ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 සැප්තැම්බර් මාසයේ ආරාධනා පත්‍ර වටවල තොරතුරු මෙන්න. (SBS සිංහල/වාර්තා)

ACT 190

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා සඳහා ACT රැකියා ලැයිස්තුව හරහා අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.
ACT 190
Source: canberrayourfuture

Canberra Matrix සැප්තැම්බර් මස ආරාධනා පත්‍ර වට

Canberra Matrix ක්‍රමය යටතේ සැප්තැම්බර් මාසයේ ආරාධනා පත්‍ර වට තුනක් ක්‍රියාත්මක විය.

ඒ අනුව සැප්තැම්බර් මස 02, 17 සහ 27 යන දිනවල එම ආරාධනා පත්‍ර වට ක්‍රියාත්මක වී ඇත.
ACT 190
Source: Flickr

සැප්තැම්බර් මස 02 වන දින Canberra Matrix ආරාධනා පත්‍ර වටය

මෙහිදී ආරාධනා පත්‍ර 111 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 130 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

සැප්තැම්බර් මස 17 වන දින Canberra Matrix ආරාධනා පත්‍ර වටය

මෙහිදී ආරාධනා පත්‍ර 106 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 130 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

සැප්තැම්බර් මස 27 වන දින Canberra Matrix ආරාධනා පත්‍ර වටය

මෙහිදී ආරාධනා පත්‍ර 124 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 120 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.
ACT 190
Source: AAP

ACT 190 වීසා වැඩසටහනට සුදුසුකම් ලැබීම

ACT 190 වීසා වැඩසටහන සඳහා අයදුම් කිරීමට ඔබ විසින් EOI එකක් හෙවත් expression of interest එකක් යොමු කළ යුතු අතර ඒ සඳහා පහත සඳහන් අවම අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතු වේ.

කැන්බරා පදිංචිකරුවන්

පසුගිය වසර දෙක ඇතුළත ACT හි ශිෂ්‍ය හෝ තාවකාලික වීසා එකක් දරා සිටිය අයෙකු හෝ තවමත් දරමින් සිටිය යුතු වීම.

ඔබේ EOI එක යොමු කරන අවස්ථාව වන විට ඔබ අවම වශයෙන් ACT ඇතුළත මාස 3 ක් හෝ රැකියාවක නිරත විය යුතුය.

එය ස්ථිර හෝ පූර්ණ කාලීන වීම අත්‍යවශ්‍ය නොවන නමුත් අවම වශයෙන් සතියකට පැය 20 ක් විය යුතුය.

ඔබට ACT සේවා යෝජකයින් කිහිප දෙනෙකු යටතේ හෝ ABN එකකට හෝ රැකියා කළ හැකිය.

ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.

ACT 190 වීසා ලැබුණු දිනයේ සිට අවම වශයෙන් වසර 2ක් ACT  හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.

ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.
ACT 190
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service