ඔස්ට්‍රේලියාවේ ජනගහනය පාලනය කිරීමට කැනඩාවෙන් ආදර්ශ ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට යොමු කිරීමට කැනඩාවේ ක්‍රියාත්මක ආගමන කටයුතු ක්‍රමෝපායන් ගෙන් ආදර්ශයක් ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ජනගහන කටයුතු සම්බන්ධ අමාත්‍ය Alan Tudge ගේ අවධානය යොමුව ඇත.

සංක්‍රමණිකයින් සහ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය පසුගිය වසර කිහිපය පුරාවට ශීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කරයි.
ඊට ප්‍රධානතම හේතුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ගෝල්ඩ් කෝස්ට් වැනි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහනය අධිකව වර්ධනය වන බව පෙනී ගොස් ඇත.
ඒ අනුව ජනගහනය ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාපත් කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරන අතර එහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණිකයින්ව යොමු කිරීමට ඔවුන් සූදානම් වේ.
මේ සඳහා එළඹෙන නොවැම්බර් 16 වන දින සිට නව ප්‍රාදේශීය වීසා වර්ග ද්විත්වයක් දියත් කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර තිබේ.

කැනඩාවේ ක්‍රමෝපාය
සංක්‍රමණිකයින් ට කැනඩාවේ ස්ථාපිත වීම සම්බන්ධව පවතින ප්‍රතිපත්ති 1990 වසරේ මුල් බාගයේදී සංශෝධනය කිරීමට කැනඩා රජය තීරණය කළේය.
එම සංශෝධනයට පෙරාතුව ආර්ථිකයට දායක වන සංක්‍රමණිකයින් ගෙන් 10% ක් පමණක් කැනඩාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ස්ථාපිත වූ බව වාර්තා වේ.
නමුත් එම ප්‍රතිශතය මේ වන විට 34% දක්වා වර්ධනය වී ඇතැයි සඳහන්.
කැනඩාවේ එම නව ප්‍රතිපත්ති වලට අනුව අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වලට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඉතා උණුසුම් පිළිගැනීමක් ලබෙදෙන අතර ඔවුන්ට එම ප්‍රදේශ වල ස්ථාපිත වීම සඳහා උපකාරක වැඩසටහන් මෙන්ම ප්‍රජා වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම අදාළ සංක්‍රමණිකයින් ට රැකියා සොයාගැනීමට ද සහය වන වැඩසටහන් ඒ ඒ ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට කැනඩා රජය කටයුතු කළේය.

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය
2011 සිට 2016 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවට මිලියන 1.4 ක පමණ සංක්‍රමණිකයින් පැමිණ ඇති බව වාර්තා වේ.
එම ප්‍රමාණයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත වී ඇත්තේ 14% ක් පමණක් බවද සඳහන්.
ඒ අනුව තිරසාර සහ සමාන ආර්ථික සංවර්ධනයක් උදෙසා මෙන්ම ජනගහනය සමානව ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින් මේ වසරේ අග භාගයේ සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය නව සංක්‍රමණික වැඩසටහන දියත් කරනු ඇත.
මෙහිදී නව ලකුණු ක්‍රමයකට අනුව සංක්‍රමණිකන් හට අදාළ ප්‍රාදේශීය වීසා සහ ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
නමුත් මේ වන විටත් ඒ සම්බන්ධ පූර්ණ තොරතුරු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනාවරණය කර නොමැත.


