ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ සැප්තැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ තුන්වන ආරාධනා පත්‍ර වටය ලෙසද මෙය වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටය
2019 සැප්තැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 200 ක් පමණක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවරද එම ප්‍රමාණය 2300 කින් පහත බැස තිබීම සුවිශේෂී සිදුවීමකි.
පසුගිය අගෝස්තු මස 11 වන දින ක්‍රියාත්මක කෙරුණු ආරාධනා පත්‍ර වටයේද නිකුත් කර තිබුණේ ආරාධනා පත්‍ර 200 ක් පමණකි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුවේ.
මෙය එතරම් සුබදායී තත්ත්වයක් නොවන බවද බොහෝ සංක්‍රමණික ඒජන්තවරුන් පවසයි.
පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතිණි.

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 05/09/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 03/08/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 08/07/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 03/08/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 10/07/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන ඔක්තෝබර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.

ආරාධනා පත්‍ර දැඩි ලෙස කප්පාදු කිරීමට හේතු
නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ සැප්තැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර දැඩි ලෙස කප්පාදු කිරීමට ප්‍රධාන හේතුව ලෙස එළඹෙන නොවැම්බර් 16 වන දින හඳුන්වා දීමට නියමිත නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය අනුමාන කළ හැකිය.
491 යන වීසා උප ඛාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රාදේශීය වීසා වර්ගය හරහා වසර 5 ක් පූර්ණ කාලීන රැකියා වීසාවක් සුදුසුකම් සපිරූ නිපුණතා සංක්‍රමණිකයින් හට ලැබේ.
නමුත් එම වීසා ලාභීන් හට රැකියා කරමින් වාසය කළ හැක්කේ ඔවුන්ට නියමිතවූ ප්‍රාදේශීය කලාපයේ පමණකි.
මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ගෝල්ඩ් කෝස්ට් යන ප්‍රධාන නගර 5 න් බැහැරව සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට යොමු කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වේ.
එනිසාම නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට අදාළ ඉදිරි ආරාධනා පත්‍ර වට වලදී පවා ඉතාමත් අඩු ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


