ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික නැවත වරක් කප්පාදු කිරීමට යන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe ඉඟි පළ කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Armidale හි පසුගිය සතියේ පැවති ව්‍යාපාරික උත්සවයකදී ඔහු මෙම ඉඟිය ලබා දී තිබේ.

Source: AAP
තවත් පොලී අනුපාතික කප්පාදුවක්
පසුගිය ජුනි සහ ජූලි මාස වලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් දෙවරක් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික කප්පාදු කළ අතර එහි ප්‍රධාන ඉලක්කය වුයේ විරැකියාව අවම කිරීම සහ වැටුප් වර්ධනය කිරීම බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe ප්‍රකාශ කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.3% මට්ටමේ පැවති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.5% තෙක් පහත වැටිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තර්ක කරයි.

Source: Getty Images
ජුනි සහා ජූලි මාස වල පොලී අනුපාතික කප්පාදුව
පසුගිය ජුනි මාසයේදී 1.5% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.25% දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.
ඉන් අනතුරුව එළඹුණු ජූලි මාසයේදී එය තවත් 0.25% කින් කප්පාදු කරමින් 1% දක්වා පහත දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව කටයුතු කළේය.
මේ අගය මෑත ඉතිහාසයේ වාර්තාගත පහළම පොළී අනුපාතික අගය ලෙසද වාර්තා වේ.
එම කප්පදුවත් සමග ඔස්ට්‍රේලියානු බැංකු වල නිවාස ණය සඳහා වන පොළිය ද කෙමෙන් අඩු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.
කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික නැවත වරක් කප්පාදු කිරීමේ සම්භාවිතාව පහළ ප්‍රතිශතයක ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

Source: SBS Sinhala