වික්ටෝරියානු ප්‍රාන්තය කොරෝනා ආසාදිතයින් 4,000 පසු කරයි, මෙල්බර්න් නුවරට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවයි (SBS සිංහල/ වාර්තා)

Clinics

Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 270 ක් වාර්තා වී තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ තෙවන ඉහළතම ආසාදිතයින් සංඛ්‍යාව වේ.

COVID-19 testing in Canberra.
COVID-19 testing in Canberra. Source: Getty

වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගෙන් බොහොමයක් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන (aged care) වලට සම්බන්ධ බව සඳහන්.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ක්‍රියාකාරී මට්ටමේ වයිරසය ආසාදනය වී ඇති පිරිස (active cases) 1,800 කට අධික බව ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පැවසීය.

එමෙන්ම තවත් අමතර සිය ගණනක් රෝගීන් අපේක්ෂාවෙන් ප්‍රාන්ත රෝහල් සූදානමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

"එය සැබවින්ම සැලකිය යුතු සංඛ්‍යාවක් වන අතර එයින් අදහස් වන්නේ ඉදිරි දෙසතිය තුළ තවත් බොහෝ දෙනෙකුට රෝහල්ගත වීමට සිදුවන බවයි" යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


කොරෝනා වයිරසය ආසාදිත පිරිසෙන් 10% ත් 20% ත් අතර ප්‍රමාණයක් බොහෝ විට රෝහල් ගත කිරීම අවශ්‍ය වන බැවින් සියයක් දෙසීයක් පමාන් පිරිසක් ඉදිරියේදීත් රෝහල්ගත කිරීමට සිදුවනු ඇති බව රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පැවසීය.

වැඩිහිටි සුරැකුම් සේවා සම්බන්ධව ප්‍රාන්ත රජය අභියෝගාත්මක තත්වයකට මුහුණ දී සිටින අතර ඒවා ආශ්‍රිත සැලකිය යුතු කොරෝනා පැතිරීම් කිහිපයක්ම කනස්සල්ලට හේතු වී ඇතැයි ද ඔහු පැවසීය.

Essendon හි Menarock Life වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 28 ක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණයට එහි සේවකයින් හා වැඩිහිටි නේවාසිකයින් යන දෙපාර්ශවයම ඇතුළත් බව සඳහන්.

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තය ආසාදිතයින් 4,000 පසු කරයි

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4,224 ක් ලෙස වාර්තා වේ.

ඊයේ (13/07) දිනයේදී පමණක් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂාවන් 22,000 ක් සිදුකර ඇත.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 270 න් 28 ක් පමණක් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පැතිරීම් වලට සම්බන්ධ නමුත් සෙසු 242 ට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ විමර්ශනය කෙරෙන බව සඳහන්.

මේ අතර මෙල්බර්න් වෙත පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews  පැවසීය.

දෛනිකව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා එම ක්‍රියාවලියට මූලික අවධානයක් යොමු කිරීමට අවශ්‍ය බවින් මෙම පියවර ගත් බව ඔහු පැහැදිලි කළේය.

වික්ටෝරියානු සෞඛ්‍ය අංශ වලට සහය වීම සඳහා Ambulance Victoria හි සේවකයින් 200 ක් යෙදවූ බවද ඔහු සඳහන් කළේය.

Telstra, Qantas සහ Jetstar ඇතුළු පෞද්ගලික සමාගම් ගණනාවක් ද උපකාර සඳහා යොදවා ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් 1,000 ක්ද ඉදිරි දින කිහිපයේදී වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට නියමිත බවද ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.

Sinhalese
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now