SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ දින 5 ක lockdown කාලය පෙබරවාරි 17 මැදියම් රැයෙන් අවසන්

Premier Daniel Andrews has announced that Victoria's lockdown restrictions will ease from midnight on Wednesday.
Premier Daniel Andrews has announced that Victoria's lockdown restrictions will ease from midnight on Wednesday. Source: Getty Images AsiaPac

2 min read

Published

Updated

By Jarni Blakkarly, Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම පනවා තිබූ දින 5 ක lockdown කාලය අද (17/02) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.

පසුගිය පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ 40,000 ක් පමණ සිදුකර ඇති නමුත් ඒවායින් එකුදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බවද වාර්තා වේ.

ඒ අනුව මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව තවමත් 19 ම රැදී පවතී.

ඔවුන් සියලු දෙනා හටම ආසාදනය වී ඇත්තේ එක්සත් රාජධානියේ නව Covid-19 ප්‍රභේදය බව තහවුරු වී ඇත.

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම පැනවූ මෙම lockdown කාලය පසුගිය සිකුරාදා (12/02) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ විය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පෙබරවාරි 17 මැදියම් රැයේ සිට බලපැවැත්වෙන කොරෝනා නීති

  • ඕනෑම හේතුවක් මත නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.
  • පාසල් විවෘත කෙරේ.
  • සේවා ස්ථාන වල සේවක ධාරිතාවෙන් 50% ක් දක්වා රාජකාරී වෙත ගෙන්වා ගත හැකිය.
  • නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ.
  • අද (17/02) මැදියම් රැයේ සිට පෙබරවාරි 26 මැදියම් රැය දක්වා නිවසට ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව 5 කට සීමා කෙරේ.
  • ඕනෑම නිවසකින් එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 20 කි.
  • අවන්හල්, ආපන ශාලා වැනි Hospitality ස්ථාන වල අමුත්තන්ට අසුන්ගෙන ආහාර පාන ගත හැකි නමුත් අමුත්තන් 25 කට වැඩි නම් එක් පුද්ගලයෙකු වර්ග මීටර් 2කේ සීමාවකට යටත් නීතිය අදාළ වේ.
  • රෝහල් සහ Aged Care මධ්‍යස්ථාන වෙත අමුත්තන් පැමිණීම එක් නිවසකින් දිනකට එක් අමුත්තෙක් දක්වා සීමා කර තිබේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now