කොරෝනා වසංගතය නිසා සියලුම ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි, වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයින්ට යම් යම් සංචාරක සීමාවන් හඳුන්වා දී ඇත.
එම සංචාරක සීමාවන් මොනවාදැයි මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ජූලි 07 වන දින සිට නැවත දැනුම් දෙන තෙක් වසා දමා තිබේ.
ඒ අනුව විශේෂ හේතුවක් හෝ අවසර පත්‍රයක් නොමැතිව පසුගිය දින 14 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ රැදී සිටි අයෙකු හට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළුවිය නොහැක.
මෙම තහනමෙන් මිදෙන පුද්ගල ඛාණ්ඩ පහත පරිදි වේ.
- අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලයින් (ඇතුළුවීමේ අවසර පත්‍රය අවශ්‍යය)
- ප්‍රාන්ත සීමාවේ වෙසෙන පුද්ගලයින් (ඇතුළුවීමේ අවසර පත්‍රය අවශ්‍යය. වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවෙන් එපිට අනෙක් පෙදෙස් වල සංචාරය කර ඇත්නම් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය)
- බෝඩිං පාසල් වල හෝ විශ්ව විද්‍යාල සිසුන් (ප්‍රාන්ත බලපත්‍රය අවශ්‍යය)
- සානුකම්පිත හේතු මත සංචාරය කරන්නන් (ඇතුළුවීමේ අවසර පත්‍රය අවශ්‍යය)
මෙහි සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ වෙසෙන ප්‍රජාවන්ට තම සුපුරුදු දෛනික කටයුතු සිදු කරගැනීමට ප්‍රාන්ත අතර අවසරයක් ඇතිව ගමන් කළ හැකිය.
ප්‍රාන්ත සීමා වැසීමට පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටි වික්ටෝරියානු පදිංචිකරුවන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැඳී සිටීමට අවසර ඇත.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
පසුගිය දින 14 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිටි පුද්ගලයෙකු හට පහත සඳහන් එක් හේතුවක් හෝ නොමැතිව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීමට නොහැකිය.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියෙකු වීම (දින 14ක් ස්වයං නිරෝධායනය විය යුතුය)
- අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලයින්
- විශේෂ අවසර ලබාගත් පුද්ගලයින්
විශේෂ අවසර ලබාගැනීමට හැකි පුද්ගල ඛාණ්ඩ පහත පරිදි සඳහන් කර ඇත.
- පාසල් හෝ විශ්ව විද්‍යාල වලට සහභාගී වීම
- වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවූයේ ගුවන් තොටුපොලකින් transit එකකට පමණක් වීම
- නීත්‍යනුකුල ළමාරක්ෂක වගකීමක් සඳහා
- අධිකරණ කටයුත්තකට සහභගී වීමට
- ගෘහස්ත හිංසනය වැනි දිවි හානිවීමේ ක්ෂණික අවදානමකින් බේරීමට
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් ඇතුළුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවන සියලුම පුද්ගලයින් Border Declaration Pass එකක් පිරවීම අනිවාර්ය වේ.
එහිදී අසත්‍ය හෝ ව්‍යාජ තොරතුරු ලබාදෙන අයෙකු වෙතොත් $4,004 ක දඩයකට යටත් විය යුතුය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
අත්‍යවශ්‍ය සංචාරකයින් නොවන්නේ නම් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් වේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසීන් ඇතුළු අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරි වාසීන් වික්ටෝරියා ප්‍රාන්තය හරහා ගමන් කර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවෙයි නම් ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීම සඳහා වන තමන්ගේ සංචාරයට පෙර සියලුම සංචාරකයින් ප්‍රාන්ත තරණය කිරීම සඳහා වන ලියාපදිංචි පෝරමය පිරවීම අනිවාර්ය වේ.
දකුණු ඔස්ට්‍රේලියා - වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවේ වෙසෙන ප්‍රජාවන්ට තම සුපුරුදු දෛනික කටයුතු සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ට ඇතුළු වීමට අවසර ලැබේ.
දකුණු ඔස්ට්‍රේලියා - වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවේ වෙසෙන වික්ටෝරියානු ප්‍රජාවන්ට ප්‍රාන්ත සීමාවේ සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට කිලෝ මීටර් 50 කට එහා ගමන් කිරීම තහනම්ය.

Australian Capital Territory
අවසරයකින් තොරව වික්ටෝරියා ප්‍රාන්තයේ සිට Australian Capital Territory වෙත පැමිණෙන උදවිය නැවත හරවා යැවේ.
Australian Capital Territory වාසීන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ සිට යළි Australian Capital Territory වෙත පැමිණිය හැකි නමුත් ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුය.
තමන් Australian Capital Territory වෙත පැමිණීමට අපේක්ෂා කරන දිනට පැය 48කට පෙර ඇතුළුවීමේ අවසර පත්‍ර සඳහා අයදුම් කළ යුතුය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
Northern Territory
වික්ටෝරියා ප්‍රාන්තයේ සිට Northern Territory වෙත පැමිණෙන සියලුම සංචාරකයින් තමන්ගේ වියදමින් දින 14 ක් Northern Territory රජය නම් කරන ලද ස්ථාන වල නිරෝධායනය විය යුතුය.
නමුත් ජූලි 17 සිට සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වැසියන්ට Northern Territory වෙත සාමාන්‍ය පරිදි ඇතුළු විය හැකිය.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට Northern Territory වෙත පැමිණෙන Northern Territory වාසීන් ද අධීක්ෂණය යටතේ නිරෝධායනය විය යුතුය.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
පසුගිය දින 14 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවූ සහ ප්‍රාන්ත අතර සංචාරය කරන පුද්ගලයින්ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ට විශේෂ අවසරයක් රහිතව ඇතුළු විය නොහැකිය.
වික්ටෝරියානු ප්‍රාන්තයට මෑතකදී ගොස් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ට ඇතුළු වීමට පහත සඳහන් විශේෂ පුද්ගලයින් ගෙන් එක ඛාණ්ඩයක් හෝ විය යුතුය.
- ඇතැම් රාජ්‍ය නිලධාරීන්
- ආරක්ෂක අංශ සාමාජිකයින්
- මධ්‍යම පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයෙකු හෝ ඔහුගේ කාර්යය මණ්ඩලය
- නීතියේ කාර්යයන් ඉටු කරන පුද්ගලයින්
- ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ ඉල්ලීම මත සංචාරය කරන පුද්ගලයින්
- භාණ්ඩ ප්‍රවාහනය හෝ සැපයුම් කටයුතු සඳහා වගකිව යුතු පුද්ගලයින්
ඉහත පුද්ගලයින් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ට ඇතුළු වී 11 වන දිනයේදී COVID-19 පරීක්ෂාව සඳහා අදාළ සායනයකට යා යුතුය.

ටස්මේනියා ප්‍රාන්තය
අත්‍යවශ්‍ය සංචාරකයින් හැර පසුගිය දින 14තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ටස්මේනියා ප්‍රාන්තය වෙත පැමිණෙන උදවිය නැවත හරවා යැවේ.
භාණ්ඩ ප්‍රවාහන, සෞඛ්‍ය සේවකයින් වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන අවසර ලත් පුද්ගලයින් මුව ආවරණ පැළඳිය යුතු අතර ඔවුන්ගේ සේවා ස්ථානයෙන් පිටත ගමන් බිමන් යාම අවම කළ යුතුය.
සානුකම්පිත හේතු මත වික්ටෝරියානු වැසියන්ට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා අවසර ලබා ගැනීමට අයදුම් කළ හැකිය.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට ටස්මේනියා ප්‍රාන්තය වෙත පැමිණෙන ටස්මේනියා ප්‍රාන්ත වාසීන් ප්‍රාන්ත රජය විසින් සපයන ලද ස්ථාන වල නිරෝධායනය විය යුතුය.


