මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියේ අධික මගී තදබදය සහිත ට්‍රෑම් ධාවන මාර්ග හඳුනාගැනේ. (SBS සිංහල/ වාර්තා)

Melbourne Tram

وسائل النقل العام في فيكتوريا Source: Flickr

මෙල්බර්න් නුවර ධාවනය වන ට්‍රෑම් රථ පිළිබඳ නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එහිදී මගීන්ගේ අධික තදබදය සහිත ට්‍රෑම් රථ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

Melbourne Tram
Source: AAP

මගී තදබදය අධික ට්‍රෑම් මාර්ග

මගී තදබදය අධිකව පවතින ට්‍රෑම් ධාවන මාර්ග ලෙස ට්‍රෑම් ධාවන අංක 1 සහ 6 මෙම වාර්තාවේ දක්වා ඇති බව සිඩ්නි මොර්නින්ග් හෙරල්ඩ් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙම වාර්තාව සකසා තිබේ.

එමෙන්ම peak times හෙවත් කාර්ය බහුල වේලාවල් වලදී (විශේෂයෙන්ම උදෑසන සහ සවස් කාලයේ) ට්‍රෑම් මගීන් හට දැඩි තෙරපීමක් සහිතව එම ට්‍රෑම් රථවල ගමන් කරන බව ද එම වාර්තාවේ සඳහන්.

නමුත් පොදු ප්‍රවාහන සේවා පිළිබඳ විශාරදයෝ මෙම වාර්තාව දැඩි ලෙස විවේචනය කරති.

මෙල්බර්න් ට්‍රෑම් ධාවනයේ සහ මගීන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ සත්‍ය කතාව එම වාර්තාවට මගහැරී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

යම් පක්ෂයකට පක්ෂපාතී අයුරින් මේ වාර්තාව සකස් කර ඇති බවට ඔවුහු චෝදනා කරති.

Melbourne Tram
Source: Flickr

සමීක්ෂණය

පසුගිය මැයි මාසයේ පැවති මෙම සමීක්ෂණයේදී ට්‍රෑම් රථ වල මගී ධාරිතාව පිළිබඳ මූලික අවධානය යොමු කර ඇත.

දින 9 ක කාලයක් පුරාවට මෙම සමීක්ෂණය ක්‍රියාත්මක විය.

නියම කළ මගී ධාරිතාවට වඩා අධික මගී තදබදයක් සහිතව කාර්යය බහුල වේලාවල ධාවනය කෙරන ට්‍රෑම් ධාවන මාර්ග 4 ක් පිළිබඳ එහිදී හඳුනාගෙන තිබේ.

ඒ සියල්ල මෙල්බර්න් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය හෙවත් මෙල්බර්න් CBD හරහා වැටී ඇති ට්‍රෑම් ධාවන මාර්ග වේ.

විශේෂයෙන් මෙල්බර්න් නගරය තුළදී ට්‍රෑම් රථ වල අධික මගී තදබදයක් පවතින බවත්  Bourke වීථිය වැනි ප්‍රදේශයක සිට කාර්යය බහුල වේලාවකදී ට්‍රෑම් රථයකට ගොඩවීම ඉතාමත් අපහසු කාර්යයක් බවත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ගේ සංවිධානයේ නියෝජිත Daniel Bowen පවසයි.

මෙල්බර්න් නගරය පුරා free tram zone එකක් හෙවත් ගාස්තු රහිතව ගමන් කිරීමට ඉඩ සලසා ඇති කලාපයක් ක්‍රියාත්මක වීම මෙම තදබදය තවත් උග්‍ර වීමට හේතුවක් බවද ඔහු පැහැදිලි කරයි.

මෙල්බර්න් CBD තුළ කිසිදු ට්‍රෑම් රථයක් සවස 3 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ අධික මගී තදබදයකින් යුතු නොවන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

නවීන E-class වර්ගයේ ට්‍රෑම් රථයක මගීන් 180 දෙනෙකු පමණ පහසුවෙන් ගමන් කළ හැකි බවද වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම වාර්තාව පිළිබඳ නැවත සමාලෝචනය කළ යුතු බව ගමනාගමන ප්‍රවීණයෝ අදහස් පළ කර සිටියෝය.

Melbourne Tram
Melbourne E-Class Tram Source: Flickr

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය ලොව විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනු ලබයි.

කිලෝ මීටර් 250 කට අධික දුරක් දක්වා විහිදෙන මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියට මේ වන විට ට්‍රෑම් මාර්ග 25 ක් අයත්වෙයි.

එම මාර්ග වල ට්‍රෑම් නැවතුම් ස්ථාන 1763 ක් ඇති බවද වාර්තා වේ.

ලොව දෙවැනි හා තෙවැනි විශාලතම  ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනුයේ පිළිවෙලින් රුසියාවේ Moscow නුවර සහ Saint Petersburg නුවරය.

වසරකට සාමාන්‍යයෙන් ට්‍රෑම් හරහා මිලියන 200 ක පමණ ගමන් වාර සිදුකෙරෙන බවද සඳහන්.

Melbourne Tram
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now