ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කළද ජාත්‍යන්තර සිසුන් වෙනත් රටවලට යාමේ අවදානමක් (SBS සිංහල/ වාර්තා)

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තමන්ගේ අධ්‍යයන ගමනාන්තයක් ලෙස තෝරාගෙන ඇති ජාත්‍යන්තර සිසුන් වෙනත් රටක් සොයන බව Adventus හි ප්‍රධාන විධායක නිලධාරී Ryan Trainor පැවසීය.

Students at Sydney's UNSW.

Source: AP/Mark Baker

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අයදුම් කරන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව අඩකටත් වඩා අඩු වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කළද බොහෝ ජාත්‍යන්තර සිසුන් තම උසස් අධ්‍යාපනය ලැබීමට ඔස්ට්‍රේලියාව හැර වෙනත් රටක් තෝරාගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවද වාර්තා වේ.


Highlights

  • දැනට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් 259,752 ක් සිටින බව නොවැම්බර් මාසය සඳහා වන නවතම රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
  • ඔවුන්ගෙන් අඩකට වඩා උසස් අධ්‍යාපනයේ හෝ පශ්චාත් උපාධි පර්යේෂණවල යෙදී සිටින බව සඳහන්.
  • සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තමන්ගේ අධ්‍යයන ගමනාන්තයක් ලෙස තෝරාගෙන ඇති ජාත්‍යන්තර සිසුන් වෙනත් රටක් සොයන බව Adventus හි ප්‍රධාන විධායක නිලධාරී Ryan Trainor පැවසීය.

ඔස්ට්‍රේලියාවට අයදුම් කරන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වේ

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා යොමු කෙරෙන ජාත්‍යන්තර සිසුන්ගේ අයදුම්පත් මේ වසරේ මාර්තු මාසයේ සිට 51% කින් පහත වැටී තිබේ.

International student recruitment marketplace Adventus හි නවතම දත්ත මේ බව පෙන්වා දී ඇත.

දැනට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් 259,752 ක් සිටින බව නොවැම්බර් මාසය සඳහා වන නවතම රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඔවුන්ගෙන් අඩකට වඩා උසස් අධ්‍යාපනයේ හෝ පශ්චාත් උපාධි පර්යේෂණවල යෙදී සිටින බව එම දත්ත පවසයි.
මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත තවමත් ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් 148,464 ක් සිටින බව ද අදාළ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
A New South Wales proposal to bring back international students during the second half of 2021 is being called 'a light at the end of the tunnel'
Source: SBS

පූර්ව කොවිඩ් වසංගත මට්ටමේ සිට ජාත්‍යන්තර සිසුන්ගේ අඩුවක්

කෙසේනමුත්, පූර්ව කොවිඩ් වසංගත මට්ටමේ සිට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ 40%ක අඩුවීමක් සිදුව ඇති බව Universities Australia හි නියෝජ්‍ය ප්‍රධාන විධායිකා Anne-Marie Lansdown පැවසුවාය.

කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම පැහැදිලිවම ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට ජාත්‍යන්තර සිසුන්ගේ කැමැත්ත කෙරෙහි ඍණාත්මකව බලපා ඇති බව ඇය පෙන්වා දුන්නාය.

එසේ වුවද, ඔස්ට්‍රේලියානු අධ්‍යාපනයේ මූලික ආකර්ෂණය වෙනස් වී නොමැති බවද ඇය අවධාරණය කළාය.
ජාත්‍යන්තර සිසුන්ට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය සහ ACTවෙත නැවත පැමිණීමේ නියමු සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ජාත්‍යන්තර සිසුන්ව යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ තත්ත්වය සුබදායී වනු ඇති බව Anne-Marie Lansdown පැවසුවාය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අනෙක් රටවල සමග සසඳන කල ඔස්ට්‍රේලියාව

ආයතන 1,500කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල් වන Adventus, මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර සිසුන් ඒ ඒ ප්‍රධාන රටවලට යොමු කළ අයදුම්පත් ප්‍රමාණයේ වර්ධනය පහත පරිදි ඉදිරිපත් කර තිබේ.

  • කැනඩාව - 148% ක වර්ධනයක්
  • එක්සත් රාජධානිය - 150% ක වර්ධනයක්
  • ඇමෙරිකා එක්සත් ජනපදය - 422% ක වර්ධනයක්
ඒ අනුව එම රටවලට ජාත්‍යන්තර සිසුන්ගේ අයදුම් කිරීම ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තමන්ගේ අධ්‍යයන ගමනාන්තයක් ලෙස තෝරාගෙන ඇති ජාත්‍යන්තර සිසුන් වෙනත් රටක් සොයන බව Adventus හි ප්‍රධාන විධායක නිලධාරී Ryan Trainor පැවසීය.

ඔස්ට්‍රේලියාවට වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර සිසුන් අහිමි වී ඇති බැවින් මේ තත්ත්වය රටට දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි බවද ඔහු පැවසීය.



Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service