වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සිසුන්ට රැකියා පළපුරුද්ද ලබාගැනීමට ප්‍රාන්ත රජයෙන්ම අවස්ථාවක් (SBS සිංහල/ වාර්තා)

ඇතැම් විශ්ව විද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා Work placement hours හෙවත් Work placement පැය ගණන සම්පුර්ණ කරමින් මෙම වැඩසටහන හරහා ඇතැම් සිසුන්ට ඉක්මනින් ඔවුන්ගේ සුදුසුකම් කරා ළඟා වීමට ඉඩ සැලසෙන බවද ප්‍රාන්ත රජය සඳහන් කරයි.

A fresh legal challenge has been filed over Victoria's COVID-19 vaccine mandates for authorised workers, involving more than 100 workers and employers.

Healthcare workers are seen prepping Covid-19 vaccinations at the vaccination centre at Sandown Racecourse in Melbourne, Victoria. Source: AAP

කොවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල සිසුන් සියගණනක් ප්‍රාන්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලය සමග එක්වේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ බව පසුගිය සති අන්තයේදී නිවේදනය කළේය.


Highlights

  • ප්‍රාන්ත රජය විසින් මෙහෙයවනු ලබන කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානවලට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශවල සිසුන් බන්දවගන්නා බව සඳහන්.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් 580 කට අධික පිරිසක් මේ වන විට බඳවාගෙන ඇත.
  • මෙම වැඩසටහන හරහා ඇතැම් සිසුන්ට ඉක්මනින් ඔවුන්ගේ සුදුසුකම් කරා ළඟා වීමට ඉඩ සැලසෙන බවද ප්‍රාන්ත රජය සඳහන් කරයි.

කොවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට විශ්ව විද්‍යාල සිසුන්

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් 580 කට අධික පිරිසක් බඳවාගෙන ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

ප්‍රාන්ත රජය විසින් මෙහෙයවනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඔවුන් මෙසේ බඳවාගත් බව පැවසේ.

ඒ හරහා එම විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රයෝගික වෘත්තීය පළපුරුද්දක් ලබාගත හැකි බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

ඇතැම් විශ්ව විද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා Work placement hours හෙවත් Work placement පැය ගණන සම්පුර්ණ කරමින් මෙම වැඩසටහන හරහා ඇතැම් සිසුන්ට ඉක්මනින් ඔවුන්ගේ සුදුසුකම් කරා ළඟා වීමට ඉඩ සැලසෙන බවද ප්‍රාන්ත රජය සඳහන් කරයි.
Medical workers treat patients at a COVID-19 facility of the Emergency Care Hospital of the Healthcare Ministry of the Republic of Chuvashia.
Source: AAP

සහභාගී වන විශ්ව විද්‍යාල සිසුන් ඛාණ්ඩ සහ සහභාගී විය හැකි අයුරු

මෙම වැඩසටහන සඳහා සහභාගීවන සිසුන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නියාමන ඒජන්සිය සමඟ ලියාපදිංචි විය යුතු අතර වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි විශ්ව විද්‍යාලවල වෛද්‍ය, හෙද, ෆාමසි, වින්නඹු සහ පරිපූරක වෛද්‍ය ඇතුළු විවිධ පාඨමාලා හදාරන අය බව සඳහන්.

ඔවුන් ප්‍රධාන වශයෙන් මෙට්‍රොපොලිටන් කලාපයේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානවල සේවයට යොදවා ඇති අතර සෞඛ්‍ය සේවා මගින් ද සෘජුව බඳවා ගනු ලැබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විශ්ව විද්‍යාල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
Whitten Oval හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කළ තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය හරහා දින 2 කදී පුද්ගලයින් 2,000 කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට හැකියාව ලැබුණි.

එමෙන්ම Federation විශ්ව විද්‍යාලයේ Mount Helen මණ්ඩපයේ පිහිටවූ තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේ එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු සේවය කර තිබේ.

මේ අතර වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ Certificate III in Health Services Assistance පාඨමාලාව සම්පුර්ණ කළ සිසුන් දැන් Patient Service Assistants හෙවත් රෝගී සේවා සහකාරවරුන් ලෙස ඉදිරිපෙළ සෞඛ්‍ය සේවයේ රාජකාරී කරමින් සිටින අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලය කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා VaxFACTS වෙබ් පිටුව නිර්මාණය කර ඇත.

වික්ටෝරියානු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සමග එක්වී රාජකාරී කිරීමට ඇති අවස්ථාව මෙම වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සිසුන්ට රැකියා පළපුරුද්ද ලබාගැනීමට ප්‍රාන්ත රජයෙන්ම අවස්ථාවක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala