SKIP TO MAIN CONTENT

BREAKING NEWS : මරණ 6ක් සහ ආසාදිතයින් 532 ක් සමග ඔස්ට්‍රේලියාවේ දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වික්ටෝරියානු ප්‍රාන්තය වාර්තා කරයි

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews stressed the importance of complying with public health restrictions. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (ජූලි 27) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 532 ක් වාර්තා වී තිබේ.

මෙය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියාවේ දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ද සඳහන්.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 6 ක්ද වාර්තා වී තිබේ.

එමෙන්ම බරපතල තත්ත්වයේ පසුවන ආසාදිතයින් 44 දෙනෙකු මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටින බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now