මේ වන විට 3 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වන Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සභා 31 කේ සහ Mitchell Shire කලාපයේ වෙසෙන සියලුම වැසියන් තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම නීතිය අද (23/07) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.

මුව ආවරණ අනිවාර්යයි
මීට පෙර වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට තම නිවසින් බැහැරව යන විට සහ එළිමහන් ස්ථාන වල පුද්ගල දුරස්ථභාවය රැකීමට අපහසු ස්ථාන වල මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබුණි.
නමුත් පසුගිය දින කිහිපය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය බරපතල ලෙස ඉහළ යාම නිසා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට වික්ටෝරියානු රජය තීරණය කර තිබේ.
ඒ අනුව මේ වන විට 3 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වන Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සභා 31 කේ සහ Mitchell Shire කලාපයේ වෙසෙන සියලුම වැසියන් අද (23/07) සිට තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳිය යුතුය.
එම නීතියට අනුගත නොවන පුද්ගලයින්ට $200 ක දඩ මුදලක් පනවනු ලබන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 403 ක් බවත් ඊයේ දිනයේදී (ජූලි 22) වික්ටෝරියා ප්‍රාන්තයෙන් එතෙක් මෙතෙක් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව වර්තාවුණු බවත් එය 484 ක් බවත් සඳහන්.
එමෙන්ම මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 16 තෙක් දීර්ග කර තිබේ.

මුව ආවරණ නොපැළඳිය හැකි අය
මුව ආවරණයක් පැළඳීමට නොහැකි ඇතැම් සාධාරණ අවස්ථා ඇති බව ද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා දැනුම් දුන්නේය.
සෞඛ්‍ය හේතුන් මත, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට, වෘත්තීයමය හේතු හෝ ප්‍රයෝගික නොවන අවස්ථාවල යන අවස්ථා මත මුව ආවරණ පැළඳිය නොහැකිය.
එමෙන්ම පාසල් වල ගුරුවරු මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන නමුත් මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් කටයුතු ආරම්භ කර ඇති VCE සහ VCAL සිසුන් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
ඔබගේ දෛනික ව්‍යායාම් කටයුතු වලදී දුවන විට ඔබට ප්‍රයෝගිකව මුව ආවරණයක් පැළඳිය නොහැකි නමුත් ඔබත් සමග මුව ආවරණයක් රැගෙන යා යුතු අතර දිවීමට පෙර හා පසු එය අනිවාර්යෙන් පැළඳිය යුතු බව ද ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.
මීට අමතරව බැංකුවට යන අවස්ථා වලදී වැනි පසුබිම් වලදී ද මුවආවරණ පැළඳීම ප්‍රයෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මුව ආවරණ මිලියන 3ක් ඇනවුම් කරයි
මෙම නව නීතිය ප්‍රකාශ කිරීමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය මුව ආවරණ මිලියන 3ක් පමණ ඇනවුම් කර ඇති බව වාර්තා වේ.
එහි පළමු සැපයුම ලෙස මේ සතියේදී මුව ආවරණ ලක්ෂ 3ක් පැමිණීමට නියමිත බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
"අපි අපේ යතුරු නැතිව බොහෝ දෙනෙකු නිවසින් පිටවෙන්නේ නැහැ. අපේ ජංගම දුරකතනය නැතිව අපි නිවසින් පිටවෙන්නේ නැහැ. ඒ අනුව මුව ආවරණයක් නැතිව ඔබ නිවසින් පිටවෙන්න එපා, මෙම වයිරසය පැතිරීම නැවත්වීමට එය අත්‍යවශයි" යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.


