ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 317 ක් හමුවූ බව වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම ප්‍රමාණය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් හෝ දෛනිකව වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසද සඳහන්.

ආසාදිතයින් 317 ක් සහ මරණ 2 ක්
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 317 ක් වාර්තා වීමත් සමග දෛනිකව නොකඩවා ආසාදිතයින් 200 කට වඩා වාර්තා වූ 6 වන දිනය ලෙස එය වාර්තා විය.
එමෙන්ම කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් හෝ දෛනිකව වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසද මෙම අගය සටහන් වන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර 80 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුගිය දා රාත්‍රියේ මියගිය බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (16/07) මධ්‍යහනයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 113ක් ලෙසට ද වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ 29 ක් ලෙසට ද ඉහළ ගොස් ඇත.
ගතවූ පැය 24 තුළ තහවුරු වූ ආසාදිතයින් ගෙන් 28 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති පැතිරීම් හේතුවෙන් වයිරසය ආසාදනය වී ඇති නමුත් සෙසු 289 දෙනා හට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ තවමත් විමර්ශනය කරන බව ද ප්‍රාන්ත අගමැති Andrews පැවසීය.

රෝහල්ගතව සිටින පිරිස ඉහළට
වික්ටෝරියානු ප්‍රාන්තය පුරා මේ වන විට සක්‍රිය මට්ටමේ කොරෝනා ආසාදිතයින් 2,128 ක් සිටින බව වාර්තා වේ.
එයින් 109 ක් රෝහල් ගත කර ඇති අතර එයින් 29 ක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.
අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලද ආසාදිතයින් සංඛ්‍යාව තහවුරු කරගනු ලැබුවේ කොරෝනා පරීක්ෂණ 28,607 කින් බවද ප්‍රාන්ත අගමැති Andrews පැවසුවේය.
එලෙස කොරෝනා පරීක්ෂාවන් සිදු කරගැනීමට ඉදිරියට පැමිණි සියලු දෙනා හට ප්‍රාන්ත අගමැතිවරයා සිය ස්තුතිය මාධ්‍ය හමුවේදී පුද කර සිටියේය.
කොරෝනා වයිරසය පිළිබඳ සළකා බලන කල මෙම සතිය සාමාන්‍ය සතියක් නොවන බවත් මෙම ගෙවී යන ශීත සෘතුව අනෙක් වසර වල ශීත සෘතු වලට වඩා බොහෝ සෙයින් වෙනස් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පෙන්වා දුන්නේය.
"මෙම වසංගතය අවසන් වීමට අපට අවශ්‍ය නිසා මෙය අවසන් යැයි මවාපානවා නම් එයින් සිදුවන්නේ වයිරසය තවත් පැතිරීමත් බොහෝ පිරිස් රෝහල් ගත කිරීමට සිදුවීමත් සහ බොහෝ දෙනෙකු මිය යාමත්ය" යනුවෙන් ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නව කොරෝනා නීති පැනවීම
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වසංගතය පවතින බැරෑරුම් තත්ත්වය හමුවේ නව කොරෝනා නීති පැනවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් ඇතිවී තිබේ.
මෙල්බර්න් නගර සභා 31 කට සහ Mitchell Shire කලාපයට මේ වන විට 3 වන මට්ටමේ කොරෝනා නීති පනවා තිබේ.
සති හයක් පුරාවට මෙලෙස 3 වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති අතර එය දැනට අවසන් වීමට ඇත්තේ අගෝස්තු 19 වන දිනය.
ක්‍රමිකව කොරෝනා වයිරසය වික්ටෝරියානු ප්‍රාන්තයේ ශීග්‍රව පැතිරෙන අයුරු පෙනී යන නිසාවෙන් එම නීති 4 වන මට්ටම දක්වා දැඩි කළ යුතු බව බොහෝ දෙනා යෝජනා කරති.
ඒ පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්ත රජය සලකා බලමින් සිටින නමුත් දැනට නව කොරෝනා නීති පැනවීමක් හෝ 4 වන මට්ටම දක්වා කොරෝනා නීති හා සීමාවන් දැඩි කිරීමක් හෝ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

වැඩිහිටි සුරැකුම් නිවාස වල වයිරසය පැතිරීම
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තය පුරා කොරෝනා වයිරසය පැතිරීම් 160 ක් පිළිබඳව නිරීක්ෂණය කරමින් පසුවන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton පැවසුවේය.
ඒ අතරින් කොරෝනා පොකුරු කිහිපයක් වැඩිහිටි සුරැකුම් නිවාස (Aged care facilities) සමග සම්බන්ධ බවද ඔහු පැවසීය.
Essendon හි Menarock Life වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 31 ක් මේ වන විට වාර්තා වී තිබේ.
එමෙන්ම Fawkner හි St Basil’s වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව අසාදිතයින් 5 ක් ද Werribee හි Glendale Aged Care ආශ්‍රිතව අසාදිතයින් 23 ක් ද විවිධ Estia Health වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව අසාදිතයින් 21 ක් ද වාර්තා වී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton පැවසුවේය.
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වලින් මේ මොහොතේදී කිසිදු නේවාසිකයෙකු මාරු කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට රෝග ලක්ෂණ පෙන්නුම් කළ විගස ඔවුන්ව ස්වයං හුදකලා කිරීමට කාර්යය මණ්ඩල වගබලාගත යුතු බවත් වෛද්‍ය Brett Sutton පැවසීය.


