ලංකාවටත් දැනෙන්න ගහපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ සද්දන්තයා රිය අනතුරකින් නිහඬ වෙයි (SBS සිංහල/ වාර්තා)

Andrew Symonds මරණය වාර්තා වන්නේ සුපිරි ඔස්ට්‍රේලියානු දඟ පන්දු යැවූ ක්‍රීඩක Shane Warne ගේ සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක Rod Marsh ගේ මරණ සිදුවී යන්තම් මාස දෙක ගතවන විටය.

Tributes for Australian cricket legend Andrew Symonds after his death

Andrew Symonds of Australia poses with the 1999 and 2003 World Cup trophies during the Australian Cricket team World Cup portrait session at The Hilton Hotel Fe Source: Mark Nolan/Getty Images

ක්වීන්ස්ලන්තයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් ඔස්ට්‍රේලියාවේ හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds ජීවිතක්ෂයට පත් විය.

46 හැවිරිදි Symonds ගේ මෙම මාරාන්තික රිය අනතුරව පසුගිය සෙනසුරාදා (14/05) පස්වරුවේ සිදුවී ඇති බවත් එම මෝටර් රථයේ සිට ඇත්තේ Symonds පමණක් බවත් වාර්තා වේ.

Townsville සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් Hervey Range ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.


Highlights

  • වසර 1998 සිට 2009 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දස්කම් පෑ Andrew Symonds ක්‍රිකට් ක්‍රීඩාවේ සංස්කෘතික මිනිසෙකු ලෙස හඳුන්වන්නේ ඔහුගේ උපත සහ හැදී වැදීම විවිධ සම්භව හරහා පැමිණීම නිසාවෙනි.
  • 2007 වසරේදී ද ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී යළිත් මුණ ගැසුණු අතර එහිදී Symonds පිත්තෙන් නොදැවී ලකුණු 23 ක්ද පන්දුවෙන් එක් කඩුල්ලක්ද ලබාගනිමින් යළිත් ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය දිනා දීමට සහයෝගය ලබා දුන්නේය.
  • Symonds ගේ සුන්දර සිනහව ඔහු තරග වදින විට විස්තර විචාරකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද නිරන්තර කතා බහට ලක්වුයේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය තුළදී සුලබව සිනාසෙන්නේ නැති නිසාවෙන් විය හැකිය.

Cricket Australia ආයතනයෙන් උපහාර

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවට අහිමි වී ඇති බව Cricket Australia ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව පළ කර තිබේ.

Andrew Symonds මරණය වාර්තා වන්නේ සුපිරි ඔස්ට්‍රේලියානු දඟ පන්දු යැවූ ක්‍රීඩක Shane Warne ගේ සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක Rod Marsh ගේ මරණ සිදුවී යන්තම් මාස දෙක ගතවන විටය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Andrew Symonds යනු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ඔස්ට්‍රේලියාවේ සාර්ථකත්වයට සහ ක්වීන්ස්ලන්තයේ සාර්ථක ක්‍රිකට් ඉතිහාසයේ කොටසක් ලෙසින් දායක වූ අද්විතීය ක්‍රිකට් සලකුණක් බව Cricket Australia ආයතනයේ සභාපති Lachlan Henderson පැවසීය.

තමන්ගේ ක්‍රිකට් රසිකයින්ට මෙන්ම මිතුරන්ටද Symonds සුවිශේෂී සංස්කෘතික චරිතයක් වූ බව ද Henderson සඳහන් කළේය.

වසර 1998 සිට 2009 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දස්කම් පෑ Andrew Symonds ක්‍රිකට් ක්‍රීඩාවේ සංස්කෘතික මිනිසෙකු ලෙස හඳුන්වන්නේ ඔහුගේ උපත සහ හැදී වැදීම විවිධ සම්භව හරහා පැමිණීම නිසාවෙනි.
Tributes for Australian cricket legend Andrew Symonds after his death
Source: AAP

Symonds ගේ ක්‍රිකට් දිවිය සහ වාර්ගික අපචාරවලට මුහුණ දීම

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති Symonds ටෙස්ට් ලකුණු 1,462 ක් ලබා ඇත්තේ 40.61 ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

එමෙන්ම ඔහු ටෙස්ට් කඩුලු 24 ක්ද ලබාගෙන ඇත.
වසර 2008 පැවැත්වූ සිඩ්නි ටෙස්ට් තරගයේදී ඔහු ඉන්දියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 162 ඔස්ට්‍රේලියාවට ලකුණු 122ක ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාර විය.

නමුත් එම තරගයේ සිදුවූ වාර්ගික අපචාර නිසා පසුව එම තරගය මතභේදයට තුඩු දුන්නේය.

ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක Harbhajan Singh තමාව "වඳුරෙකු" ලෙස හැඳින්වූ බවට Symonds චෝදනා කළේය.

එය කණ්ඩායම් දෙක අතර වාග් සංග්‍රාමයක් ඇති කළ අතර පළමුව Harbhajan ට තරඟ තුනක අත්හිටුවීමක් ලබාදුන් පසු නැවත ඔහුව ඉන්දියාව බලා පිටත්ව යාමට එය බලපෑවේය.
Harbhajan Singh
India's Harbhajan Singh and Australia's Andrew Symonds during second Test in Sydney in January 2008 (AAP) Source: AAP
මෙම ක්‍රිකට් තරුව එක්සත් රාජධානියේ උපත ලැබූ අතර ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සුදු ජාතික යුවළක් විසින් දරුකමට හදා ගන්නා ලදී.

ඔහුගේ ජීව විද්‍යාත්මක පියාට කැරිබියන් සම්භවයක් තිබූ අතර ඔහු උපත ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලය.

නමුත් ඔවුන් "Roy" ලෙස හැඳින්වූ මේ අපුරු මිනිසා සැබවින්ම දස්කම් දැක්වූයේ එක්දින පිටියේදීය.

ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක් දින ජාත්‍යන්තර තරග 198 කට සහභාගී වූ Symonds එක්දින ලකුණු 5088 ක් ද එක්දින කඩුලු 133 ක්ද ලබාගෙන තිබුණි.

Andrew Symonds ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටි අති දක්ෂ පන්දු රකින්නෙකි.
2003 සහ 2007 වසරවල ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන හිමිකර ගැනීමේදී Symonds තුන් ඉරියව්වෙන්ම සුපිරි දස්කම් පෑවේය.

2003 වසරේ Johannesburg හි පැවති ඔස්ට්‍රේලියාවේ ආරම්භක තරගයේදී වසීම් අක්‍රම්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථානයට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 143 අදටත් කතාබහට ලක්වන්නකි.

එම ලකුණු 143 ඔහු ලබාගත්තේ පන්දු 125 කින් වූ අතර ඊට හතරේ පහරවල් 18 ක් සහ හයේ පහරවල් 2 ක් ඇතුළත් විය.

එවකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව එය විය.

එමෙන්ම 2003 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී Symonds ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.

රසිකයින්ගේ ප්‍රශංසාව නොමදව ලැබූ අයෙක්

2007 වසරේදී ද ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී යළිත් මුණ ගැසුණු අතර එහිදී Symonds පිත්තෙන් නොදැවී ලකුණු 23 ක්ද පන්දුවෙන් එක් කඩුල්ලක්ද ලබාගනිමින් යළිත් ඔස්ට්‍රේලියාවට ලෝක කුසලානය දිනා දීමට සහයෝගය ලබා දුන්නේය.

Symonds ඔහුගේ ජයග්‍රාහී ලෝක කුසලාන ද්විත්වය අවසන් කළේ ජයග්‍රාහකයන්ගේ පදක්කම් දෙකක්, ලකුණු සාමාන්‍ය 103ක්, 93.29 ප්‍රහාරක වේගයක් සහ ලොව පුරා රසිකයින්ගේ ආදරය හා ප්‍රශංසාවත් ලබමිනි.

Andrew Symonds ගේ සුන්දර සිනහව ඔහු තරග වදින විට විස්තර විචාරකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද නිරන්තර කතා බහට ලක්වුයේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය තුළදී සුලබව සිනාසෙන්නේ නැති නිසාවෙන් විය හැකිය.

මෑත වසරවලදී, Symonds, Fox Sports හි රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කර ඇති අතර Big Bash League විකාශන සඳහා නිතිපතා විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළේය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service