ලොව තාවකාලික රැකියාවල යෙදෙන අන්තර්ජාතික සිසුන්ගේ විශාලතම ප්‍රජාව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

Temporary migrant

Source: Flickr

ලොව සංවර්ධිත රටවල අතරින් විශාලතම තාවකාලික සංක්‍රමණික ශ්‍රම බලකායක් ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ සිටින බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් ආරථික හා සංවර්ධනය පිළිබඳ වූ OECD සංවිධානය ඒ පිළිබඳ ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවයි.

Temporary migrant
Source: AAP

තාවකාලික වීසා මත පදනම් වූ සංක්‍රමණික ශ්‍රමිකයින්

තාවකාලික වීසා මත පදනම්වූ විදෙස් ශ්‍රමිකයින් සේවය කරන ආර්ථිකයක් සතු රටවල අතරින් ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන ඇති බවත් මෙම ඉහළ මට්ටමේ ආගමන ක්‍රියාදාමයන් නිසා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබුණද අඩු ආදායම් ලාභී ජනතාවට එය පීඩනයක් ගෙන දෙන බව OECD සංවිධානය අනතුරු අඟවයි.

ප්‍රමුඛ පෙළේ සංවර්ධිත රටවල තාවකාලික වීසා මත පදනම් වූ සංක්‍රමණික ශ්‍රමිකයින් පිළිබඳ සිදුකළ විශේෂ අධ්‍යනයකදී රැස් කරගත් නවතම දත්ත ඇසුරෙන් මේ බව දන්වා තිබේ.

සංක්‍රමණික ක්‍රියාවලිය සහ ආගමන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති අදාළ රටවල ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ආර්ථිකයට බලපාන අයුරු එම දත්ත හරහා ඔවුන් පැහැදිලි කර තිබේ.

Temporary migrant
Australian government announces major visa concessions for temporary graduates stuck offshore. Source: AAP

ඔස්ට්‍රේලියාවේ විදෙස් ශ්‍රමිකයින්

ඔස්ට්‍රේලියාවේ  විදෙස් ශ්‍රමිකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.

ස්ථිර පදිංචිය සහිත නිපුණතා සංක්‍රමණිකයින් සහ තාවකාලික රැකියා වීසා මත පදනම්වූ විදෙස් ශ්‍රමිකයින් ලෙස ඒවා හැඳින්වේ.

වත්මන් ලිබරල් සන්ධාන රජය ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින්ගේ වාර්ෂික කෝටාව මේ වසරේ සිට 30,000 කින් කප්පාදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 190,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින්ගේ වාර්ෂික කෝටාව මේ වසරේ සිට 160,000 ක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙය ඉදිරි වසර 4 පුරාවට ක්‍රියාත්මක වනු ඇති බව සඳහන්.

නමුත් නිපුණතා සංක්‍රමණික වැඩසටහන ඔස්ට්‍රේලියාවේ ආගමන ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බව OECD වාර්තාව පෙන්වා දෙන බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Australia's population grows by 1.5 per cent
Source: AAP

ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියා වීසා මත පදනම්වූ විදෙස් ශ්‍රමිකයින්

වසර 2017 දී තාවකාලික සංක්‍රමණිකයින් 750,000 කට ඔස්ට්‍රේලියාව වීසා බලපත්‍ර ලබාදී ඇති බව වාර්තා වේ.

එය ලොව දෙවනියට වැඩියෙන්ම ලබා දුන් තාවකාලික වීසා බලපත්‍ර සංඛ්‍යාව වන අතර ඔස්ට්‍රේලියාව දෙවැනි වුයේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් බව සඳහන්.

මේ අතර රැකියා කරන තාවකාලික සංක්‍රමණික ප්‍රජාව සමග සාපේක්ෂව බලන කල ලොව තාවකාලික රැකියාවල යෙදෙන අන්තර්ජාතික සිසුන්ගේ විශාලතම ප්‍රජාව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ බවද OECD වාර්තාව දක්වයි

එක් වසරකදී පමණක් ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා කරන ප්‍රතිශතයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියාවල යෙදෙන අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රතිශතය 0.4% ක් බව OECD වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම working holiday වීසා ලබා දීම අතින් ලොව ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තය වන අතර ඔස්ට්‍රේලියාව දෙවනි ස්ථානයට පත්ව තිබේ.

තාවකාලික වීසා මත පදනම් වූ සංක්‍රමණිකයින් පිළිබඳ සලකා බැලීමේදී ඔවුන් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 1.6% ක් නියෝජනය කරන බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු වැඩකරන ජනතාවට වඩා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන බොහෝ සංක්‍රමණිකයින් රැකියා කිරීමට ඉහළ අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන් සේවායෝජකත්වය පිළිබඳ දැඩිව කැපවන බවත් OECD අධ්‍යනය හඳුනාගෙන තිබේ.

Temporary migrant
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now