ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික නැවත වරක් කප්පාදු කිරීමට යන බවට ඉඟියක්. (SBS සිංහල/ වාර්තා)

Coronavirus Supplement

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික නැවත වරක් කප්පාදු කිරීමට යන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe ඉඟි පළ කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Armidale හි පසුගිය සතියේ පැවති ව්‍යාපාරික උත්සවයකදී ඔහු මෙම ඉඟිය ලබා දී තිබේ.

interest rates
Source: AAP

තවත් පොලී අනුපාතික කප්පාදුවක්

පසුගිය ජුනි සහ ජූලි මාස වලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් දෙවරක් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික කප්පාදු කළ අතර එහි ප්‍රධාන ඉලක්කය වුයේ විරැකියාව අවම කිරීම සහ වැටුප් වර්ධනය කිරීම බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe ප්‍රකාශ කළේය.

පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.3% මට්ටමේ පැවති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

නමුත් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.5% තෙක් පහත වැටිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තර්ක කරයි.

Getty Images
Source: WILLIAM WEST/AFP via Getty Images

ජුනි සහා ජූලි මාස වල පොලී අනුපාතික කප්පාදුව

පසුගිය ජුනි මාසයේදී 1.5% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.25% දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.

ඉන් අනතුරුව එළඹුණු ජූලි මාසයේදී එය තවත් 0.25% කින් කප්පාදු කරමින් 1% දක්වා පහත දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කටයුතු කළේය.

මේ අගය මෑත ඉතිහාසයේ වාර්තාගත පහළම පොළී අනුපාතික අගය ලෙසද වාර්තා වේ.

එම කප්පදුවත් සමග ඔස්ට්‍රේලියානු බැංකු වල නිවාස ණය සඳහා වන පොළිය ද කෙමෙන් අඩු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික නැවත වරක් කප්පාදු කිරීමේ සම්භාවිතාව පහළ ප්‍රතිශතයක ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

sbs sinhalese
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now