ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආයු අපේක්ෂාව අඛණ්ඩව ඉහළට, ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

අද කාලයේ උපදින ළදරුවන්ට ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඇස්තමේන්තුගත ආයු අපේක්ෂාව ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Demography හෙවත් ජනවිකාස අධ්‍යක්ෂ Beidar Cho පැවසුවාය.

Life expectancy hits a new high in Australia

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව අඛණ්ඩව ඉහළ යන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත මේ බව අනාවරණය කරයි.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ පිරිමි දරුවෙකු වයස අවුරුදු 81.2 දක්වා ජීවත් වන බව අපේක්ෂා කෙරේ.
  • ගැහැණු දරුවෙකු වයස අවුරුදු 85.3 දක්වා ජීවත් වන බවද නවතම දත්ත පෙන්වා දෙයි.
  • ඔස්ට්‍රේලියාවේ ඉහළම ආයු අපේක්ෂාව වාර්තා වන්නේ Australian Capital Territory වෙතිනි

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආයු අපේක්ෂාව අඛණ්ඩව ඉහළට

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ පිරිමි දරුවෙකු වයස අවුරුදු 81.2 දක්වා ජීවත් වන බව අපේක්ෂා කෙරේ.

එමෙන්ම ගැහැණු දරුවෙකු වයස අවුරුදු 85.3 දක්වා ජීවත් වන බවද එම දත්ත පෙන්වා දෙයි.

අද කාලයේ උපදින ළදරුවන්ට ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඇස්තමේන්තුගත ආයු අපේක්ෂාව ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Demography හෙවත් ජනවිකාස අධ්‍යක්ෂ Beidar Cho පැවසුවාය.

උපතේදී ඔස්ට්‍රේලියාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව 2018-2020 වසරවල අවුරුදු 81.2 දක්වා ළඟා විය.

එය 2017-2019 වසරවල තිබුණේ අවුරුදු 80.9 මට්ටමේය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කාන්තා ආයු අපේක්ෂාව ද පෙර වසරේ පැවති අවුරුදු 85.0 සිට මෙවර අවුරුදු 85.3 දක්වා වැඩි වී තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව කාන්තාවන්ට වඩා වේගවත් අනුපාතයකින් වැඩිවී ඇත.

මීට වසර 30 කට පමණ පෙර (1990) ඔස්ට්‍රේලියාවේ උපතේදී ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 73.9 ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 80.1 ක් විය.

එහි පරතරය අවුරුදු 6.2 ක් විය.

2018-2020 වන විට එම පරතරය අවුරුදු 4.1 ක් බවට අඩුවී තිබේ.
multicultural engagement
Source: AAP

වෙනත් රටවල සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව

නවසීලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව වැනි රටවල ආයු අපේක්ෂාව සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව ඉතා ඉහළ අගයක් ගන්නා බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නමුත් ජපානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව පහළ අගයක් ගන්නා බව ජනවිකාස අධ්‍යක්ෂ Beidar Cho පැවසුවාය

අද වන විට අවුරුදු 50ක් වයසැති ඔස්ට්‍රේලියානු පුරුෂයෙකුට තවත් අවුරුදු 33.2 ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැක.

එමෙන්ම අද වන විට අවුරුදු 50ක් වයසැති ඔස්ට්‍රේලියානු කාන්තාවකට තවත් අවුරුදු 36.6 ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකි බවද සඳහන්.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ආයු අපේක්ෂාව

ඔස්ට්‍රේලියාවේ ඉහළම ආයු අපේක්ෂාව වාර්තා වන්නේ Australian Capital Territory වෙතිනි.

Australian Capital Territory හි පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 82.1 ක් වන අතරේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 85.9 කි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පහළම ආයු අපේක්ෂාව Northern Territory වෙතින් වාර්තා වේ.

Northern Territory හි පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 76.2 ක් වන අතරේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.0 කි.

නමුත් පසුගිය වසර 30 තුළදී ආයු අපේක්ෂාව වර්ධනයේ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් ඉහළම වර්ධන වේගය පෙන්නුම් කරන්නේ Northern Territory ය වේ.

එම වර්ධන වේගය පිරිමින්ගේ අවුරුදු 9.9 ක් වන අතර කාන්තාවන්ගේ අවුරුදු 8.7 කි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ආයු අපේක්ෂාව පහත පරිදි වේ.
Life expectancy hits a new high in Australia
Source: ABS

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service