SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 12 ක්, lockdown කිරීමක් පිළිබඳ සාකච්ඡා (SBS සිංහල/ වාර්තා)

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 12 ක් හමුවීමත් සමග මෙල්බර්න් කොරෝනා පොකුර 27 ක් දක්වා වර්ධනය වී තිබේ.

Fears some businesses will not survive Victoria's fourth lockdown
Source: SBS/Aaron Wan

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් පසුගිය පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවී තිබේ.

මේ සමගම ප්‍රාන්තය පුරා වයිරසය පැතිරීම ඉක්මණින් පාලනය කිරීම උදෙසා යළිත් lockdown කිරීමකට යාමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වන බවද වාර්තා වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අලුතින් කොරෝනා ආසාදිතයින් 12 ක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 12 ක් හමුවීමත් සමග මෙල්බර්න් කොරෝනා පොකුර 27 ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින ආසාදිතයින් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් දක්වා වැඩිවී ඇත.

පසුගිය පැය 24 තුළ කොරෝනා පරීක්ෂණ 40,000 කට අධික සංඛ්‍යාවක් සිදු කළ බවද සඳහන්.

ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව තවත් දිගු වෙයි

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් වයිරසය ආසාදනය වී තිබියදී ආ ගිය ස්ථාන 79 ක් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කර තිබේ.

එම ලැයිස්තුවට මෙල්බර්න් නුවර MCG සහ Marvel ක්‍රීඩාංගන ද ඇතුළත් කර ඇත.

මෙම ස්ථාන 79 මෙල්බර්න් උප නගර 30 ක් පුරාවට මෙන්ම Bendigo, Cohuna සහ Red Hill යන කලාප වෙතද විහිදී පවතියි.

lockdown එකකට යාමට තීරණය කරයි?

වික්ටෝරියානු ප්‍රාන්තය lockdown කිරීමකට යාම පිළිබඳ ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා වයිරසය තවදුරටත් වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරීම වහාම වැළක්වීමේ අරමුණින් මෙම lockdown කිරීම සිදු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ABC පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම lockdown කාලය සතියක් විය හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now