SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ආසාත්මිකතා ඇතිවීම ශීග්‍රයනේ ඉහළට. (SBS සිංහල/ වාර්තා)

allergy
Food allergy Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගතවන ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය දශක දෙක පිළිබඳ සලකා බලන විට එම ප්‍රමාණය පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

allergy
एलर्जी परिक्षण Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ආසාත්මිකතා

ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගතවන ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය පිළිබඳ මෙන්ම ඊට හේතුව කුමක්දැයි දැනගැනීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය වී තිබේ.

ඔස්ට්‍රේලියානුවාසීන්ට anaphylaxis තත්ත්වයෙන් සිදුවන බලපෑම පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශනයක් ද පැවැත්වීමට යෝජනා වී තිබේ.

ඒ හරහා ආසාත්මිකතා වලින් පීඩා විඳින්නන් ට මෙන්ම ආහාර සහ ඖෂධ සුරක්ෂිතතාව මගින් ආසාත්මිකතා පාලනය කිරීමට හැකිවෙතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.

ආසාත්මිකතා බහුලව වැලඳීම ඔස්ට්‍රේලියාව වැනි ධනවත් බටහිර රටවල සුලබව සිදුවන දෙයක් බව ලිබරල් පක්ෂ කමිටුවේ සභාපති Trent Zimmerman පැවසුවේය.

ඔබ සංවර්ධනය වෙමින් පවතින රටවලට ගියහොත් මෙවැනි ආකාරයේ ආසාත්මිකතා ඇතිවීම බහුලව දැකගත නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

ආහාර සහ කෘමි දෂ්ඨනය හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 4 කට වඩා පීඩා විඳි බව ද ඔහු පැහැදිලි කළේය.

Allergy
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ආහාර ආසාත්මිකතා

ඔස්ට්‍රේලියාව ගත් කල වැඩිහිටි පුද්ගලයින්ගෙන් 1-2% ප්‍රතිශතයකට ආහාර ආසාත්මිකතා ඇතිවන බවත් වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 4-8% ප්‍රතිශතයකට ආහාර ආසාත්මිකතා ඇතිවන බවත් allergyfacts වෙබ් අඩවියට අනුව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ආහාර ආසාත්මිකතා ඇතිවීමට ප්‍රධානතම හේතුකාරක පහත පරිදි වේ.

  • බිත්තර
  • රටකජු
  • වෙනත් කජු වර්ග
  • එළ කිරි
  • මාළු සහ බෙල්ලෝ
  • තල
  • සෝයා
Allergy
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now