Highlights
- COVID-19 එන්නත් වල ආරක්‍ෂිත බව
- COVID-19 එන්නත් සහ ගැබ් ගැනීම
- COVID-19 එන්නත් සහ නිසරු බව
COVID-19 එන්නත් වල ආරක්‍ෂිත බව
COVID-19 එන්නත ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය මගින් හොඳින් පරික්ෂා කොට ඇති අතර ඒවා ආරක්‍ෂිත බවට තහවුරු කොට තිබේ.
COVID-19 එන්නතද සෙසු එන්නත් මෙන් COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිදේහ නිපදවීමට අපගේ ශරීරය පුහුණු කිරීම සිදු කරයි. මෙමගින් ඉදිරියේදී ඇතිවිය හැකි අසාදන මගින් ශරීරයට ආරක්ෂාව ලබා දේ.
COVID-19 එන්නත් සහ ගැබ් ගැනීම
මෙම එන්නත මගින් ගැබ් ගැනීම් සඳහා ගැටළු මතු කරන බවට විශ්වාසයක් මේ වනවිට ඇතැම් පිරිසක් තුල මතුව තිබේ.

නමුත් COVID-19 එන්නත මගින් සාදන ලද ප්‍රතිදේහ ඔස්සේ කාන්තා ශරීරයේ placenta කොටස වර්ධනය කිරීම සහ ගැබ්ගැනීම් සමඟ ගැටළු ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
COVID-19 එන්නත් සහ නිසරු බව
එමෙන්ම මෙම COVID-19 එන්නත, පිරිමි හෝ ගැහැණු පුද්ගලයින්ගේ සරු භාවය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවට හෝ දරුවන් අනාගත වඳ භාවයට පත් වන බවට හෝ සාක්ෂි හමුව නැති බවත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මේ වනවිට ගැබ් ගැනීමක් අපේක්ෂා කරන සහ ඉදිරියේදී ගැබ් ගැනීමක් අපේක්ෂා කරන පිරිස හට COVID-19 එන්නත ලබාගැනීම ගැටලුකාරී නොවේ.
COVID-19 එන්නත් සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න.

