ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව කුමක්ද යනුවෙන් ඇසූ විට බොහෝ දෙනෙකු සිතනුයේ ක්‍රිකට් හෝ රග්බි ක්‍රීඩාව යනුවෙනි.
නමුත් ඒ සඳහා නිවැරදි පිළිතුර Australian Football හෙවත් ෆුටී ක්‍රීඩාව ය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මෙම උන්මාදනීයම ක්‍රීඩාවේ මහා මංගල්‍යය හෙවත් මේ වසරේ AFL අවසන් මහා තරගය හෙට දිනයේ ලොව පැරණිතම ක්‍රීඩාංගනයක් වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
අනෙකුත් ක්‍රීඩා පරයා ෆුටී ක්‍රීඩාව ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වූයේ කෙසේද?

Source: AAP
ක්‍රිකට් වෙනුවට ෆුටී
18 වන සියවස මැද බාගය වන විට ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ය.
නමුත් එංගලන්තයේ පාසල් අධ්‍යාපනය නිමාකර 1857 දී ඔස්ට්‍රේලියාවට පැමිණි Tom Wills තරුණයා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ක්‍රිකට් පත් කරමින් මෙම උන්මාදනීය ෆුටී ක්‍රීඩාවේ ආරම්භය සටහන් කෙරිණි.
ශීත සෘතුවේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව එවකට මැලිකමක් දැක්වූ නිසාම එය ඔස්ට්‍රේලියානු ක්‍රීඩාවේ off-season එක හෙවත් අවාරය ලෙස නම් දැරිණි.
මෙනිසාම මෙම අවාරයේදී ඔස්ට්‍රේලියනුවන් හට වෙනත් ක්‍රීඩාවක් හඳුන්වා දිය යුතු බවට Tom Wills ගේ සිතේ අදහසක් විය.
ඔහු එංගලන්තයේ සිටින සමයේදී පාසලේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද විය.
මේ ආබාසය හේතුවෙන් තම ඥාති සොයුරන් වන H.C.A. Harrison, W.J. Hammersley සහ J.B. Thompson සමග එක්ව Tom Wills මෙම ඔස්ට්‍රේලියානු ෆුටී ක්‍රීඩාව හඳුන්වා දුන්නේය.
1858 වසරේ අගෝස්තු 07 වන දින Melbourne Football Club පිහිටවූ අතර ඔස්ට්‍රේලියානු ෆුටී ක්‍රීඩාවේ මංගල තරගය පාසල් තරගයක් ලෙස ආරම්භ විය.
ඒ අනුව Scotch College සහ Melbourne Grammar School අතර ඔස්ට්‍රේලියානු ෆුටී ක්‍රීඩාවේ මංගල තරගය පැවැත්විණි.

Tom Wills Monument Source: monumentaustralia
ෆුටී පිබිදීම
ඔස්ට්‍රේලියනුවන්ට මෙම ෆුටී ක්‍රීඩාව නවමු අත්දැකීමක් ලබාදුන් නිසාම මෙය ක්ෂණිකව ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන්නට විය.
ඒ අනුව වසර 1859 දී Geelong Football Club පිහිටුවනු ලැබූ අතර 1866 දී ෆුටී ක්‍රීඩා නීති යාවත්කාලීන කෙරිණි.
ඉන් අනතුරුව තරගකාරී රටාවක් යටතේ මේ ක්‍රීඩාව පාසලෙන් ඔබ්බට ගමන් කළේය.
වසර 1896 දී Victorian Football League හෙවත් වික්ටෝරියානු ෆුටී ලීග් තරගාවලිය ආරම්භ කෙරුණු අතර එහිදී ෆුටී ක්‍රීඩාවේ මූලාරම්භක ෆුටී සමාජ වන Carlton, Collingwood, Essendon, Fitzroy, Geelong, Melbourne, St Kilda සහ South Melbourne තරග වැදිණි.
වසර 1900 දී මෙම තරගාවලිය Australian Football League හෙවත් AFL ලෙස නම වෙනස් කෙරිණි.
1908 වසරේදී Richmond කණ්ඩායම මේ සඳහා එකතුවූ අතර 1925 දී Footscray (මේ වන විට Western Bulldogs), Hawthorn සහ North Melbourne යන කණ්ඩායම් AFL තරගාවලියට එකතු විය.

Source: AAP
1987 දී West Coast Eagles සහ Brisbane Bears කණ්ඩායම් මීට එක් විය.
1991 දී Adelaide , 1995 දී Fremantle සහ 1997 දී Port Adelaide යන කණ්ඩායම් මීට එක්වූ අතර Fitzroy සහ Brisbane Bears යන කණ්ඩායම් එකතුවී Brisbane Lions කණ්ඩායම පිහිටුවනු ලැබීය.
1997 වන විට AFL තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී විය.
වසර 2011 දී Gold Coast Suns ද ඉන් අනතුරුව Greater Western Sydney Giants ද AFL තරගාවලියට එකතු විය.
ඒ අනුව අද වන විට AFL තරගාවලිය සඳහා කණ්ඩායම් 18 ක් තරග වදියි.

Source: AAP
2019 AFL අවසන් මහා තරගය
මේ වසරේ AFL අවසන් මහා තරගය හෙට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Richmond Tigers සහ Greater Western Sydney හෙවත් GWS Giants 2019 AFL කුසලානය සඳහා තරග වදියි.
Greater Western Sydney කණ්ඩායම AFL අවසන් මහා තරගයකට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.
මේ දක්වා ඉතිහාසයේ AFL අවසන් මහා තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වාර්තා වුයේ 2018 වසරේදී West Coast සහ Collingwood කණ්ඩායම් අතර MCG හි පැවති අවසන් තරගයේය.
එය නැරඹීමට MCG පිටියට 100,022 ක් පැමිණ තිබූ බව වාර්තා විය.

Source: SBS Sinhala