SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 8 දක්වා වූ ළමුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අලුත් තීරණයක් ගනී. (SBS සිංහල/ වාර්තා)

Digital impact on Australian kids
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඩිජිටල් තාක්ෂණය ළමුන්ගේ පළමු අවුරුදු 8 තුළ ඔවුන්ගේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳ ප්‍රධාන අධ්‍යනයක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙවැනි අධ්‍යනයක් ලෝකයේ සිදු කරන පළමු අවස්ථාව මෙය වන අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කුඩා ළමුන් මෙහි අත්දැකීම ලබන ලොව ප්‍රථම ළමා ඛාණ්ඩය ලෙස ඉතිහාසගත වනු ඇත.

Digital impact on Australian kids
Source: Pixabay

ළමුන්ට ඩිජිටල් බලපෑම

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය පදනම් කරගනිමින් මෙම අධ්‍යනයේ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමට සූදානම් වේ.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 34.9 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පොරොන්දු වී ඇත.

ඊට අමතරව මෙම පර්යේෂණ මධ්‍යස්ථානයට යුරෝපය, ආසියාව සහ ඇමෙරිකාව වැනි අනෙකුත් රටවල සිටින පාර්ශවකරුවන්ගෙන් ද ඩොලර් මිලියන 32 ක මුල්‍යාධාර ලැබෙන බව වාර්තා වේ.

තාක්ෂණය හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුවන හානිකර තත්ත්වයන් අවම කිරීමට මේ අධ්‍යනය හරහා සම්පත් සැපයෙනු ඇත.

Digital impact on Australian kids
Source: Supplied

ඔස්ට්‍රේලියාවේ දරුවන්

පෙර නොවූ විරූ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් නවීන තාක්ෂණයට විවෘත වී ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.

එනිසා එම තාක්ෂණයෙන් ඔවුන්ට සිදුවන බලපෑම පිළිබඳ අපට නිසි වැටහීමක් අවශ්‍ය බව ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව මෙම පර්යේෂණය දෙමාපියන්ට විශාල ප්‍රතිලාභ ලබා දෙන අතර දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනයට මෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමටද විශාල පිටිවහලක් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.

සමාජ මාධ්‍ය ජාල පරිහරණය, වීඩියෝ ක්‍රීඩා වල යෙදීම මෙන්ම screen time සහ online safety යන අංශ වලදී ද දරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටළු සහ හානි පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරනු ඇත.

Digital impact on Australian kids
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now