ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුව අවසන් වී මේ එළඹ ඇත්තේ වසන්ත සෘතුව වේ.
වසන්ත සෘතුව ආරම්භ වීමත් සමග බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන්ට පීඩා විඳීමට සිදුවන සෞඛ්‍ය ගැටළුවක් වන්නේ Hay Fever රෝගී තත්ත්වයයි.
මෙවර මෙම Hay Fever රෝගී තත්ත්වය, සාමාන්‍ය කාලයටත් පෙර සිටම පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියානු රජයට අයත් healthdirect වෙබ් අඩවිය සඳහන් කරන පරිදි Hay Fever රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක මොනවාද සහ ඉන් මිදෙන්නේ කුමන අයුරින්ද යන්න පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Source: SBS Sinhala