ආසියාවේ බලවත් රාජ්‍ය අතරින් ඔස්ට්‍රේලියාව ඉන්දියාවටත් වඩා පහලින්. ඇමරිකාව, චීනය අභිබවයි (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව නවතම බල දර්ශකයේ හයවන ස්ථානයට පත් වීමත් සමඟම ඇමරිකාව චීනයට වඩා ආසියාවේ ප්‍රමුඛතම බලවේගය බවට පත්ව තිබේ.

Anthony Albanese with other leaders wearing suits.

Australian Prime Minister Anthony Albanese, (left), US President Joe Biden, Indian Prime Minister Narendra Modi are greeted by Japanese Prime Minister Fumio Kishida, (right), during his arrival to the Quad leaders summit at the prime minister's official residence in Tokyo. Source: AP / Evan Vucci/AP

Key Points
  • ලෝවි ආයතනයේ නවතම වාර්තාවකට අනුව ඇමරිකාව ආසියාවේ බලවත්ම රට ලෙස ශ්‍රේණිගත කර තිබේ.
  • චීනයේ බලය අඩු වීමට කොවිඩ් සමයේ හුදකලා වීම සහ ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය මගින් බලපෑම් එල්ල වී තිබේ.
  • ඔස්ට්‍රේලියාව ආසියානු බල දර්ශකයේ හයවන ස්ථානයට පත් වී ඇත.
ස්වයං- හුදකලා නීති සහ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්ති හේතුවෙන් ලෝවි ආයතනයේ Asia Power Index හි චීනය ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටීමත් සමඟම ඇමරිකාව ආසියාවේ බලවත්ම රට බවට පත්ව තිබේ.
2021 වසරට සාපේක්ෂව චීනය ලකුණු 2.1 කින් පහත වැටුණු අතර එය මෙම බල විශ්ලේෂණ සංස්කරණයේ විශාලතම පහත වැටීම වේ.

පසුගිය වසර පහ තුළ වාර්ෂිකව නිකුත් කරන ලද Asia Power Index මගින් යුධ සහ ආර්ථික හැකියාවන්, ආරක්ෂක ජාල, රාජ්‍යතාන්ත්‍රික හා සංස්කෘතික බලපෑම් ඇතුළු නිර්ණායක 133 කට එරෙහිව රටවල් 26 ක් තක්සේරු කරනු ලබයි.

2022 වසරේ දී, මෙම බල දර්ශකයේ පළමු ස්ථානයෙන් චීනය ඉවත් කරමින් ආර්ථික වශයෙන් බලවත්ම රට බවට ඇමරිකාව පත් විය.COVID-19 හේතුවෙන් හුදකලා වීම නිසා චීනයේ ගෝලීය සම්බන්ධතා අඩුවීම මීට බොහෝ දුරට හේතු විය.

චීනයේ ප්‍රතිපත්ති ද මෙහි සංස්කෘතික බලපෑම පහත වැටීමට දායක වූ නමුත් චීනය සෑම රටකටම වඩා මිලිටරිමය වශයෙන් බලවත් රට වන බව එම වාර්තාව පෙන්වා දෙයි.
බල විශ්ලේෂණයට අනුව, පසුගිය වසර පහ පුරාවට, චීනය හෝ ඇමරිකාව සුපිරි බලවතුන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීමට සමත් වී නැත.

ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් නුවර කිසිදාක තීරණාත්මක නායකත්වයක් නැවත ස්ථාපිත කිරීමට ඉඩක් නැති අතර ආසියාවේ අවිවාදිත ඇමරිකානු ප්‍රමුඛත්ව යුගය අවසන් වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දේ.

මෙම බල දර්ශකයේ සංස්කරණ පහක කාලය පුරාවටම සිදු වූ පුදුම සහගත දෙය නම් ඇමරිකාවේ අනෙක් ජාතීන්ට බලපෑම් කළ හැකි ජාතික බලය අභිබවා යාමට , බල පරතරය සමාන කිරීමට හෝ අර්ථවත් ලෙස අඩු කිරීමට චීනයට ඇති නොහැකියාවයි.

වසර ගණනාවකට පසුව වුවද ඇමරිකාවේ අධිපත්‍යට චීනයට කිසිදා ළඟාවීමට නොහැකි වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

China: China Changchun Lockdown
COVID-19 lockdowns impacted China's power and dominance in Asia in 2022. Source: AAP / Costfoto/Sipa USA
වර්තමාන ප්‍රවණතා අනුව, මෙම දශකය අවසන් වන විට ද චීනය සිය ප්‍රතිවාදියාට වඩා අනෙක් ජාතීන්ට බලපෑම් කළ හැකි ලෙස බලයෙන් ඉදිරියෙන් සිටීමට ඇති හැකියාව අඩු බව ද එම ව් වාර්තාව පෙන්වා දෙයි.

අනාගතයේදී එසේ සිදු වුවද, චීනය කිසි දිනෙක ඇමරිකා මෙන් ආධිපත්‍යය දරනු ඇතැයි පෙනෙන්නට නැත.

ඔස්ට්‍රේලියාව ආසියාවේ කොතරම් බලවත්ද?

ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් ආරක්ෂක ජාලයන් එය ආසියාවේ හයවන බලවත්ම රාජ්‍යය බවට පත් කිරීමට උපකාරී වී ඇති අතර එමගින් ඔස්ට්‍රේලියාව සමස්ත ගත කිරීමේ හයවන ස්ථානයේ පසුවේ.

2022 වසරේදී , ඔස්ට්‍රේලියාව සිය රාජ්‍යතාන්ත්‍රික බලපෑමෙන් වැඩි දියුණු වූ අතර, ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් හිටපු සන්ධාන රජය හා සසඳන විට, අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කම්කරු රජය කෙරෙහි වැඩි විශ්වාසයක් ඉන් පිළිබිඹු කෙරෙන බව වාර්තාව පෙන්වා දෙයි.
ජපානය, ඉන්දියාව සහ රුසියාව පිළිවෙලින් මෙම බල දර්ශකයේ තුන්වන, සිව්වන සහ පස්වන ස්ථාන හිමිකරගෙන තිබේ. සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ තායිලන්තය පළමු 10 දෙනා අතරට පැමිණ ඇති අතර දකුණු කොරියාව හත්වන ස්ථානයේ පසු වේ.

එම වාර්තාවට අනුව, ඉන්දියාව කලාපීය බල තුලනය සඳහා අසමානව දායක වන අතර එරට සම්පත් වලට සාපේක්ෂව අඩු කාර්ය සාධනයක් පෙන්නුම් කරයි.

ඉන්දියාවේ සමස්ත ලකුණු 2018 සිට සෑම වසරකදීම පහත වැටී තිබේ.
ඇමරිකාව ලකුණු 81 ක් ලබා ගෙන ප්‍රමුඛස්ථානය ලබා ගත් අතර පිළිවෙලින් චීනය (72.5), ජපානය (37), ඉන්දියාව (36), රුසියාව (32) සහ ඔස්ට්‍රේලියාව (31) බල දර්ශකයේ ශේණිගත කිරීම් අනුපිළිවෙලෙහි වේ.

ලකුණු 3.3ක් ලබා ගනිමින් පැපුවා නිව්ගිනියාව එහි අවසන් ස්ථානයට පත්ව තිබේ.

Share

Published

By AAP-SBS, Athini Amarasiri
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ආසියාවේ බලවත් රාජ්‍ය අතරින් ඔස්ට්‍රේලියාව ඉන්දියාවටත් වඩා පහලින්. ඇමරිකාව, චීනය අභිබවයි (SBS සිංහල/වාර්තා) | SBS Sinhala