලෙවිය ඉතා පහළ මට්ටමක පැවති අතර මේ වසර මැද භාගය වන විට එය නැවත ඉහළ නැගීම ඉතා සුබදායී තත්ත්වයක් පෙන්නුම් කරන බව Domain හි ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පවසයි.

මෙම ක්‍රියාව නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ගැණුම්කරුවන්ට මෙන්ම විකුණුම්කරුවන්ට ද මහත් විශ්වාසයක් ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවන බව  නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අදහස් දක්වති.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය නැවත ස්ථාවර මට්ටමකට ඉක්මණින් පැමිණෙනු ඇතැයිද ඔවුන් විශ්වාස කරයි.

Australian Housing Market
Source: Flickr

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මිල ගණන් නැවතත් ඉහළට

පසුගිය අගෝස්තු මාසයේදී සිඩ්නි නිවාස වල මිල 1.5% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 1.6% ක් බවත් නවතම CoreLogic වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම මෙල්බර්න් නිවාස වල මිල පසුගිය අගෝස්තු මාසයේදී 1.3% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 1.6% ක් බවත් සඳහන්.

මේ අතර Unit මාදිලියේ නිවාස වල මිල ගණන් ද සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී සිඩ්නි Unit මාදිලියේ නිවාස වල මිල 1.8% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 2.5% ක් බවත් නවතම CoreLogic වාර්තාව පෙන්වා දෙයි.

මෙල්බර්න් Unit මාදිලියේ නිවාස වල මිල පසුගිය අගෝස්තු මාසයේදී 1.5% කින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාස තුන ඇතුළත එම නැග්ම 2.4% ක් බවත් සඳහන්.

Australian Housing Market
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now