කොරෝනා නීති නිසා මැයි 25 සිට Greater Melbourne කලාපයේ කළ හැකි සහ නොකළ හැකි දේවල් මෙන්න (SBS සිංහල/ වාර්තා)

අවම වශයෙන් 2021 ජුනි 04 වන තෙක් මෙම කොරෝනා නීති බලපැවැත්වෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේය.

Flinders station in Melbourne CBD

Melbourne goes into lockdown from midnight 15/7 Source: AAP Image/James Ross

අද (25/05) පස්වරුව වන විට මෙල්බර්න් නුවරින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (24/05) දිනයේදී මෙල්බර්න් නුවර ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවූ අතර අද දිනයේදී තවත් 5 දෙනෙකු හමුවී තිබේ.


Highlights

  • වයස අවුරුදු 12  සහ ඊට වැඩි පුද්ගලයින් සියලු දෙනා නිවසින් බැහැරව යන විට මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.
  • නව නීති යටතේ Greater Melbourne කලාපයේ නිවසකට එක් දිනකදී පැමිණිය හැකි උපරිම අමුත්තන් ගණන 5 කි.
  • Greater Melbourne වැසියන්ට තවමත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යාමට ද අවසර ඇත.

මේ හේතුවෙන් අද (25/05) පස්වරු 6 සිට Greater Melbourne කලාපයට කොරෝනා නීති කිහිපයක් පැනවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

අවම වශයෙන් 2021 ජුනි 04 වන තෙක් මෙම කොරෝනා නීති බලපැවැත්වෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව එම නීති බලපාන ආකාරය වඩාත් පැහැදිලිව මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A Victorian man has tested positive for COIV after arriving from Perth on a Qantas flight
Source: Getty

නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ

වයස අවුරුදු 12  සහ ඊට වැඩි පුද්ගලයින් සියලු දෙනා නිවසින් බැහැරව යන විට මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

රැකියා ස්ථාන තුළ, සාප්පු සංකීර්ණ, පොදු ප්‍රවාහන සේවා තුළ ඇතුළු නිවසක් නොවන ඕනෑම ගෘහස්ථ ස්ථානයක (indoor venu) මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

අවන්හලක් වැනි hospitality ස්ථානයකට ගිය පසු ඔබ එහිදී ආහාර පාන ගන්නා තෙක් මුව ආවරණය පැළඳිය යුතු අතර අහාර පාන ගැනීමෙන් පසුව පිටත්ව යා යුතුය.

පාසල් වල ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා ද (high schools) මුව ආවරණ නීතිය පැනවේ.

ප්‍රාථමික පාසල් වල සිසුන් මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නැති නමුත් ඔවුන්ට උගන්වන ගුරුවරු මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

අවසර ලත් හේතුවක් නොමැතිව මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හට $200 ක දඩයකට යටත් වීමට සිදුවේ.

Commuters are seen  wearing a face mask while using the  public transport in Melbourne.
Source: AAP

නිවෙස් වලට අමුත්තන් පැමිණීම සීමා කෙරේ

නව නීති යටතේ Greater Melbourne කලාපයේ නිවසකට එක් දිනකදී පැමිණිය හැකි උපරිම අමුත්තන් ගණන 5 කි.

එමෙන්ම picnic එකකට හෝ BBQ එකකට වැනි පුද්ගලික කරුණකට එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 30 කි.

විවාහ සහ අවමංගල්‍ය උත්සව ගනු ලබන නිල ස්ථානයක නොගන්නා විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහාද රැස්විය හැකි උපරිම පිරිස 30 කි.

ප්‍රජා ක්‍රීඩා සඳහා ද මෙම නීතිය බලපාන නමුත් ක්‍රීඩා ඉසව් නොකඩවා කරගෙන යාමට අවසර ලැබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සේවා ස්ථාන සහ hospitality ස්ථාන

සේවා ස්ථාන, තැබෑරුම්, සාප්පු සහ රූප ලාවන්‍යාගාර තුළ සිටිය යුතු පුද්ගල සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැත.

මේ අතර රජයේ සේවකයින්ට සතියකට අවම වශයෙන් දින තුනක් කාර්යාලයට පැමිණ රාජකාරී කිරීමට තවමත් අවශ්‍ය බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

hospitality ස්ථාන සඳහා පැමිණිය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව තවමත් වෙනස් නොකර ඇත.

උත්සව ශාලාවක විවාහ උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස තවමත් 200 ක් වන නමුත් ඒ සෑම දෙනාම ශාලාව තුළ මුව ආවරණ පැළඳිය යුතුය.

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.
A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

Greater Melbourne සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යන විට

මෙම නව නීති තවමත් බල පැවැත්වෙන්නේ Greater Melbourne කලාපය වෙත පමණි.

Greater Melbourne වැසියන්ට තවමත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යාමට ද අවසර ඇත.

නමුත් Greater Melbourne හි වෙසෙන පුද්ගලයෙකු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත ගිය පසුද ඔහු Greater Melbourne කලාපයේ දැනට පනවා ඇති කොරෝනා නීති වලට අනුකූල විය යුතුය.

උදාහරණයක් ලෙස Greater Melbourne කලාපයේ වැසියෙකු Bendigo හි මිතුරෙකුගේ නිවසකට ගිය විට ගෘහස්ථ පරිසරයේදී මෙල්බර්න් වැසියා මුව ආවරණයක් පැළඳිය යුතු අතර අදාළ නිවැසියන්ට එදින නිවසට ගෙන්වා ගත හැක්කේ උපරිම අමුත්තන් 5 දෙනෙකු පමණි.

එමෙන්ම Greater Melbourne කලාපයේ වැසියෙකු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක පොදු රැස්වීමකට සහභාගී වනවානම් එයට සහභාගී විය හැකි උපරිම පිරිස 30 කි.

Funcionários dos lares de idosos na Austrália estão insatisfeitos com o seu salário e condições de trabalho
Young female caregiver helping senior woman walking down stairs at home Source: Getty Images/Dean Mitchell

Aged care සහ රෝහල් වලට අමුත්තන් පැමිණීම යළි සීමා කෙරේ

සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම බලපාන පරිදි Aged care සහ රෝහල් වලට අමුත්තන් පැමිණීම යළි සීමා කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

අලුතින් පැනවූ කොරෝනා නීති Greater Melbourne කලාපයේ පහත සඳහන් නගර සභා කලාප 31 ටම අදාළ වෙයි.

MunicipalityKey locations
BanyuleBellfield, Bundoora, Greensborough, Heidelberg, Ivanhoe, Montmorency, Rosanna, Watsonia
BaysideBeaumaris, Brighton, Cheltenham, Hampton, Highett, Sandringham
BoroondaraAshburton, Balwyn, Camberwell, Canterbury, Glen Iris, Hawthorn, Kew, Surrey Hills
BrimbankCalder Park, Deer Park, Delahey, Derrimut, Keilor Downs, St Albans, Sunshine, Sydenham, Taylors Lakes
CardiniaBunyip, Gembrook, Koo Wee Rup, Nar Nar Goon, Officer, Pakenham
CaseyBerwick, Clyde, Cranbourne, Endeavour Hills, Narre Warren
DarebinAlphington, Fairfield, Kingsbury, Northcote, Preston, Reservoir, Thornbury
FrankstonCarrum Downs, Frankston, Langwarrin, Sandhurst, Seaford, Skye
Glen EiraBentleigh, Caulfield, Elsternwick, Glen Huntly, Murrumbeena, Ormond
Greater DandenongDandenong, Keysborough, Lyndhurst, Noble Park, Springvale
Hobsons BayAltona, Newport, Spotswood, Williamstown
HumeBroadmeadows, Coolaroo, Craigieburn, Dallas, Keilor, Mickleham, Roxburgh Park, Sunbury, Tullamarine
KingstonAspendale, Chelsea, Cheltenham, Mentone, Moorabbin, Mordialloc, Patterson Lakes
KnoxBayswater, Boronia, Ferntree Gully, Scoresby, Wantirna
ManninghamBulleen, Doncaster, Templestowe, Warrandyte, Wonga Park
MaribyrnongBraybrook, Footscray, Maribyrnong, Yarraville
MaroondahCroydon, Heathmont, Kilsyth, Ringwood, Vermont
MelbourneCarlton, Docklands, Flemington, Kensington, Parkville, Southbank
MeltonCaroline Springs, Diggers Rest, Melton, Rockbank
MonashChadstone, Clayton, Glen Waverley, Hughesdale, Mount Waverley, Mulgrave, Oakleigh
Moonee ValleyAirport West, Ascot Vale, Essendon, Moonee Ponds, Strathmore
MorelandBrunswick, Coburg, Glenroy, Oak Park, Pascoe Vale
Mornington PeninsulaBlairgowrie, Dromana, Hastings, HMAS Cerberus, Mornington, Mount Eliza, Rosebud, Rye, Sorrento
NillumbikDiamond Creek, Eltham, Greensborough, Plenty, Wattle Glen
Port PhillipAlbert Park, Balaclava, Elwood, South Melbourne, Port Melbourne, St Kilda
StonningtonArmadale, Malvern, Prahran, South Yarra, Toorak
WhitehorseBlackburn, Box Hill, Mitcham, Mont Albert, Nunawading
WhittleseaEpping, Lalor, Mernda, Mill Park, South Morang, Thomastown, Whittlesea township
WyndhamHoppers Crossing, Laverton, Point Cook, Tarneit, Truganina, Werribee
YarraAbbotsford, Clifton Hill, Collingwood, Fitzroy, Richmond
Yarra RangesBelgrave, Coldstream, Ferny Creek, Healesville, Lilydale, Mount Dandenong, Olinda, Warburton, Yarra Glen

5 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now