ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් හට නව character test එකක් හෙවත් නව චරිත පරීක්ෂාවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ආ යෝජිත පනත් කෙටුම්පත පසුගිය සතියේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අගමැති ස්කොට් මොරිසන් එම ඡන්ද විමසීමේදී විදෙස් ගතව සිටි නමුත් ඔහුගේ ඡන්දය ද නොමැතිව මෙම යෝජනාව පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වීම සුවිශේෂී සිදුවීමකි.

නව චරිත පරීක්ෂාව
මෙම නව චරිත පරීක්ෂාවට අනුව යම් සංක්‍රමණිකයෙකු අපරාධයකට වැරදිකරු වී අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් නියමවී ඇත්නම් හෝ සිර දඬුවමක් නියම නොකර ඇත්නම් හෝ ඔහුව හෝ ඇයව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බලය හිමිවේ.
පවතින නීති වලට අනුව එලෙස පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බලය ඇත්තේ යම් සංක්‍රමණිකයෙකු වසරක සිර දඬුවමක් නියමවී ඇත්නම් පමණි.
මෙම නව චරිත පරීක්ෂාව හඳුන්වාදීමට මධ්‍යම රජය පියවර ගෙන ඇත්තේ සාහසික අපරාධකරුවන්ට හෝ ලිංගික අපරාධකරුවන්ට එරෙහිව බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

කම්කරු පක්ෂයේ විරෝධය
මෙම නව පනත් කෙටුම්පතට කම්කරු පක්ෂය එකහෙළා විරුද්ධ වී තිබේ.
පහළ මන්ත්‍රණ සභාවේදී මේ සම්බන්ධ පැවති ඡන්ද විමසුමේදී කම්කරු පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ඉතාම අඩු මටටමේ වරදකරුවන් පවා මෙම නව යෝජිත නීතිය යටතේ "බෙල්ලෙන් අල්ලා" ඔස්ට්‍රේලියාවෙන් දොට්ට දැමීමට මධ්‍යම රජයට බලය හිමිවන බව ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.

මේ චරිත පරීක්ෂාව සම්බන්ධ නීති දැඩි කිරීමට 2014 වසරේදී මධ්‍යම රජය කටයුතු කළ අතර එම නීති ප්‍රමාණවත් බවද ඇය තර්ක කළාය.
2014 දී එම සිදුකළ සංශෝධන හේතුවෙන් අපරාධ වලට වරදකරුවන් වූ 4,700 ක් පමණ විදෙස් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් නෙරපූ බවත් පසුගිය වසර 6 තුළ වාර්තාවූ ඉහළම අගය එය බවත් ඇය පෙන්වා දුන්නාය.
නමුත් මෙම නීති තවත් දැඩි කිරීමෙන් වැඩිපුර අපරාධකරුවන් ඔස්ට්‍රේලියාවෙන් නෙරපීමට මධ්‍යම රජයට බලය ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පවසයි.
ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව සැලසීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රමුඛතම වගකීම බවත් එම වගකීම අරමුණු කරගනිමින් මේ තීරණය ගත් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.


