ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයාව දෝෂාභියෝගයකින් නෙරපිය නොහැකි ඇයි? (SBS සිංහල/ වාර්තා)

Impeachment

Source: Flickr/Marco Verch CC BY 2.0 DEED

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති Donald Trump ට එරහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ දිනවල ජාත්‍යන්තර පුවත් සේවා ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරයි.

ලෝක බලවතාට එරෙහිව මෙලෙස දෝෂාභියෝගයක් ගෙන ඒම ලෝක දේශපාලනයේ සුවිශේෂී සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් ඇමෙරිකානු ජනාධිපතිවරු දෙදෙනකු වන අතර ඔවුන් Andrew Johnson සහ Bill Clinton ලෙස වාර්තා වෙයි.

Impeachment
Andrew Johnson & Bill Clinton Source: Wikipedia

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයාට දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?

ඇමෙරිකාවේ රාජ්‍ය නායකයා වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාය.

නමුත් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ලෙස තවමත් කටයුතු කරනුයේ එංගලන්තයේ එළිසබත් රැජිණය.

රාජ්‍යාධිපත්‍යය බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් කළ නොහැකිය.

ඒ අනුව නීත්‍යානුකූලව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා වන එළිසබත් රැජිණව ඉවත් කිරීමට නොහැකිවේ.

Impeachment
Britain's Queen Elizabeth II Source: AAP

ඔස්ට්‍රේලියාවේ අගමැතිව ඉවත් කළ හැකිද?

මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා සම්බන්ධව ගත් කළ තරමක් සංකීර්ණ වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මන්ත්‍රීවරුන් අලුතින් නායකයෙකු පත් කරගතහොත් බලයේ සිටින ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාව ප්‍රතිස්ථාපනය කළ හැකිය.

බලයේ සිටින පක්ෂයේ නායකයා අගමැතිවරයා විය යුතුය යන මතයේ සිට අගමැතිවරයාව ඉවත් කිරීමට ඒ අනුව ආණ්ඩු පක්ෂයට බලය ලැබේ.

මේ අතරේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ගෙනවිත් එය ජයග්‍රහනය කර ඔස්ට්‍රේලියානු අගමැතිවරයාව නෙරපීමට ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අවස්ථාව තිබේ.

නමුත් ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ අගමැතිවරයෙකුට එරෙහිව ගෙනා කිසිදු විශ්වාසභංග යෝජනාවක් සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.

Impeachment
Kevin Rudd & Julia Gillard Source: Wikipedia

බලයේ සිටියදීම අගමැතිකම අහිමිවූ ඔස්ට්‍රේලියානු අගමැතිවරු

බලයේ සිටියදීම අගමැතිකම අහිමිවූ ඔස්ට්‍රේලියානු අගමැතිවරු සිව්දෙනෙකු පිළිබඳ ඔස්ට්‍රේලියානු දේශපාලනයෙන් වාර්තා වේ.

කම්කරු පක්ෂයේ හිටපු නායකයින් දෙදෙනකු වන Kevin Rudd සහ Julia Gillard ඒ ආකාරයෙන් බලයේ සිටියදීම ආණ්ඩු පක්ෂය විසින් නව නායකයෙකු තෝරාපත් කරගැනීම නිසා සිය අගමැතිධුර අහිමි විය.

වසර 2012 දී අගමැතිව සිටි Kevin Rudd ව අභිබවමින් Julia Gillard නව අගමැති ලෙස පත්වූ නමුත් දෛවයේ සරදමක් ලෙස 2013 ජුනි මාසයේදී නැවත Julia Gillard ව පරාජය කරමින් Kevin Rudd අගමැතිධුරයට පත් විය.

ලිබරල් පක්ෂයේ නායකයින් දෙපළක් වූ Tony Abbott සහ Malcolm Turnbull හටද මේ ඉරණමට මුහුණ දීමට සිදුවිය.

Impeachment
Tony Abbott & Malcolm Turnbull Source: AAP

වසර 2015 දී ලිබරල් පක්ෂ නායකයාව සිටි අගමැති Tony Abbott ලිබරල් පක්ෂ නායකත්වයෙන් නෙරපා Malcolm Turnbull ව නව නායකයා ලෙස තෝරාපත් කරගැනීමෙන් Tony Abbott දැරූ ඔස්ට්‍රේලියානු අගමැතිධුරය Malcolm Turnbull හට හිමිවිය.

නමුත් 2018 වසරේ දී Malcolm Turnbull හටද එම ඉරණමම අත්වූ අතර වත්මන් ලිබරල් පක්ෂ නායකයා ලෙස ස්කොට් මොරිසන් තේරී පත්වීම නිසා ඔස්ට්‍රේලියානු අගමැතිධුරය ඔහුට හිමි විය.

Impeachment
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now