SKIP TO MAIN CONTENT

හොරට වියදම් පෙන්වා Tax Return එකෙන් වැඩි මුදලක් නැවත ගන්නා පුද්ගලයින්ව හසු කරගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් නව තාක්ෂණික ක්‍රමවේදයක්. (SBS සිංහල/ වාර්තා)

Tax Return
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ 2018/19 මුල්‍ය වර්ෂය සඳහාවූ tax return එක හෙවත් ඒක පුද්ගල වාර්ෂික ආදායම් බදු ප්‍රතිලාභය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කිරීමේ කාල සීමාව මේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එලෙස යොමු කරන වාර්ෂික බදු ප්‍රතිලාභයේදී ව්‍යාජ වියදම් වර්ග ඇතුළත් කර අයථා ලෙස බදු මුදල් නැවත ලබාගැනීමට උත්සාහ දරන ඔස්ට්‍රේලියානුවාසීන්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.

Tax Return
Source: AAP

නැවත ජනතාවට ගෙවනු ලබන මුදල්

වසර පුරා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් කපා ගන්නා ආදායම් බදු වලින් රැකියාවට අදාළ වියදම් පෙන්වා බොහෝ පුද්ගලයින් තම වාර්ෂික බදු ප්‍රතිලාභයේදී තමන් ගෙවූ බදු වලින් සැලකිය යුතු මුදලක් ආපසු ලබා ගනී.

මේ සඳහා ක්‍රමවත් පටිපාටියක් ඇත.

එමෙන්ම ආදායම් බදු නොගෙවා පැහැර හැරීම නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට වාර්ෂිකව ඩොලර් බිලියන 8.7 ක් පාඩු වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර බදු කොමසාරිස් Karen Foat, ABC පුවත් සේවයට පැවසුවාය.

ඇතැම් පුද්ගලයින් තම නියමිත වියදම් වලටත් වඩා වැඩි වියදමක් පෙන්වා තමන් ගෙවූ බදු මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගන්නා බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හොඳින් දන්නා බව ඇය පැවසුවාය.

නමුත් එය වැරදි ක්‍රියාවක් බව ඇය අවධාරණය කළාය.

ඇතැම් පුද්ගලයින් මෙම වැරැද්ද එක් වරක් පමණක් කරන බවත් ඇතැම් අය මෙම බොරුව නොකඩවා සිදුකරන බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර බදු කොමසාරිස් Karen Foat පැවසුවාය.

Tax Return
Source: Flickr

මේ වසරේ සිට ව්‍යාජ වියදම් හසු කරගන්න නව තාක්ෂණික ක්‍රමවේදයක්

ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යාජ වියදම් ඉදිරිපත් කරමින් වැඩි මුදල් ප්‍රමාණයක් නැවත ලබාගැනීමට උත්සාහ දරන පුද්ගලයින්ව හසු කරගැනීමට මේ වසරේදී නව තාක්ෂණික ක්‍රමවේදයක්  අනුගමනය කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

නොදැන සිදුකරන වැරදි සහ දැනුවත්ව හිතා මතා කරන වැරදි එහිදී මනාව හඳුනාගත හැකි බව ඔවුන් පවසයි.

දරුණු ගනයේ එවැනි වැරදි හසුවුවහොත් එම පුද්ගලයින් නවතින්නේ අධිකරණය ඉදිරියේ බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර බදු කොමසාරිස් Karen Foat පැවසුවාය.

එසේ නොමැති වුවද ඔබ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ට බොරු කර හසු වුවහොත් ඔබට දඩ ගෙවීමට ද සිදුවනු ඇත.

ඔබේ ආදායම් සහ වියදම් පිළිබඳ ඔබ සමීපයේ ඇති තොරතුරු වලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සතු බව බදු සන්නිවේදන අධ්‍යක්ෂ Mark Chapman පැවසීය.

ඒ අනුව ඔබේ වාර්ෂික බදු ප්‍රතිලාභය යොමු කරන විට ව්‍යාජ වියදම් අඩංගු නොකර සැබෑ ආදායම් වියදම් විස්තර ඇතුළත් කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉලා සිටියි.

Tax Return
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now