කොවිඩ් 19 එන්නත් නිසා, වඳභාවයට පත් වනවාද? ඇත්ත මෙන්න (SBS සිංහල / වාර්තා)

COVID-19 එන්නත් මගින් පිරිමි හෝ ගැහැණු ළමුන් වඳභාවයට පත්වන බවට හෝ දරුවන් අනාගත වඳභාවයට පත් වන බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නැති බව ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය පවසයි.

The University of Sydney partnered with India and Switzerland to develop a vaccine against future Covid variants

The University of Sydney partnered with India and Switzerland to develop a vaccine against future Covid variants Source: AAP

Highlights

  • COVID-19 එන්නත් වල ආරක්‍ෂිත බව 
  • COVID-19 එන්නත් සහ ගැබ් ගැනීම 
  • COVID-19 එන්නත් සහ නිසරු බව

COVID-19 එන්නත් වල ආරක්‍ෂිත බව

COVID-19 එන්නත ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය මගින් හොඳින් පරික්ෂා කොට ඇති අතර ඒවා ආරක්‍ෂිත බවට තහවුරු කොට තිබේ.

COVID-19 එන්නතද සෙසු එන්නත් මෙන් COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිදේහ නිපදවීමට අපගේ ශරීරය පුහුණු කිරීම සිදු කරයි. මෙමගින් ඉදිරියේදී ඇතිවිය හැකි අසාදන මගින් ශරීරයට ආරක්ෂාව ලබා දේ.

COVID-19 එන්නත් සහ ගැබ් ගැනීම

මෙම එන්නත මගින් ගැබ් ගැනීම් සඳහා ගැටළු මතු කරන බවට විශ්වාසයක් මේ වනවිට ඇතැම් පිරිසක් තුල මතුව තිබේ.

vaccination
Source: Pixabay

නමුත් COVID-19 එන්නත මගින් සාදන ලද ප්‍රතිදේහ ඔස්සේ කාන්තා ශරීරයේ placenta කොටස වර්ධනය කිරීම සහ ගැබ්ගැනීම් සමඟ ගැටළු ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


COVID-19 එන්නත් සහ නිසරු බව

එමෙන්ම මෙම COVID-19 එන්නත, පිරිමි හෝ ගැහැණු පුද්ගලයින්ගේ සරු භාවය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවට හෝ දරුවන් අනාගත වඳ භාවයට පත් වන බවට හෝ සාක්ෂි හමුව නැති බවත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Vaccination
Vaccination Source: AAP Images

මේ හේතුවෙන් මේ වනවිට ගැබ් ගැනීමක් අපේක්ෂා කරන සහ ඉදිරියේදී ගැබ් ගැනීමක් අපේක්ෂා කරන පිරිස හට COVID-19 එන්නත ලබාගැනීම ගැටලුකාරී නොවේ.

COVID-19 එන්නත් සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න.


Share

2 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now