තෝමස් කූක් සංචාරක සමාගම බංකොලොත්. ලක්ෂ ගණනක් සංචාරකයින් අතරමං. (SBS සිංහල / වාර්තා)

Thomas Cook Bankrupt

Source: AAP

ගුවන් සහ සංචාරක සේවා  සැපයු ලොව ප්‍රමුඛ  පෙලේ බ්‍රිතාන්‍ය ආයතනයක් වන තෝමස් කූක් සමාගම බංකොලොත් භාවයට පත්වී ඇති බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නිවේදනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි රිචර්ඩ් මොරිඅර්ටි වැඩි දුරටත් පවසන්නේ මේ අනුව තෝමස් කූක් ආයතනයේ සියලුම මෙහෙයුම් කටයුතු නවතා ඇති බවයි.

මේ හේතුවෙන් ලොවපුරා සිටින ලක්ෂ ගණනක් වන සංචාරකයින් දැඩි අපහසුතාවයකට ලක්වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Thomas Cook Bankrupt
Source: Twitter

වැඩිම බලපෑම බ්‍රිතාන්‍ය සංචාරකයන්ට

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බ්‍රිතාන්‍ය සංචාරකයන්ට වන අතර 150,000 ට පමණ පිරිසක් සිය නිවාඩු අවසන් කර නැවත බ්‍රිතාන්‍ය බලා පැමිණීමට නොහැකි තත්වයකට පත්වී සිටී.

පසුගිය වසර කිහිපය තුල තෝමස් කූක් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි අතර එම අර්බුදයෙන් ගොඩ ඒමට ඇ.ඩො.මි 250ක පමණ ආයෝජනයක් අවශ්‍ය කර තිබු බව , නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි පීටර් ෆ්‍රෑන්ක්හුසර් ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා ආයෝජකයකු සමග සාකච්චා පැවැත්වූ බවත් අවසන් අදියරයේදී එකඟ විය නොහැකි මට්ටමේ කරුණු කිහිපයක් හේතුවෙන් එම උත්සාහයද ව්‍යර්ථ වූ බවත් ඔහු වැඩි දුරටත් එම නිවේදනයේ දක්වා තිබුණි.

Thomas Cook Bankrupt
Source: Getty Images

21000කට රැකියා අහිමියි

Thomas Cook ආයතනය බංකොලොත් වීමත් සමගම 21,000 පමණ සේවකයන්ගේ රැකියා අහිමී තිබේ.

තවද මිලියන ගණනක් වන ගනුදෙනු කරුවන්හටද ,දසදහස් ගණනක් වන සේවා සැපයුම් කරුවන්ට සහ කොටස් කරුවන්හටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ සියලු පිරිස්වලින් තමන් සමාව අයද සිටින බව, Thomas Cook ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි පීටර් ෆ්‍රෑන්ක්හුසර් වැඩි දුරටත් සඳහන් කරයි.

Thomas Cook Bankrupt
Source: Twitter

ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ද බලපෑම්

තෝමස් කූක් ආයතනයේ කඩාවැටීමත් සමගම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුල ක්‍රියාත්මක වන වෙබ්ජෙට් - සංචාරක සේවා සපයන ආයතනයට ද ඕස්ට්‍රේලියානු ඩො .මි. 43ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් , තවත් ඕස්ට්‍රේලියානු ඩො .මි. 7ක පමණ සැලසුම් කරගෙන සිටි අදායමක් අහිමි වී ගිය බවත් වාර්තා වේ.

තවද , ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොලේ වෙබ්ජෙට් ආයතනයේ කොටස් වල වටිනාකම 6%කින් පමණ අඩුවී තිබීමද විශේෂත්වයකි.

වෙනත් ගුවන් සේවා මගින් කුලියට ලබාගත් ගුවන් යානා මගින් , දැනට ලොව පුරා අතරමං වී සිටින බ්‍රිතාන්‍ය සංචාරකයන්ව නැවත සිය රටට නොමිලයේ රැගෙන ඒම සඳහා සිය රජය කටයුතු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශේප්ස් සඳහන් කර තිබේ.

තවද මෙම සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දහස් ගණනක පිරිසක් ඇමතුම් මධ්‍යස්ථාන සහ ගුවන්තොටුපොළ වල යොදවා ඇතිබවද ග්‍රාන්ට් ශේප්ස් සඳහන් කරයි.

Thomas Cook Bankrupt
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Amila Vidana Arachchige

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now