රතු සහ සකස් කරන ලද මාංශ, පිළිකා සඳහා බල නොපාන බව ආන්දෝලනාත්මක පර්යේෂණයක් පවසයි. (SBS සිංහල/ වාර්තා)

Red meat

Source: Flickr

රතු මාංශ සහ සකස් කරන ලද මාංශ පිළිකා සහ හදවත් රෝග සඳහා මග පාදන ප්‍රබල සාධක බවට ලොව පුරා විශාල කතිකාවක් පවතී.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


නමුත් එම කතිකාව තවත් ආන්දෝලනාත්මක මානයකට ගෙන යමින් කැනඩාවෙන් නව පර්යේෂණයක ප්‍රතිඵල එළිදක්වා තිබේ.

Red meat
Source: AAP

රතු මාංශ සහ සකස් කරන ලද මාංශ පිළිකා සහ හදවත් රෝග සඳහා බල නොපායි

රතු මාංශ සහ සකස් කරන ලද මාංශ පිළිකා සහ හදවත් රෝග සඳහා ප්‍රධාන සාධකයක් නොවන බව කැනඩාවේ Dalhousie සහ McMaster යන විශ්ව විද්‍යාල විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් පවසයි.

රතු මාංශ සහ සකස් කරන ලද මාංශ ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට කිසිදු අවදානමක් නොමැති බව මෙයින් නොපැවසෙන බවත් රතු මාංශ සහ සකස් කරන ලද මාංශ ආහාරයට ගැනීම අඩු කිරීම හරහා පිළිකා ඇතිවීම හෝ අනෙකුත් අහිතකර සෞඛ්‍ය ගැටළු ඇතිවීම ඉතා සුළු මට්ටමකින් පමණක් පහළ බසින බව මෙහිදී හෙළිවී ඇති බවත් මෙම පර්යේෂණයේ එක් පර්යේෂකයෙකු වන මහාචාර්ය Bradley Johnston, BBC පුවත් සේවයට පැවසීය.

පර්යේෂකයින් 14 ක් විසින් මෙහෙයවූ මෙම පර්යේෂණය වසර තුනක් පුරාවට රවටල 7 කදී ක්‍රියාත්මක කෙරිණි.

මෙම පර්යේෂණය සඳහා කිසිදු බාහිර මුල්‍ය ප්‍රතිපාදනයක් නොලැබුණු බවද එම පර්යේෂකයෝ පවසති.

රතු සහ සකස් කරන ලද මාංශ, පිළිකා සහ හදවත් රෝගී තත්ත්වයන්ට බලපාන අයුරු පිළිබඳ අහඹු අවස්ථා සහ නිරීක්ෂණ හරහා පර්යේෂක කණ්ඩායම් අධ්‍යනය කළ බව McMaster විශ්ව විද්‍යාලය පවසයි.

මිනිසුන් 54,000 ක් සහභාගී කරගනිමින් සිදුකළ අධ්‍යන 12 කදී රතු සහ සකස් කරන ලද මාංශ, පිළිකා සහ හදවත් රෝග සමග සැලකිය යුතු ලෙස සම්බන්ධතාවක් නොපෙන්වන බව අනාවරණය වූ බව ඔවුහු පෙන්වා දෙති.

Red meat
Source: Pixabay

පර්යේෂණ වාර්තාවට විරෝධය

මෙම පර්යේෂණ වාර්තාව හරහා මහජන සෞඛ්‍යට අවදානම් තත්ත්වයක් උද්ගත කරනු ඇතැයි ලෝකය වටින්ම මතවාද නැගී එමින් පවතින බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

රතු සහ සකස් කරන ලද මාංශ අනුභවය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ලොව පිළිගත් සෞඛ්‍ය ආයතන නිර්දේශ කරන ලද නිර්දේශ සහ උපදෙස් වලට පටහැනි අදහස් මෙම වාර්තාව හරහා සමාජගත වන බව ඔවුන් පෙන්වා දෙයි.

වසර 2015 දී රතු සහ සකස් කරන ලද මාංශ අනුභවය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් දැවැන්ත පුවත් සිරස්තලයක් නිර්මාණය කළේය.

රතු සහ සකස් කරන ලද මාංශ අනුභවය පිළිකා සහ හදවත් රෝග වලට අතවැනීමක් ලෙස ඔවුන් එහිදී ප්‍රකාශ කළේය.

නමුත් මෙම නවතම පර්යේෂණය සමග මේ පිළිබඳ නැවත වරක් සිතීමට සිදුවී ඇති බව පසක් වෙයි.

Red meat
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය

වසර 2013 දී ලබාගත් අවසන් නිල දත්ත වලට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසියෙකු සතියකට රතු මාංශ ග්‍රෑම් 560 ක් පමණ ආහාරයට ගන්නා බව සඳහන්.

නමුත් දැනට නිර්දේශිත ප්‍රමාණය වන්නේ සතියකට ග්‍රෑම් 455 කි.

Cancer Australia ආයතනයට අනුව රතු මාංශ සහ සකස් කරන ලද මාංශ ආහාරයට ගැනීමෙන් ආන්ත්‍රික, අන්නස්‍රෝත, පෙනහළු සහ උදරය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ දමන බව පෙන්වා දී තිබේ.

Red meat
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now