වසර 22 කට පසුව ඔස්ට්‍රේලියාවේ ඉහළම විරැකියා අනුපාතය පසුගිය ජුනි මාසයෙන් වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී තිබේ.

වසර 22 කට පසුව ඔස්ට්‍රේලියාවේ ඉහළම විරැකියා අනුපාතය ජුනි මාසයෙන්
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 1998 සිට ඉහළම මට්ටමට පැමිණ ඇති අතර ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී තිබේ.
ජුනි මාසයේ විරැකියා අනුපාතය 7.4% දක්වා ඉහළ ගොස් ඇත.
විරැකියාව සම්බන්ධව ජූලි මාසයේ සංඛ්‍යාලේඛන මීටත් වඩා අයහපත් අතට හැරෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බිය පළ කරයි.
නමුත් මධ්‍යම රජයේ ආර්ථික සහන පැකේජයන් නොමැතිනම් මේ සම්බන්ධ සැබෑ චිත්‍රය මීට වඩා අයහපත් බව භාණ්ඩාගාරය පවසයි.
JobKeeper වැනි වැටුප් සහන පැකේජයන් නොමැති නම් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 13% ට වඩා වැඩි වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍යවරයා මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
බොහෝ රැකියා උත්පාදනය කර තිබියදීත් හෝ පුද්ගලයින් නැවත සේවයේ පිහිටුවා තිබියදීත් මෙලෙස විරැකියාව ඉහළ යාමට හේතුව වූයේ ඊටත් වඩා පිරිසක් රැකියා සෙවීම සඳහා පෙළඹීම බව සඳහන්.
පසුගිය ජුනි මාසයේදී COVID-19 නීති හා සීමා ලිහිල් කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායේ අමතර 280,000 ක් සිටින බව පෙනී ගිය අතර, ඉන් වැඩි පිරිසක් රැකියාවල නිරත වූ අතර තවත් වැඩි පිරිසක් වඩාත් ක්‍රියාශීලීව රැකියාවක් සොයමින් සිටින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Bjorn Jarvis, ABC පුවත් සේවයට පැවසීය.

පූර්ණ කාලීන සහ අර්ධ කාලීන රැකියා
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් රැකියා ක්ෂේත්‍රයට සහය සපයා සුරක්ෂිත නොකළා නම් රැකියා වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක් ඇතිවන බවත් එසේනම් විරැකියා අනුපාතය 13.3% පමණ තෙක් ඉහළ යනු ඇති බවත් භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
කෙසේ වෙතත්, JobKeeper වැටුප් සහන පැකේජය මගින් රැකියාවේ රඳවාගෙන සිටින වැඩි පිරිසක් ඇත්ත වශයෙන්ම රැකියා කරමින් සිටින අතර ජුනි මාසයේදී වැඩ කරන පැය ගණන 4% කින් ඉහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රැකියා පහත වැටීමෙන් හතරෙන් එකක් පමණ ජුනි මාසයේදී යලි ලබා ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Bjorn Jarvis පැවසීය.
වැඩ කරන පැය ගණන ඉහළ ගොස් තිබියදීත්, නැවත සේවයට පැමිණෙන බොහෝ දෙනා අර්ධකාලීන සේවකයින් බව පෙනේ.
පසුගිය මාසයේදී අර්ධ කාලීන රැකියා 249,000 ක් උත්පාදනය වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
නමුත් අනෙක් පසින් පූර්ණ කාලීන රැකියා 38,000 කට වැඩි ප්‍රමාණයක් අහිමිවී ගොස් ඇත.

ප්‍රාන්ත හා ටෙරිටරි වලට අනුව ජුනි මාසයේ විරැකියා අනුපාතය
පසුගිය ජුනි මාසයේ වැඩිම විරැකියා අනුපාතයක් සටහන්ව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ය.
එය 8.8% කි.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 8.7% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 7.7% දක්වා ඉහළ ගොස් තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය පසුගිය ජුනි මාසයේ 7.5% දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම පසුගිය ජුනි මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හා ටස්මේනියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6.9% දක්වා ඉහළ ගොස් තිබේ.
Northern Territory හි විරැකියා අනුපාතය 5.7% කි.
පසුගිය ජුනි මාසයේ ඔස්ට්‍රේලියාවේ අඩුම විරැකියා අනුපාතය සටහන්ව ඇත්තේ Australian Capital Territory වෙතින් වන අතර එය 5.1% කි.


