SKIP TO MAIN CONTENT

Pfizer කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාවට ළඟා වෙයි, එන්නත් ලබා දීම ලබන සතියේ සිට ඇරඹේ (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවට පැමිණි Pfizer කොරෝනා එන්නත් මාත්‍රා 142,000 කට අධික සංඛ්‍යාවක් සිඩ්නි නුවර නිමවා තිබෙන විශේෂ අධි ශීතකරණ වල තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත.

Health Minister Greg Hunt speaks to the media during a press conference at Parliament House in Canberra, Monday, February 15, 2021
Health Minister Greg Hunt speaks to the media during a press conference at Parliament House in Canberra, Monday, February 15, 2021 Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS



Skip to article content

ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Pfizer කොරෝනා එන්නතේ පළමු තොගය අද (15/02) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ළඟා විය.

ඒ අනුව එළඹෙන පෙබරවාරි 22 වන දින සිට ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Pfizer කොරෝනා එන්නතේ පළමු තොගය අද (15/02) සිඩ්නි නුවරට ළඟා විය.
  • ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන පෙබරවාරි 22 වන දින සිට ඇරඹේ.
  • මහජන විශ්වාසය නැංවීම සඳහා අගමැති මොරිසන් ද පළමුව එන්නත ලබාගන්නා කණ්ඩායමට එක්ව සිටියි.

පළමු Pfizer එන්නත් තොගය සිඩ්නි නුවරට ගොඩබායි

ඇණවුම් කළ Pfizer කොරෝනා එන්නත් තොගයේ පළමු කොටස අද (15/02) සිඩ්නි නුවරට ළඟාවූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt කැන්බරා නුවරදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.

එසේ පැමිණි එන්නත් මාත්‍රා 142,000 කට අධික සංඛ්‍යාවක් සිඩ්නි නුවර නිමවා තිබෙන විශේෂ අධි ශීතකරණ වල තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

Pfizer කොරෝනා එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක ඍණ 70 උෂ්ණත්වයක බැවින් එම අධි ශීතකරණ වල උෂ්ණත්වය ද සෙල්සියස් අංශක ඍණ 70 වේ පවත්වාගෙන යයි.

එවැනි අධි ශීතකරණ 11 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මැදිහත්වීම මත මේ වන විට නිපදවා තිබේ.

ඉදිරි දින කිහිපය තුළ අදාළ එන්නත් වලට යම් හානියක් සිදුවී ඇත්ද සහ ඒවායේ ගුණාත්මකභාවය තක්සේරු කෙරේ.

පළමු එන්නත් තොගය ලබන්නන්

පැමිණි එන්නත් වලින් 60% ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වෙත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.

එම එන්නත් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල හෝටල් නිරෝධායනයේ යෙදී සිටින සේවකයින් හට මෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට, aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින්ට හා ඒවායේ සේවකයින්ට ලබාදෙනු ඇත.

එන්නත ලබා දීමේදී හෝටල් නිරෝධායනයේ යෙදී සිටින සේවකයින් ඉහළම ප්‍රමුඛතාව ගන්නා පිරිස බව සඳහන්.

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් ගෙන් ඔස්ට්‍රේලියානු සමාජයට අදාළ සේවකයින් හරහා කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන වාහකයා ලෙස ඔවුන් පත්වී සිටීම ඊට හේතුව වේ.


 

SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


 

"අද ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් දිනයක්." යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

මේ අතර aged care මධ්‍යස්ථාන වෙත දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එන්නත් මාත්‍රාවන් 30,000 ක් පමණ තිබේ.

පෙබරවාරි මස අවසන් වන විට ගෙනා එන්නත් වලින් මාත්‍රා 60,000 ක් පමණ ලබා දීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

Minister for Health Greg Hunt.
Minister for Health Greg Hunt. Source: AAP

මහජන විශ්වාසය නංවන්න අගමැති මොරිසන් එන්නත ලබා ගනී

ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත කෙරෙහි විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පළමුව එන්නත ලබාගන්නා කණ්ඩායමට එක්ව සිටියි.

සති 21 ක පරතරයක් සහිතව මෙම කොරෝනා එන්නතේ මාත්‍රා දෙකක් ලබා ගත යුතු වේ.

AstraZeneca මෙල්බර්න් නුවර නිෂ්පාදනය කෙරෙන පළමු මාත්‍රා ද නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ AstraZeneca කොරෝනා එන්නතට ද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය හිමිවනු ඇතැයි ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවන නමුත් සියලු ඔස්ට්‍රේලියානුවාසීන් ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා එය ලබාගැනීම යෝග්‍ය බව මධ්‍යම රජයේ මෙන්ම සෞඛ්‍ය අංශ වලද උපදෙස වේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now