ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අපේක්ෂා කරමින් යොමු කළ අයදුම්පත් සලකා බැලීම බරපතල ලෙස ප්‍රමාද වීම නිසා විශාල ප්‍රමාණයේ අයදුම්පත් ප්‍රමාණයක් මේ වන විට ගොඩගැසී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබුණු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය නිමිතිකොටගෙන මෙම අර්බුදය නැවතත් ඉස්මතු විය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් ගොඩගැසීම
පසුගිය සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබුණු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනයේදී සමස්ත ඔස්ට්‍රෙලියාවේම 8,000 අධික ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබූ බව වාර්තා වේ.
නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් 198,000 ක් තවමත් ගොඩගැසී ඇති බව නවතම දත්ත වාර්තා කරයි.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ සලකා නොබැලූ අයදුම්පත් පිළිබඳ පසුගිය කාලයේ වාර්තාවූ ඉහළම අගය මෙය බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Carla Wilshire, SBS පුවත් වෙත පැවසුවාය.
මෙය ඇත්තෙන්ම බරපතල තත්ත්වයක් බවත් මේ තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය සම්පත් නිසි පරිදි යෙදවිය යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය යනු අදාළ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව තම රට බවට සම්පූර්ණ හැගීමක් ඇති කරවන ප්‍රධාන සාධකය බවත් ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ අවසන් ඵලය එය බවත් Carla Wilshire, SBS පුවත් වෙත පැවසුවාය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය තවමත් සැහීමකට පත් විය නොහැකි මට්ටමේ පවතින බව සඳහන්.
මේ වන විට පවතින තත්ත්වය මත ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පතක් සලකා බැලීම සඳහා මාස 18 - 20 ත් අතර කාලයක් ගතවන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙය මේ වසර මුලදී පැවතියේ මාස 19 - 22 ත් අතර කාලයක් ලෙසය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම ඉහළ යයි
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධව පසුගිය වසර 15 ඇතුළත වාර්තාවූ පහළම අගය 2017/18 මුල්‍ය වර්ෂයේදී වාර්තා වී තිබේ.
නමුත් මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සඳහා අනුමැතිය ලබාදීම ඉහළ යමින් පවතින බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව 2017/18 වසරට සාපේක්ෂව 2018/19 වසරේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සඳහා අනුමැතිය ලබාදීම 80% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව, SBS පුවත් වෙත පැවසුවේය.
2017/18 වසරේදී අනුමත කළ අයදුම්පත් සංඛ්‍යාව 81,000 ක් බවත් එය 2018/19 වසරේදී 145,000 ක් බවත් ඔවුන් පවසයි.
මෙම අගය ඉහළ යාමත් සමග ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සලකා බැලීමේ කාලය සැලකිය යුතු ලෙස පහත හෙලීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කරන බව සඳහන්.


