Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාර සඳහා ඩොලර් 5,000හේ දීමනාව ගන්නේ මෙහෙමයි (SBS සිංහල වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ආහාර පාන ව්‍යාපාර සඳහා නිව් සවුත් වේල්ස් රජයේ Alfresco Restart පැකේජය යටතේ $5,000ක මුදලක් ලබාගැනීමට හැකියාව හිමි වන බව Service NSW වෙබ් අඩවිය පවසයි.

This is how a small or medium food and beverage business in NSW can receive a $ 5,000 grant to set up an Alfresco system
Source: Pexels /Andrea Piacquadio

ඩොලර් මිලියන 66ක් වටිනා මෙම පැකේජය පසුගිය ඔක්තෝබර් මසදී නිව් සවුත් වේල්ස් රජය ප්‍රකාශයට පත් කල අතර මේ වනවිටත් ඒ සඳහා අයදුම් කිරීමට අවස්තාව පවතී.


Highlights

  • මේ සඳහා සුදුසුකම් ලැබීම
  • මේ සඳහා අයදුම් කිරීමට ඔබ සතුව තිබිය යුතු සාක්ෂි 
  • අනන්‍යතාව ඔප්පු කිරීම 
  • මේ සඳහා ලියාපදිංචි වන අයුරු 

මෙම පැකේජය සඳහා ප්‍රාන්තයේ කුඩා හෝ මධ්‍යම ආහාර පාන ව්‍යාපාර 5,000 ක් ලියාපදිංචි විය හැකි අතර එම ආකාරය පහත පරිදි වේ

  • ග්‍රේටර් සිඩ්නි හි ව්‍යාපාර 3,500ක්
  • ග්‍රේටර් සිඩ්නි කලාපයෙන් පිටත නිව් සවුත් වේල්ස් හි ව්‍යාපාර 1,500ක්

Alfresco Restart පැකේජය සම්බන්ධයෙන් පියවර දෙකක් පවතී:

Alfresco Restart පැකේජයේ වට්ටම් සඳහා ලියාපදිංචි වීම

  • සුදුසුකම් තහවුරු කිරීමට පෙර ව්‍යාපාර ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ප්‍රාන්තයේ ව්‍යාපාර 5,000ක් සාර්ථකව ලියාපදිංචි වූ විට ලියාපදිංචිය සඳහා වන අවස්තාව අවසන් වේ.

Alfresco Restart පැකේජයේ වට්ටම් ලබාගැනීම

  • සාර්ථකව ලියාපදිංචි වී ඇති ව්‍යාපාරවලට, 2021 ඔක්තෝබර් 14 සිට 2022 අප්‍රේල් 30 දක්වා දරන ලද වියදම් සඳහා 2022 පෙබරවාරි අග සිට ඔවුන්ගේ වට්ටම් ඉල්ලීමට හැකියාව පවතී.
  • හිමිකම් ක්‍රියාවලිය (claims process) විවෘත වූ විට, ලියාපදිංචි ව්‍යාපාරවලට ඒ සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑලක් ඔස්සේ දන්වනු ලැබේ.
  • මේ සඳහා හිමිකම් පෑම (claims) 2022 අප්‍රේල් 30 වන විට සිදු කළ යුතුය.

Image

මේ සඳහා සුදුසුකම් ලැබීම

මෙම පැකේජයේ වට්ටම් සඳහා සුදුසුකම් ලැබීමට නම්

  • 2021 ජූනි 1 ට පෙර ලබාගත් Australian Business Number (ABN) තිබිය යුතුය 
  • ව්‍යාපාරය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා තිබිය යුතුය 
  • 2021 ජූනි 30 න් අවසන් වන වසර සඳහා ඩොලර් මිලියන 10 ට අඩු වාර්ෂික පිරිවැටුමක් තිබිය යුතුය 
  • පහත දැක්වෙන ANZSIC කේත සඳහා ඇතුලත් වන කුඩා හෝ මධ්‍යම ආහාර පාන ව්‍යාපාරයක් විය යුතුය 
  1. 4511 Cafés and restaurants
  2. 4520 Pubs, taverns and bars
  3. 4530 Clubs (hospitality)
  4. 4400 Accommodation (limited to hotel and motel operation)
  5. 1212 Beer Manufacturing
  6. 1213 Spirit Manufacturing
  7. 1214 Wine and other Alcoholic Beverage Manufacturing
  • 2021 ඔක්තෝබර් 14 සිට 2022 අප්‍රේල් 30 දක්වා ඔබේ එළිමහන් භෝජන ප්‍රදේශය විවෘත කිරීම හෝ පුළුල් කිරීම සඳහා සුදුසු වියදම් දරා හෝ වියදම් දැරීමට බලාපොරොත්තුවෙන් සිටිය යුතුය

මෙම වට්ටම් සඳහා අයදුම් කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වේ

  • තම ව්‍යාපාර ස්ථානය පුළුල් කිරීම සඳහා පුද්ගලික ඉඩම් හිමියාගේ සහ ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අනුමැතිය තිබිය යුතුය 
  • එම නව ස්ථානයේ මත්පැන් භාවිතයට බලපත්‍රය සඳහා අනුමැතිය තිබිය යුතුය

මේ සඳහා අයදුම් කිරීමට ඔබ සතුව තිබිය යුතු සාක්ෂි

Alfresco Restart වට්ටම සඳහා සාර්ථකව ලියාපදිංචි වූ පිරිසට 2022 පෙබරවාරි මාසයේ සිට වට්ටම ලබා ගැනීමට හැකියාව හිමිවේ.

මේ සඳහා සාක්ෂි වශයෙන් ඔබට පහත දෑ අවශ්‍ය වේ

  • ඔබ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර ලේඛනයේ ලැයිස්තුගත කර නොමැති නම්,ඒ සම්බන්ධයෙන් අධිකාරිය සපයන ලපිය 
  • ඔබ ලාභ නොලබන සංවිධානයක් නම්, ලාභ සහ අලාභ ප්‍රකාශය හෝ ගණකාධිකාරීවරයාගේ ලිපියක් 
  • 2020-21 වසර සඳහා වන ඕස්ට්‍රේලියානු ආදායම් බදු ප්‍රතිලාභය 
  • ඔබේ ව්‍යාපාරය 2021 ජුනි 1 වන දින සිට NSW හි පිහිටා ඇති බව පෙන්වන සාක්ෂි (commercial rates notice/ utility bills/ insurance papers)
  • එළිමහන් භෝජන ප්‍රදේශය සඳහා ඉඩම භාවිතා කිරීම අනුමත කරන අදාළ කවුන්සිලයේ හෝ පෞද්ගලික ඉඩම් හිමියාගේ ලියකියවිලි (council approvals or permits / council-approved site plans / private landholder’s written consent වැනි දෑ)
  • 2021 ඔක්තෝම්බර් 14 සිට 2022 අප්‍රේල් 30 දක්වා වූ වියදම් සඳහා රිසිට්පත්
  • නව ස්ථානයේ මත්පැන් භාවිතයට බලපත්‍රය අනුමත කිරීම, AM0521 ආකෘති පත්‍රය, AM0522 පෝරමය හෝ වෙනත් පෝරමයක් යටතේ සිදුවේ. මේ හේතුවෙන් Liquor & Gaming NSW මගින් එම නව තාවකාලික ප්‍රදේශය සම්බන්ධයෙන් අනුමත කර ඇති පිටපතක් 
  • අවශ්‍ය නම් අදාළ, ව්‍යාපාරයේ මත්පැන් බලපත්‍රයේ පිටපතක්
  • ඔබේ ව්‍යාපාර බැංකු විස්තර

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අනන්‍යතාව ඔප්පු කිරීම

අනන්‍යතාව ඔප්පු කිරීම සඳහා පහත ලේඛන වලින් දෙකක් ඇතුලත් කල හැක

  • Australian driver licence
  • Medicare card
  • Australian passport
  • Australian birth certificate
  • Australian travel visa
  • Australian citizenship certificate
  • Australian certificate of registration by descent
  • Australian ImmiCard

Image

මේ සඳහා ලියාපදිංචි වන අයුරු

  • ඔබ සුදුසුකම් නිර්ණායක සපුරාලන්නේදැයි පරීක්ෂා කරන්න 
  • ‘Register online’ යන කොටස තෝරන්න (ඔබගේ අයදුම්පත සුරැකීමට සහ නැවත ආරම්භ කිරීමට හැකි නමුත් ඔබ දින 7ක් ඇතුළත අවශ්‍ය දෑ ඉදිරිපත් නොකළේ නම්, ඔබ ඇතුළත් කර ඇති ඕනෑම විස්තරයක් මකා දැමෙනු ඇත)
  • MyServiceNSW ගිණුමක් පවතී නම් එයට ඇතුල් වන්න, නොමැතිනම් නව ගිණුමක් සාදන්න 
  • Alfresco Restart වට්ටමක් සඳහා ලියාපදිංචි වීමට වන පියවර අනුගමනය කරන්න

ඔබ මේ සඳහා ලියාපදිංචි වූ විට, එය තහවුරු කිරීම සඳහා විද්‍යුත් තැපෑලක් ඔබට ලැබේ.ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට මෙම විද්‍යුත් තැපෑල නොලැබුනේ නම්, කරුණාකර ඔබගේ junk mail ෆෝල්ඩරය පරීක්ෂා කරන්න.

ඔබට online මාර්ගයෙන් ලියාපදිංචි වීමට නොහැකි නම්, කරුණාකර 13 77 88 අමතන්න

ඔබ සාර්ථකව මේ සඳහා ලියාපදිංචි වූ විට ඔබට 2022 පෙබරවාරි අග සිට වට්ටම ලබා ගැනීමට හැකි වේ.


4 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now