Key Points
- ඔස්ට්‍රේලියාවේ ඇතැම් ව්‍යාපාරවලට සේවකන් සොයා ගැනීම කෙතරම් දුෂ්කර වී ඇත්ද යන බව මෙම සතියේ නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරේ.
- ඔස්ට්‍රේලියාවේ සියලුම නවාතැන් සහ ආහාර සැපයුම් සේවා ව්‍යාපාරවලින් අඩක පමණ නොවැම්බර් මාසය වන විට රැකියා පුරප්පාඩු ඇති වී තිබුණි.
- නවාතැන් සහ ආහාර සැපයුම් සේවාවල රැකියා පුරප්පාඩු දෙගුණයකට වඩා වැඩි වූ අතර සිල්ලර වෙළඳ සැල් වල රැකියා පුරප්පාඩු සියයට 140 ට වඩා වැඩි විය.
රැකියා පුරප්පාඩු පිළිබඳ සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වන්නේ කුමක්ද ?
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් මෙම සතියේ නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛන මගින් ඇතැම් ව්‍යාපාරිකයන්ට සේවකයන් සොයා ගැනීමට කොතරම් දුෂ්කර වී ඇත්දැයි පෙන්වා දේ.
ඔස්ට්‍රේලියාවේ සියලුම නවාතැන් සහ ආහාර සැපයුම් සේවා ව්‍යාපාරවලින් අඩකඩ වඩා වැඩි ගණනක 2022 නොවැම්බර් මාසයේදී රැකියා පුරප්පාඩු ඇති වූ අතර 2020 පෙබරවාරි මාසයේදී තිබූ එම රැකියා පුරප්පාඩු ගණන සියයට 14.5 කි.
මෙම සංඛ්‍යාලේඛන ප්‍රතිඵල කැපී පෙනෙන අගයක් වන බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුවේ (CEDA) ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ බාර්කර් පවසයි.
නවාතැන් සහ ආහාර සැපයුම් සේවා මෙන්ම කලා හා විනෝදාස්වාද සේවාවන්හිද පුරප්පාඩු සියයට 200කට වඩා වැඩි වී ඇති අතර සිල්ලර වෙළඳ සේවා වල රැකියා පුරප්පාඩු සියයට 140කට වඩා වැඩි වී ඇති බව ඔහු පැවසීය.
කොවිඩ් වසංගතයට පෙර තිබූ තත්ත්වයට සාපේක්ෂව මෙම ප්‍රතිඵල සැබෑ වෙනසක් බව බාර්කර් මහතා SBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය.

මූල්‍ය සහ රක්‍ෂණ සේවා වැනි අනෙකුත් කර්මාන්ත වල රැකියා පුරප්පාඩු සියයට 382කින් ඉහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස ආර්ථිකය දෙස බලන විට, කොවිඩ් වසංගතයට පෙර 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව දැන් රැකියා පුරප්පාඩු සියයට 95 කින් ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගතයට පෙර විරැකියා අනුපාතය සියයට 5 ක් වූ අතර වර්තමාන විරැකියා අනුපාතය ඊට අඩු අගයක් එනම් සියයට 3.5 ක් වේ. මෙමගින් රැකියා පුරප්පාඩු ඉහළ ගොස් ඇති බව පිළිඹිබු වේ.

පාරිභොගිකයින් තමන්ට කොවිඩ් නිසා අහිමි වූ කාලය පිරිමහ ගැනීම
නවාතැන් සහ ආහාර සැපයුම් සේවා අංශයේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාලේඛන දත්ත මගින් එහි ඇති ඉල්ලුම පිළිබිඹු කරන බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ බාර්කර් මහතා පවසයි.
කොවිඩ් වසංගතය අතරතුර ජනතාවට කළ හැකි දේ සීමා වූ විට ඔවුන් මුදල් ඉතිරි කර ගත් අතර දැන් ඔවුන් එම අහිමි වූ කාලය පිරිමහ ගනිමින් සිටී.
පසුගිය වසර අවසානයේ අවන්හල් සහ කැෆේ කෙතරම් කාර්යබහුල වීද යත්, ජනතාව අවන්හල් වෙත යාම සඳහා වැඩි මුදලක් වැය කරන බවක් දක්නට තිබුණි.
නමුත් 2020 වසරේදී පළමු වරට කොවිඩ් වසංගතය ඇති වූ විට රැකියා අහිමිවීම් ද වැඩි වශයෙන් සිදු වූයේ එම කර්මාන්ත ආශ්‍රිතවම බව බාර්කර් මහතා පෙන්වා දෙයි.
එබැවින් කොවිඩ් වසංගතයේ පළමු මාස හය තුළ නවාතැන් සහ ආහාර සැපයුම් සේවාවල රැකියා 15% කින් පමණ පහත වැටුණු බවද ඔහු පවසයි.

කොවිඩ් වසංගත සමයේ නවාතැන් සහ ආහාර සැපයුම් සේවා ඇතුළු ආගන්තුක සත්කාරක සේවයේ රැකියා අහිමි වූ පුද්ගලයින් වෙනත් ක්ෂේත්‍රවල වෙනත් ස්ථාන වල රැකියා ලබා ගත් අතර , ඔවුන් තවදුරටත් ආගන්තුක සත්කාරයක සේවයේ නොයෙදේ.
ඇතැම් විට ඔවුන්ගේ රැකියාවේ ආරක්ෂාව සහ පාරිභෝගිකයින්ට මුහුණ දෙන භූමිකාවන්හි වැඩ කිරීමට ඇති කැමැත්ත පිළිබඳව ඔවුන්ගේ ආකල්ප ද තරමක් වෙනස් වී තිබිය හැක.
කොවිඩ් වසංගතය අතරතුර සංක්‍රමණිකයන් නැවැත්වීම ද ඇති වූ මෙම තත්ත්වය කෙරෙහි වැදගත් සාධකයක් වන බව බාර්කර් මහතා පැවසීය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියට රටට අවශ්‍ය කුසලතා පිළිබඳව ඉතා දැඩි අවධානයක් තිබේ. නවාතැන්,ආහාර සැපයුම් සේවා සහ සංචාරක අංශය වැනි අංශ ජාත්‍යන්තර සිසුන්ගේ සහ වැඩ කරන නිවාඩු ගත කරන්නන්ගේ ශ්‍රමය මත රඳා පැවතිය හැකි පරිමාණයේ පවතින බව කොවිඩ් වසංගත කාල සීමාවේ හෙළි වී තිබේ.
දිගු වැඩ මුර සහ නිවාඩු නැති සති
Shakoff මහත්මිය යනු පසුගිය වසර හත තුළ ටස්මේනියානු ප්‍රාන්තයේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ සේවය කර ඇති කාන්තාවකි. වර්තමානයේ දී සේවකයන් සොයා ගැනීම සහ ඔවුන් රැකියාවේ රඳවා තබා ගැනීම ඇයට මෙතෙක් අත්විඳින්නට සිදු නොවූ තරම් අභියෝගාත්මක දෙයක් වී ඇති බව ඇය පවසයි.
සේවක හිඟය යනු මේ මොහොතේ විස්තර කළ නොහැකි තරම් සෑම කෙනෙකුටම භයානක දෙයක් වන බව ඇය SBS ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබේ.
Shakoff මහත්මිය සහ ඇගේ පුත්‍රයා වසර තුනක පමණ කාලයක සිට Brewstone Pizzeria සහ Cafe නම් ආහාර සැපයුම් සේවා ව්‍යාපාරයේ නිරත වේ.ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ජනේලයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වාම සේවක ඇබෑර්තු සඳහා පළ කරන ලද වෙළඳ දැන්වීමක් දක්නට ලැබේ.
ජ්‍යෙෂ්ඨ පළපුරුදු කාර්ය මණ්ඩලයක් ලබා ගැනීම දුෂ්කරම දෙයක් වන බවත් ව්‍යාපාරය පටන් ගත් දා සිටම ඇය සූපවේදියෙකු සොයමින් සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
සුළු ලාභයක් පමණක් ලබන ව්‍යාපාරයකින් කළ හැකි උපරිමය දක්වා ඔවුන් හැකිතාක් සේවක වැටුප් වැඩි කර ඇති බවත්, ආධුනිකත්ව පුහුණු රැකියා ලබා දී ඇති බවත්, ඔවුන්ගේ සේවකයින්ට වැඩි නම්‍යශීලී බවක් ලබා දී ඇති බවත් Shakoff මහත්මිය පවසයි.
61 හැවිරිදි ඇය පැවසුවේ ආපන ශාලාවේ රැකියා සඳහා අයදුම්කරුවන් සිටින නමුත් රකියාව පිරිනැමූ විට, බොහෝ දෙනෙක් එය භාර නොගන්නා බවයි.
COVID-19 වසංගතය ආගන්තුක සත්කාර කර්මාන්තයට බාධා කළ විට කර්මාන්තයේ නියැලී සිටි තවත් බොහෝ දෙනෙකු වෙනත් රැකියා සොයාගෙන ඇති බවත් බොහෝ දෙනෙක් නැවත එම ක්ෂේත්‍රය වෙත නොපැමිණි බවත් Shakoff මහත්මිය පෙන්වා දෙයි.
ඔවුන්ගේ කාර්ය මණ්ඩලය හිඟය පිරිමැසීම සඳහා, ඇය සහ ඇගේ පුතා බොහෝ විට ආපන ශාලාව විවෘත කරන වේලාව වන උදෑසන 7 සිට එය වසා දමන රාත්‍රී 8 දක්වාම සතියේ දින හතේම එහි වැඩ කරයි.
Shakoff මහත්මිය සිය සැමියා සමඟ එක්ව සිදු කරන ව්‍යාපාරයක් වන වන bread and breakfast ආහාර සේවාව සඳහා ද සේවකයන් සොයා ගැනීම දුෂ්කර වී තිබේ.
පිරිසිදු කරන්නන් සොයා ගැනීම ඉතා අපහසු බැවින් බොහෝ විට පිරිසිදු කිරීමේ කටයුතු කිරීමට ඇයට සිදු වන බවත් නැත්නම් පිරිසිදු කිරීමේ සේවාව පිටතින් ලබා ගැනීමට සිදු වන බවත් Shakoff මහත්මිය පවසයි.
මෙම කර්මාන්ත වල අනාගතය කුමක් වේවිද?
ආගන්තුක සත්කාරය ක්ෂේත්‍රයේ කුසලතා ඇති පුද්ගලයින් සඳහා මේ මොහොතේ රැකියා වෙළෙඳ පොළේ විශාල අවස්ථාවන් පවතින නමුත් ශ්‍රම වෙළඳපොළ සදාකාලිකව මෙසේ පවතින්නේ නැතැයි බාර්කර් මහතා පවසයි.
ඊට නිදසුනක් ලෙස පසුගිය වසරේ අගෝස්තු සහ නොවැම්බර් අතර රැකියා පුරප්පාඩු සුළු වශයෙන් පහත වැටුණු බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රම වෙළඳපොළ පීඩනය ලිහිල් කිරීම මෙම වසරේ අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.
ඉහළ පොලී අනුපාත සහ දුර්වල වෙමින් පවතින ගෝලීය ආර්ථිකයේ බලපෑම් සමඟ ආර්ථිකය මන්දගාමී වන විට, රැකියා වෙළඳපොළ එතරම් දැඩි නොවනු ඇතැයි බාර්කර් මහතා අපේක්ෂා කරයි, නමුත් තවමත් රැකියා අවස්ථා තිබේ.
ව්‍යාපාර විසින් ඔවුන් මුහුණ දෙන රැකියා හිඟයන් පිරවීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික සේවක ප්‍රභව නොවන ක්‍රම ඇතුළත් කිරිමෙන් සෙවීම් පුළුල් කර ඇති බවත් ඔහු පවසයි.
එබැවින් සේවා පළපුරුද්ද අඩු පුද්ගලයින් සඳහා ද අවස්ථා තිබෙන බව පවසන ඔහු ව්‍යාපාරවලින් එම පුද්ගලයින්ට වැඩි පුහුණුවක් ලබා දිය යුතු බවත් සේවකයන් ලබා ගැනීමේ විවිධාකාර ක්‍රම භාවිතා කළ යුතු බවත් පෙන්වා දෙයි.
මෑත කාලීන CEDA වාර්තාවකට අනුව ඉදිකිරීම් හෝ Agedcare වැනි ක්ෂේත්‍ර වල තවමත් රැකියා සදහා ස්ත්‍රී පුරුෂ භාවය සැලකෙන බව සොයා ගත් බව බාර්කර් මහතා පෙන්වා දෙයි. ව්‍යාපාර ක්ෂේත්‍රය මත පදනම්ව පිරිමින්ට හෝ කාන්තාවන්ට වඩා හොඳ පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා සේවා කොන්දේසි හිතකර වන බවට වග බලා ගත යුතු බවද බාර්කර් මහතා පෙන්වා දෙයි.
